IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යුද ජයග්‍රහණය ගැන හිටපු හමුදාපති ෆොන්සේකා පොතක් ලියයි

(ශිරාන් රණසිංහ)

හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  යුද්ධයේ  සියලු තොරතුරු ඇතුළත් කර ග්‍රන්ථයක් ලිවීමට ආරම්භ කර තිබේ.

යුද ජයග්‍රහණය ගැන කියවෙන  මෙම ග්‍රන්ථයට  අදාළව මේ දිනවල  කටු සටහන් තබමින්  සිටින බව  හිටපු  හමුදාපති  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  ඇමැතිවරයා කියා සිටියේය.

අවසන් යුද විජයග්‍රහණයට අදාළව ග්‍රන්ථයක් ලියන්නටත් පිරිසක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර  ඇතැයිද ඊට සහභාගී වී ඇති පිරිස ලියනු ලබන පොත විහිළුවක් වනු ඇතැයිද පැවසීය.

ජනාධිපතිවරයා සමඟ පැවැති  එම සාකච්ඡාව සඳහා තමාට ආරාධනාවක් නොලැබුණු බවද ඇමැති සරත් ෆොන්ස්සේකා  මහතා කියා සිටියේය.

යුද්ධය, යුද ජයග්‍රහණය ,යුද්ධයට තල්ලුවී යෑම ඇතුළු තිස් වසරක කුරිරු  යුද්ධය පිළිබඳ,  සුදුසුම පුද්ගලයා තමා බැවැනි ලබන  වසර අවසානයට පෙර තමා ලියන ලද පොත එළිදැක්වීම අරමුණ වී ඇතැයිද ඒ මහතා පැවසීය. 

 



අදහස් (30)

යුද ජයග්‍රහණය ගැන හිටපු හමුදාපති ෆොන්සේකා පොතක් ලියයි

Thilina Sunday, 19 August 2018 01:22 PM

මෙයා තමන්ව කොච්චර පුම්බගන්න හැදුවත් වැඩක් නැහැ. කට ඇරපු ගමන් ඔක්කොම ඉවරයි.. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න වගේ විරුවන් මීට කලින් යුද්ධය ඉවර කරලා නිවැරදි දේශපාලන නායකත්වය ලබා දුන්නා නම්.. පහුගිය දවස් ටිකේ සිංහරාජ අඩවියේ අලි දෙන්නා අල්ලගන්න බැරි වුනේ විධායක බලය නිසා කියලා තේරුම් ගත්තා නම් මේ පොත ටිකක් හරි මිනිස්සු බලන්න ගනීවි...

:       1077       1879

shantha Sunday, 19 August 2018 01:43 PM

පොත් ලියන්නත් පුළුවන්ද? යුද්දේ ඉවර කලේ කණ්ඩායමක්... හමුදාපතිට කරන්න පුළුවන් නම් මේක ඉවර වෙන්න තිබුනේ ගොඩක් කලින්...

:       431       647

Kumar (Gulf) Sunday, 19 August 2018 06:59 PM

ශාන්ත, මතක නැද්ද ෆොන්සේකා මහත්තයා කීවා තම හමුදාපති කාලය අවසාන වීමට පෙර යුධය අවසන් කරනවා කියලා, ඒ විදිහටම එයා ඒ වැඩේ කළා.

:       1       30

Gihan Sunday, 19 August 2018 02:09 PM

හරිම ෂෝක්... ඔයිට හොඳයි ලංකාවේ ඒකදේශික සත්තු ගැන පොතක් ලිව්වා නම්... කලවැද්ද, ඈයා, වේයා වගේ.

:       734       1074

Harith Sunday, 19 August 2018 02:11 PM

ඒකට නොවරදවාම රනිල්ගේ සටන් විරාම කාලේ ප්‍රභාකරන් මහත්තයත් එක්ක ගත්තු ෆොටෝ ටිකත් දාන්න හොඳේ...

