IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මේ වසරේ නව නීති රැසක් ගේනවා - අගමැති

(ඩේලි මිරර් ඇසුරිනි - 125)
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ,ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.  

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 43 වැනි සම්මේලනය හා එම සංගමයේ නව සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම සඳහා ඊයේ (25) කොළඹ කිංස්බරි හෝටලයේ පැවති උත්සවයකදීය.
අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය. 
ලංකාවේ තිබෙන වෙළඳපොළ ආර්ථිකය නවීකරණ කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා මෙරට නීතී පද්ධතියත් නවීකරණය කළ යුතුයි.ඒ අනුව මේ වසරේදී අපි නව නීති ගණනාවක්ම ගේනවා.විශේෂයෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ පනත ,පිටරට බාල භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමේ පනත , ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වන නව ඉඩම් පනත මේ නීති අතර වෙනවා.
මේ අතරේ නව දේශීය ආදායම් පනත ලබන මැයි හෝ ජූනි මාසයේදී ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.මෙම නව නීති ගෙන ඒම සඳහා සහාය ලබා දෙන මෙන් මම  නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා‘ යයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 



අදහස් (11)

මේ වසරේ නව නීති රැසක් ගේනවා - අගමැති

siri Sunday, 26 March 2017 08:23 PM

"ගොනා හැරෙන කොට දන්නවා තැබිලි පලේටයි කියල" බලමු ඕක කව සතුටු කරන්නද කියල.ත්‍රස්තවාදය තුරන් කරපු රටේ තව මොන නීතිද? තියෙන නීතිය ඉහටත් උඩින්.ඔය දඟලන්න හදන්නේ ඉතිරි රණවිරුවෝ ටිකටත් කෙලවන්නයි.දැනට කරන එවයි,2002 දී කරපුවයි මටනම් හොඳට මතකයි.

:       92       517

lalith Sunday, 26 March 2017 11:14 PM

නැතුව නැතුව මොනවා කරලා හරි මුන්ගේ කටවල් වහන්න වෙනවනේ. නැතිනම් කොහොමද මෙව්වා කරන්නේ?

:       45       90

Ananda Monday, 27 March 2017 01:07 AM

වොක්ස්වැගන් ගේනවා කියලා ජනතාව අන්දපු අයට දඬුවම් කරන්නත් නීතියක් ගෙනෙන්න ගරු අගමැතිතුමනි

:       11       205

සහන් Monday, 27 March 2017 01:41 AM

මහා බැංකුවේ හොරු බේරාගන්ඩ නීති අමතක කරන්ඩ එපා... ඔය 'පිටරට බාල භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමේ පනත' ට අර්ජුන් මහේන්ද්‍රන් අයිතිද? මෙයාම බාල භාණ්ඩ ගෙනත් අපිට කෙලවලා, දැන් අපිට නීතිදානවා.

:       7       220

theshan Monday, 27 March 2017 02:42 AM

ඔය නීති අතරට මරණ දඬුවමත් ගෙනාවොත් නරකද ?

:       0       15

Senarath Monday, 27 March 2017 03:17 AM

තියෙන නිතිය ක්‍රියාත්මක කොර ගන්න බැරි ආණ්ඩුවට තව අලුත් නීති ගෙනත් මොනවා කරන්නද ? මේක නිකම්ම අවුරුදු 5 ගෙවන්න කරන කපටිකමක්

:       17       59

Shan Monday, 27 March 2017 06:14 AM

දේශපාලක වගේ ඉඳගෙන රටේ සල්ලි හොරකම් කරන ඒවා නවත්තන්න නීති ගේන්න. බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න.

:       0       65

Perera Monday, 27 March 2017 06:14 AM

මේක කිසි වැඩක් නැති ආණ්ඩුවක්

:       0       123

madhu Monday, 27 March 2017 06:24 AM

ඔය නීති සාමාන්‍ය ජනතාවට විතරක් නොදා අපේ බදු මුදලෙන් යැපෙන උදවියටත් පැනෙව්වා තමයි වටින්නේ.

:       0       5

sarath Monday, 27 March 2017 08:59 AM

නීති ගෙනාවට වැඩක් නැහැ ඒවා ක්‍රියාත්මක වෙන්නේ දේශපාලකයන්ට ඕන විදිහට නම් අර ව්‍යායාම මං තීරුව කඩපු අයත් තමන්ගේ වාහනෙන් අනතුරට පත් වුන යතුරු පැදිකරුටත් රටේ මුදල් කාල දැම්ම බැදුම්කර වංචාවට අහු වුන අයටත් කෝටි විසි ගණනක් නිකම් පුද්ගලික ගොඩනැගිල්ලකට වියදම් කරපු ලේකම්ලටත් නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ මොකද ?

:       0       0

lalithsjm Monday, 27 March 2017 10:11 AM

බටලන්ද වධකාගාර ගෝනි බිල්ලා සෙල්ලම සුදු වැන් සංස්කෘතිය නීති ගත කරමු ආයුබෝවන්ඩ

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 47 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 47 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 698 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 639 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 301 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site