IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රණසිංහ ප්‍රේමදාස නාමයට කවදාවත් අවමන් කරන්නේ නෑ - සජිත්

තමා කිසිදවසක පාවාදීම් සිදුකර පියාගේ නාමයට අවමන් නොකරන බවත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිවරයා ලෙස පත් කිරීමට සෑම සහයෝගයක්ම ලබාදෙන  බවත් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මතුගමදී පැවසීය.

ඒ මහතා එසේ  පැවසුවේ මතුගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවේදීය.

මතුගම එජාප ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන මහතා විසින් මතුගම ශ්‍රවණාගාරයේ සංවිධානය කල එම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද  හිටපු අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න, අජිත් පීි පෙරේරා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පීඩී අබේරත්න නිශාන්ත වර්ණසිංහ, කිත්සිරි කහටපිටිය යන  මහත්වරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 26 සිට මේ මොහොත වනතුරුත් ජනාධිපතිවරයා විසින් ගන්නා සියලු තීන්දුව තීරණ නීති විරෝධී බවත් ,ඒ සෑම අවස්ථාවකදීම ගත් තීන්දුව මේ වනවිටත් නීතියේ අභියෝගයට ලක්වී පරාද වෙමින් තියෙන බවත් පැවසීය 

තමාට දස වතාවක් අගමැති කම දෙන්න කතා කල බවත් කරූ ජයසූරිය මහතාටද එසේ කතා කරත් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කර බවත් පැවසු ප්‍රේමදාස මහතා මේ නිසා තමාතුල අගමැතිවරයා වීමේ බලාපොරොත්තු නැතැයි කිසිවිටෙකත් නොසිතන ලෙසද වැඩිදුරටත් පැවසීය.



අදහස් (23)

රණසිංහ ප්‍රේමදාස නාමයට කවදාවත් අවමන් කරන්නේ නෑ - සජිත්

අරුන Saturday, 08 December 2018 05:29 PM

කවද්ද ඒ නම කීර්තිමත් ලෙස මෙරට ඉතිහාසයේ තිබුනේ?

:       425       713

BamunuarachchiSunday, 09 December 2018 12:04 PM

අයියෝ අපි අවුරුදු ගානක් ලංකා ඉතිහාසය, අපේ උරුමය, වැනි පොත් කියවලා මේ රට ගැන ඉගෙන ගත කරුණු ඔබවන්නෙකුට වචන පේලි දෙකෙන් කියලා දෙන්නේ කොහොමද? අනික පාසලේ අවුරුදු 5 ඉගෙනගත් ඉතිහාසය ඔබට කියලා දෙන්න අවුරුදු 10ක් වත් යාවි.

:       1       0

BamunuarachchiSunday, 09 December 2018 12:07 PM

කවමදාකවත් තිබුනේ නැත. මල්වට්ටිය අතේ තිබෙනවිටත් මොනවද මිනිස්සු කීවා...

:       1       0

Bamunuarachchi Saturday, 08 December 2018 05:43 PM

ජනාධිපති කියන විදිහට රනිල් තමයි ප්‍රේමදාසට, ජේ.ආර්. ට, ඩඩ්ලිට අවමන් කරලා තිබෙන්නේ... ඉතින් ඔබ රනිල්ව රකිනවා නම් ඔබ ඔබේ පියාට අවමන් කරනවා වෙනවා.

:       60       233

upali Saturday, 08 December 2018 05:57 PM

ආසයි, බයයි...

:       0       116

Bamunuarachchi Saturday, 08 December 2018 11:41 PM

හලෝ ඔබේ පියත් රට පාලනය කලේ කොහොමද කියලා අපිට හොඳට මතකයි.

:       27       204

BamunuarachchiMonday, 10 December 2018 12:55 AM

ඒ නිසානේ මිනිස්සු රතිඥ්ඥා පත්තුකළේ

:       0       0

Bamunuarachchi Sunday, 09 December 2018 12:41 AM

අවමන් කොරන්න දෙයක් ඉතිරි වෙලා නොමැත.

