IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට නව වැටුප් ව්‍යුහයක්

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම තනතුරුවලට මෙතෙක් ගෙවූ ඉහළ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ තනතුරු සඳහා මෙතෙක් සීමාව ඉක්මවා ඉහළ වැටුප් ගෙවා ඇති බව පෙනී ගොස් තිබේ.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම බොහෝ විට දේශපාලන හිතවත්කම් මත සිදු කෙරෙන අතර, එලෙස පත්වූ ඇතැම් නිලධාරීන්ට ඉහළ වැටුප් සහ වෙනත් දීමනා හිමිවී ඇති බව හෙළිවී ඇත.

මෙවැනි ඉහළ වැටුප් ලැබූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  දැනටමත් පියවර ගෙන ඇති අතර, ඒ අනුව ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ වැටුප රුපියල් 2,50,000 දක්වා අඩු කර ඇත.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලත් පුද්ගලයින් පමණක් පත්කිරීමට නව ආණ්ඩුව තීරණය කර ඇති අතර, එම තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇත.
එම කමිටුවේ නිර්දේශය අනුව මේ වන විටත් රාජ්‍ය ආයතන කීපයක ප්‍රධානීන් පත්කරනු ලැබ ඇත.

ඩේලිමිරර්

055

 



අදහස් (3)

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට නව වැටුප් ව්‍යුහයක්

Concerned Citizen Tuesday, 10 December 2019 06:41 PM

විනිසුරුවන් ගැන කුමක් කිව හැකිද ? ඔව්න්ටද පසුගිය රජය විසින් 400% ක දීමනා වැඩි කිරීමක් ලබා දෙන ලදී. සියලුම විනිශ්චයන් ඔවුන්ගේ මනකල්පිතයන්ට ලබා දී ඇති බව සහතික කිරීම සඳහා සමහර ඒවා වෙනත් ප්‍රතිලාභවලට අමතරව මිලියනයකට ආසන්න වේ. ශ්‍රී ලංකාවේ විනිශ්චයකරුවෙකු වීමට ඔබට අවශ්‍ය විශේෂ සුදුසුකම කුමක්ද?

:       1       111

රවින් Wednesday, 11 December 2019 01:02 AM

හෙන්චයියලාට ගාන හොයන්න බැරි උනාහම ඉබේම හැලෙනවා. හැබැයි ඉතින් දේශපාලුවන්ට ගොට්ට අල්ලන්න ඉන්න කට්ටියත් ඒ එක්කම හැලෙනවා. අනේ සාදු !! සාදු !!. වැඩක් කරන්න පුළුවන් දක්ෂයින්ගෙන් ආයතනයක් පාලනය වෙනවානම් පොඩි පුටු නිකම්ම රත්වෙනවා. දැනට තියෙන්නේ ලොකු පුටුවල හෙන්චයියලා ඉන්න හින්දා පොඩි පුටු සිතල වෙලා. වැඩ බැරිනම් ගෙදර යන්න තියරිය තමයි ලංකාවට ඔබින්නේ. නැතිනම් ඉතින් ලංකාව යන්නේ අගාධයට මිස දියුණුවට නොවේ.

:       0       5

Mahee Wednesday, 11 December 2019 06:13 AM

ඉතාම හොඳ තීරණයක්. වැටුප් අඩුවෙන කොට මොවුන් උත්සාහ කරනවා අනිකුත් වරප්‍රසාද වැඩිකරගන්න. ඉන්ධන දීමනා, සංග්‍රහ දීමනා ආදී වශයෙන්. ඒවත් සොයා බලා සාධාරණ මට්ටමකට ගෙනාවොත් මේ වැඩේ හරියටම හරි යයි.

:       0       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 28 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 79 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 55 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 205 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 182 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 605 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site