:       522       1008

sena Sunday, 19 August 2018 02:18 PM

පැත්තක හිටපු කට්ටිය පොත් ලියලා අනුන්ට අයිති ලකුණු දාගන්න පුළුවන් නම් මෙයාට පොත් ලියන්න කොහොමත් අයිතියක් තියෙනවා. කොහොම නමුත් ඇත්ත ඇති සැටියෙන් ලියයි කියා හිතනවා.

:       1321       655

nishanthaSunday, 19 August 2018 03:30 PM

හරියටම හරි. ඇත්ත කතා කරන්න පුළුවන් ගතියට ස්තුතියි...

:       165       248

BamunuarachchiSunday, 19 August 2018 04:02 PM

මහින්ද බලයටපත් නොවන්න රනිල්ගේ, ප්‍රේමදාසගේ, චන්ද්‍රිකාගේ කාලයේ මෙයා කව්ද කියාවත් ඔබ න්නවාද? කොම්පියුටරයේ අකුරු ටිකක් කොටන්න පුළුවන් උනපලියට අදහස් දාන්න එපා

:       1356       1214

BamunuarachchiSunday, 19 August 2018 04:12 PM

මෙයාව හමුදාපති කලේ කව්ද? මහින්දට කලින් සිටිය නායකයින්ට යුද්දය දිනා බැරි වුනේ ඇයි කියා දන්නා කෙනෙක් පැහැදිලි කරනවානම් හුදී ජනයාගේ දැනගැනීම පිණිස.

:       0       0

සමන්ත Monday, 20 August 2018 04:12 PM

මේවට අපි උත්තර දෙන්න යන්න වැඩකුත් නැහැ. එත් සමහරු තමන් නොදන්නා දේවල් දන්නා බව පෙන්නලා ඇත්ත නැත්ත කරන්න හදන කොට කරබාගෙන ඉන්නත් බැහැ. එහෙනම් අහගන්න. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අවසාන කාලේ LTTE එක ගහගෙන ගහගෙන යාපනේ කිට්ටුවටම ආවා. ඒ වෙලාවේ කරකියාගන්න දෙයක් නැතුව හිටපු ආණ්ඩුව මේජර් ජෙනාරාල් ජානක පෙරේරාට කතා කළා බේරගන්න කියලා. ජානක පෙරේරා ඒ වැඩේට සරත් ෆොන්සේකාට අඬ ගැහුවා. සරත් ෆොන්සේකා ඒ වෙනතෙක් දාලා හිටියේ හමුදා මුලස්ථානයට. එකෙන් බේරා ගත්තම ආණ්ඩුව පෙරලුනා 2002. පසුව එජාප එක බලයට පත්වුනා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔහුගේ හැකියාව හඳුනාගෙන හිටියා. ඒ නිසා 2002 දී ඔහු යාපනේ ආඥාපති කරලා උතුර ඔහුට බාර දුන්නා. එහෙම නැතුව මහින්දවත්, ගෝඨාබය වත් ඔහුව පත් කලේ නෑ. මම බොරු කියනවා නම් ඒ බවට ඔබට අභියෝග කල හැකියි. එහෙත් නොදන්නා බොරු කියලා පාඨකයන් නොමග යවන්න එපා.

:       0       34

BamunuarachchiMonday, 20 August 2018 05:27 PM

සමන්ත මම කරුණු ඉගෙනගත්තේ දේශපාලන වේදිකාවල අහලා නොවෙයි. ඒ නිසයි ලැම්බෝගිනි කතා විස්වාස නොකළේ. වේදිකාවල කතා කරන්නේ ඕගොල්ලන්ට අපිව අන්දන්න ඒගොල්ලන්ට බැරිය.

:       15       0

BamunuarachchiMonday, 20 August 2018 05:29 PM

මෙයාව හමුදාපති කලේ කව්ද කියන ප්‍රශ්නයට ඔබ උත්තර දීලා නැත.