:       167       501

daya Sunday, 09 December 2018 05:54 AM

ආසයි ඒත් බයයි ද?

:       149       366

දිසානායක මුදියන්සේ Sunday, 09 December 2018 06:13 AM

මෙතුමා රටටවත් පක්ෂයටවත් ආදරයක් තියෙන කෙනෙක් නොවෙයි.

:       322       398

sandy123 Sunday, 09 December 2018 07:02 AM

මෙතුමා මහ රජා මෙන් බොර දියේ මාළු බාන්න කැමති නැත.

:       291       100

BamunuarachchiSunday, 09 December 2018 12:10 PM

වළ ඉහගෙනම මාළු ටික බාගන්නයි හදන්නේ....

:       0       0

රන‍ෙ Sunday, 09 December 2018 07:13 AM

රට හදන්න පුළුවන් ඔබට පමණයි..

:       352       35

ShanakaSunday, 09 December 2018 09:16 PM

අද දවසේ විහිළුව.

:       0       0

JNahitha Sunday, 09 December 2018 08:08 AM

ඔහුගේ හිතට එකඟවම ඔහු දන්නවා.. ඔය තනතුරේ තියන බරපතලකම...

:       14       46

BamunuarachchiSunday, 09 December 2018 12:14 PM

කරන්න බැරි බවත් එයාම දන්නවා. කට්ටිය හදන්නේ රට හෙනගැහිලා ගියත් කමක් නැහැ මෙයාව මුදුනා කරලා කලදුටුකල වල ඉහ ගන්න.

:       0       0

athula Sunday, 09 December 2018 09:52 AM

අනේ යන්න. එදා ඕක නිසා අන්තිමේදී පණ බේරගන්න ඇතැම් අය ගියේ ඉන්දියාවට පැනලා ගිහින් ඉතින්.. තව කුමන කතාද?

:       1       32

sili bili Sunday, 09 December 2018 10:03 AM

ඔබතුමා පමණයි අපේ බලාපොරොත්තුව.. ඔබතුමාට ජයවේවා !!!

:       141       6

BamunuarachchiMonday, 10 December 2018 11:55 PM

අපිත් අහලා තිබෙනවා කැහි ගැහැණි දීල හොටු ගැහැණි ගත්තා කියන සිංහල කියමන.

:       0       0

Raveendra Sunday, 09 December 2018 11:50 AM

හා හා... මල්ලියේ ... පරිස්සමින් අපි නොදන්න ඔහෙගේ පියා... හිතන්න එපා මිනිස්සු ඔක්කොම මැරිලා ඉපදිලා ඉන්නේ කියලා හොඳේ...

:       0       0

Nuwan Sunday, 09 December 2018 01:51 PM

අවමන් වෙච්ච කෙනෙක්ගේ තව මොනවා වෙන්නද?

:       9       76

Hafeel Sunday, 09 December 2018 02:36 PM

ඔබ අගමැති ධුරය ගත්තයි කියල කොහොමද පියාගේ නාමයට අවමන් වෙන්නේ? ඇත්තටම ඔබ නායකත්වය ගන්න බයයි. කවදා හෝ ඔබට නායකත්වය ලැබෙනවිට පක්ෂය දියවෙලා ඉවරයි.

:       12       26

Chanak los angeles Monday, 10 December 2018 01:24 AM

අවංකවම කියනවා නම් එම යුගයේ ජපානයට ගිය ගුවන් යානා වල මගීන්ට වඩා වැඩිපුරම ගුවන් ගතවුනේ ජයකොඩි මස්සිනාගේ මල් කියලා අමතක කරන්න මනස ඉඩදෙන්නේ නැත්තේ ඇයි දෙයියනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 17 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 106 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 195 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1733 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 258 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site