IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රංගේ බණ්ඩාරට එරෙහි නඩු විභාගය ඇරැඹේ

තිලිණි ද සිල්වා

නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටින වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට හා ව්‍යාපාරිකයෙකුට එරෙහි   නඩු විභාගය අද (23)  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ආරම්භ විය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ ව්‍යාපාරිකයාට එරෙහිව ඇති අධි චෝදනාව අධිකරණ භාෂා පරිවර්තකවරයා විසින් කියවා දෙනු ලැබීය.

නඩුවේ පළමු හා දෙවන සාක්කිකරුවන්   සාක්කි දීමට උනන්දුවක් නොමැති බව දැනුම් දී ඇති බැවින්  සහ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට නියමිතව   බැවින් සාක්කි විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස   විත්තියේ නීතීඥ සාවිත්‍රි ප්‍රනාන්දු මෙනවිය ඉල්ලා සිටියාය.

පැමිණිල්ලේ සාක්කිකරුවන් දෙදෙනා ඒ බව දිවුරුම් ප්‍රකාශ මඟින් නීතිපතිවරයාට දන්වා ඇති බවත් ,ඒ සම්බන්ධව කරුණු අධ්‍යනය කරමින් පවතින බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කියා සිටියේය. එසේම පැමිණිලිකරුවන්  දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ ස්වේච්ඡාවෙන් ද යන්න ගැන කරුණු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව   විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.



අදහස් (6)

රංගේ බණ්ඩාරට එරෙහි නඩු විභාගය ඇරැඹේ

Hafeel Wednesday, 23 August 2017 01:54 PM

අපොයි හිතුවට වඩා භයානකයි යහපාලනයේ මැති ඇමැතිවරු නම්... මීළඟට අයින් කරන්න හෝ වෙන්න ඉන්නේ මෙතුමාද?

:       0       0

siri Wednesday, 23 August 2017 08:15 PM

හොරා කියලා ආපු යහපාලකයින් තරගෙට හොරකම් කරනවා වගේ.

:       0       0

Chanak Los angeles Wednesday, 23 August 2017 10:09 PM

වංචාවන්ට හසුවී විත්ති කරුවන් වූවන්ට තම රෙකියාව කරගෙන යන්න බලයක් තිබෙන්නේ මෙති ඇමති වරුන්ට පමණද ? සාමාන්‍ය පුද්ගලයෙකු මෙවන් වංචාවක් කලොත් ඔහුට නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නේද ? ප්‍රථමයෙන් දවස් 14 ක් rim රිමාන්ඩ් එකේ තපින්න වෙනවා නේද?ඉන්පසුව නඩුවේ තීන්දුව දෙන තෙක් ඔහුගේ සේවය අත්සිටුවනවා නේද? වංචාවක විත්තිකරුවෙකුට ඔහු නිර්දෝෂී වනතෙක්ම විශේෂයෙන් රාජ්‍ය සේවයක යෙදෙන්න සපුරා තහනම් වෙනවා නේද?. එතකොට මේ දෙසපාලකයෝ පමණක් කොහොමද වංචාවක විත්තිකරුවෙක් ව සිටිමින් පාර්ලිමේන්තු යන්න හෙකි වී තිබෙන්නේ ?නමුත් කියන්නේ නම් නීතිය සෙමට පොදුයි කියලා නේද ?

:       0       0

Chanak Los angeles Wednesday, 23 August 2017 10:12 PM

මෙවෙනි හොරුන්ට මහතා කියා පළකර තිබීම මම තරයේ හෙලා දකිමි.

:       0       0

PA-RA Thursday, 24 August 2017 05:01 AM

කොහොමද පාරිශුද්ධ වූ, උතුම්, මෙතුමා ගේ කතාව... කිව්වේ නම් හොරු කියලා.. බලනකොට කව්ද හොරු.!

:       0       0

බණ්ඩාර(කැකිරාව) Thursday, 24 August 2017 07:38 AM

"අපේ ටොමියත්" අල්ලපු ගෙවල් වලින් හොරකළා. ගොඩක් අමාරුවෙන් බුරනවා. දකින දකින මිනිසුන්ට හපන්න පනිනවා. මම හිතන්නේ ටොමියගේ කාලෙත් හරි වගේ... අපේ ගෙදරින් නම් තවත් බත් කන්න බැරිවෙයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 58 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 254 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 105 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 105 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 103 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 840 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site