IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මීතොටමුල්ලට කුණු දැමීම නවතයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මින් පසු කොළඹ නගරයේ කැළිකසල කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයට බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව මීතොටමුල්ල කුණු ඉදිරියේදී බැහැර නොකරන බවද එම මහ නගර සභාව  අධිකරණයට දැනුම් දී තිබිණි.

මීතොටමුල්ල ප‍්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහනගර සභාව සිය නීතීඥවරයා මාර්ගයෙන් මේ බව අධිකරණයට දැන්වීය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් හමුවේ කැඳවිණි

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ දීරඝ කාලයක සිට නිසි ක‍්‍රමවේදයකින් තොරව කුණු බැහැර කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් අපේ‍්‍රල් මාසයේදී එම කුණු කන්දෙහි කොටසක් නාය යෑමෙන් පුද්ගලයින් 42 දෙනෙකු මරණයට පත්වූ බව එම පුද්ගලයින්ගේ මරණ සහතික පත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් කියා සිටියේය.



අදහස් (1)

මීතොටමුල්ලට කුණු දැමීම නවතයි

රූපසිංහ Friday, 23 June 2017 01:29 PM

කුණු ගොඩකට යටවී මියයන මිනිස්සු ඉන්න රටක්.......තම රටේ අපද්‍රව්‍ය ටිකවත් කළමනාකරණය කරගන්න බැරි රටක් බවට පත්වෙලා. තව මොන දියුණුවක්ද රටේ....? දිනෙන් දිනම අගාධයටයි යන්නේ. කොහොමද මෙහෙම බලා ඉන්නේ?

:       0       103

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 17 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 786 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1448 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1656 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 887 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 830 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site