:       1       0

සමන්ත Monday, 20 August 2018 07:57 PM

රාජපක්ෂලා ඔහු හමුදාපති කළ බව සැබෑවක්. එත් එසේ නොකර සිටිය හැකිව තිබුණා නම් එකත් ඔවුන් නොකර සිටිය හැකිව තිබු බව ඔබට උවමනා නම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ ගෙන් අසා දැනගත හැකියි. අපි ඔය කියන හැමතනම් ඉඳලයි මේ කතා කරන්නේ. නොදැන හෙම නොවෙන බව ඔබ මතක තබා ගත යුතුයි.

:       0       0

BamunuarachchiTuesday, 21 August 2018 12:32 AM

සමන්ත ඔබ උත්තර දෙන්නත් එපා. මොකද මම සම්බන්දව බොහොම කියවා තිබෙනවා. කියවීම නියම මිනිසෙකු සම්රපූර්ණ කෙරේ යන කියනමන අහලා තිබෙනවානේ. එමනිසා වේදිකාවල කියන පල්හෑලි වලට සවන් පක්ෂග්‍රාහි නොවන සිතකින් මේ සම්බන්ද ලිපිලේෙඛන කියවන්න.

:       0       0

BamunuarachchiTuesday, 21 August 2018 01:43 AM

කිසිම පදනමක් නැති ගොන් කතා කියන්න එපාහලෝ!

:       0       0

BamunuarachchiTuesday, 21 August 2018 01:53 AM

රාජපක්ෂලා ඔහු හමුදාපති කල බව සැබෑවක් නම් වෙන පල්හෑලි වලින් වැඩක් නැත. දැන් එයා හමුදාපති කාලයේ රාජපක්ෂලා ගැන කීවදෙත් කියවන්න. රනිල්ලා මෙයාව ගැලවීමේ හමුදාවට හොඳයි කීවේ ඇයි කියාත් කියන්න. වැදගත් ලිපි කියවා මොලේ සුද්දකරගන්න

:       0       0

සේනක Sunday, 19 August 2018 07:50 PM

අවුරුදු තිහක් විතර තිබුණ කුරිරු යුද්ධය නිමා කරලා, ඒ ලබාපු යුද ජයග්‍රහණය ගැන තමාගේ හාමුදා ජිවිතයේ අද්දැකිම් එක්ක පොතක් ලියනවනම් අපිත් අගය කරනවා. ඒක අපේ රටේ අනාගත තරුණයින්ටත් වටිනාකමක් තියෙයි. නමුත් හමුදාපතිතුමණි, ඒ ලියන පොතෙන් අපේ රටේ රණවිරුවන්ට, රටට ජාතියට,හිටපු රාජ්‍යය නායකයින්ට හානියක් නොවිය යුතුයි කියලා තමයි මම කියන්නේ.

:       0       0

Kumara Sunday, 19 August 2018 02:25 PM

මෙතන කමෙන්ට් කරපු තුන්දෙනාම ද්වේශයෙන් ඉන්නේ. යුද්දෙ ගැන ලියන්න යුද්ධය මෙහෙයවපු, නායකත්වය දීපු එතුමාට අයිතියක් තියෙනවා.එයා කරපු සේවය අවතක්සේරු කරන්න එපා. මාර්ටින් වික්‍රමසිංහ පොත් ලිව්වේ උපාධි ගහලා නෙවෙයි.

:       1478       1194

RNG Sunday, 19 August 2018 03:49 PM

එයා විතරද ඉතින් යුද්ධයට නායකත්වය දුන්නේ..? ත්‍රිවිධ හමුදාවක් යුද්ධය ඉවර කරන්න දායකත්වය දුන්නානේ.. එහෙනම් ඉතින් අනිත් හමුදාපතිවරුන්ටත් මේ වගේ කැක්කුමක් තියෙන්නෙ එපැයි.. අර තිළිණ කියලා තිබුණා වගේ මෙයා තමන් විසින්ම තමන් පුම්බාගෙන ඉන්නේ.. හැබැයි කට ඇරිය ගමන් සේරම ඉවරයි..

