IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමට නීතිපති විරෝධතා ගොනු කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා ගොනු කළ  ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන්   නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද (29)  විරෝධතා ඉදිරිපත් කළේය.
 
 සුදු වෑන් වලින්  පුද්ගලයන්  පැහැරගෙන  කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට   ඉකුත් 13 වැනිදා මහාධිකරණ  තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව  ප්‍රතිශෝධනය  කරන ලෙස ඉල්ලා   හිටපු අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝදන පෙත්සම ගොනු කර තිබිණි.
 
එම ප්‍රතිශෝධන  පෙත්සම අද (29) අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම විරෝධතා ඉදිරිපත් කළේය..
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි සිය විරෝධතා ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළ අතර එදිනට හෝ ඊට පෙර.  ප්‍රතිවිරෝධතා ගොනු කරන්නැයිද ⁣අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
 
 සුදු වෑන් වලින්  පුද්ගලයන්  පැහැරගෙන  කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට   ඉකුත් 13 වැනිදා මහාධිකරණ  තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව 

 ප්‍රතිශෝධනය  කරන ලෙස ඉල්ලා  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
එම සිද්ධිය  සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව   රහස් පොලිසිය විසින්  ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ  සම්බන්ධයෙන්  ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කල අතර ඒ අනුව තමන්ට ඇප ලබා  දෙමින් කොලඹ  මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
 
 එම නියෝගයට  එරෙහිව  නීතිපතිවරයා  ඉදිරිපත්  කල ප්‍රතිශෝධන  පෙත්සම් විභාග කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 13 වැනිදා තමන්ට ඇප ලබා ⁣දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අවලංගු  කළ බවද පෙත්සම්කරු කියා සිටී.
ඇප පනත වැරදි ලෙස  අර්ථ දක්වා  මෙම  මහාධිකරණ  නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන්  එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.
 
නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.
 
පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ. 
 

 



අදහස් (0)

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමට නීතිපති විරෝධතා ගොනු කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 15 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 776 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1432 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1643 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 882 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 824 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site