:       1107       1245

BamunuarachchiSunday, 19 August 2018 11:55 PM

මාර්ටින් වික්‍රමසිංහ මහතා උපාධි ගහල නොවුනාට එතුමාට සිංහල භාෂාව ගැන දැනීමක් සහ සිංහල භාෂාව හැසිරවීමේ සහජ දක්ෂතාවයක් තිබුන. පොත්වල කිසිම තැනක මිනිසුන්ට කලවැද්දා කියා තිබුනේ නැත.

:       1       125

BamunuarachchiMonday, 20 August 2018 01:17 AM

"මාර්ටින් වික්‍රමසිංහ පොත් ලිව්වේ උපාධි ගහලා නෙවෙයි." ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ මහතා යුද්ද කොරන්න දන්නේද නැත. සිංහල කතාවක් තිබෙනවා "නොදන්නා දෙමළෙට ගිහිල්ලා වරිගේ නහ ගත්තා" කියල. මෙයා ජනාදිපති උනොත් අපිට වෙන්නෙත් ඒ ටික තමයි

:       0       69

Janu Sunday, 19 August 2018 03:03 PM

මෙච්චර කල් පොත පෙරලලා දැන්ද පොත් ලියන්න මතක් වුනේ?

:       103       321

Hafeel Sunday, 19 August 2018 03:24 PM

මේක ලියන්න තිබුණා එදාම. දැන් ඉතින් කල්ගිහිල්ලා. මහින්ද වගේ වෙන්නේ නැතුව විශ්‍රාම යනඑක ඔබතුමාට හොඳයි.

:       109       139

ධම්ම Sunday, 19 August 2018 03:42 PM

පමා වැඩියි වගේ. යුද්දේ ගැන ඔබ කතා නොකර හිටියොත් ඔබට ජනතාවගේ ඉතිරි වී ඇති ගෞරවය රැකගන්න පුළුවන් වේවි.

:       1       283

Chanak Los angeles Sunday, 19 August 2018 03:55 PM

පළමු පොත අර ලේකම්ට පිළිගන්වන්න ..

:       77       57

BamunuarachchiTuesday, 21 August 2018 12:42 AM

මොකක්දෝ හේතුවකට ඔබට දෙන උත්තර පලවෙන්නේ නැත ඉතිං මාද්‍යවේදීන් වෙනුවෙන් අපි මොකටද කතා කොරන්නේ.

:       0       0

අනුර Monday, 20 August 2018 07:09 AM

ඔබ මම යුධ ජයග්‍රහණයට වෙනුවෙන් ගරු කරමි.

:       1       0

Anura Monday, 20 August 2018 07:55 AM

එතකොට කලින් යුද්දය ගැන පොත් ලියපු අයත් ග්‍රන්ථ කතුවරුද

:       1       0

ලකිත් ශ්‍යාමන් Monday, 20 August 2018 08:19 AM

යුද්දෙට බයේ ඇමරිකාවට වෙලා හිටපු ඈයෝ ඇවිත් ඒ සී කාමර වල ඉදන් කරපු අර වෝ මේ වෝ කියලා ලියා ගත්තානම්, යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම ඒ සමග බද්ධවී සිටි මෙතුමාට පොත් 1000 ක් ලියන්න කරුණු වගේම අයිතියත් තියෙනවා. මෙතන ගොඩක් අය කුහක කමින් ද්වේෂයෙන් දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇත්තටම ඇතිවෙන්නේ පිලිකුලක්.

:       1       129

Bamunuarachchi Tuesday, 21 August 2018 12:35 AM

අයි.එස්.ජී.ඒ හෙවත් අන්තර් ස්වයං පාලනය ගැන අන්තර් ජාලයේ කියවන්න. කියවීම ඔබව නියම මිනිසෙකු කරාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 8 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 706 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1301 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1497 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 830 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 779 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site