IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එපා

(අජන්ත කුමාර අගලකඩ)

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර  අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයාට අද (31) පස්වරුවේ දුරකතනය මගින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පලකර තිබුණද  ගිය අගහරුවාදා (29) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුන්ද අද පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ගැනද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබිණි.

කෝපරේෂන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් තිදෙනා සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගිවිසුමේ ජනාධිපතිවරයාට පෙර කිසිම හේතුවක් මත අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මංගල සමරවීර ඇමැතිවරයාට දැනුම් දී ඇත.



අදහස් (50)

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එපා

Ajith Matara gamage Thursday, 31 October 2019 04:53 PM

ඔබගේ ධුරකාලයේ අවසාන දිනකීපයේදී හෝ දේශහිතෛශී නිවැරදි තීරණයක් ගැනීම පිළිබඳ ජාතියේ ප්‍රණාමය...

:       1043       1116

Chanak los angelesSaturday, 02 November 2019 04:27 AM

හලෝ... ලෝකයේ දියුණු රටවල් පවා අවස්ථාව අනුව අන්රටවලින් උදව් ආධාර උපදෙස් ගන්නවා.. හිතන්න එපා හැම එකක්ම සාටකයන් විසින් කොලේ වහලා කළ විදියේ ගිවිසුම් කියලා... ඔය වංශලා, ගමයලා කට තියෙන පලියට කියෙව්වාට ඇමරිකාවට ලංකාව අල්ලනවාට වඩා වැඩ තිබෙනවා කරන්න. යහපාලට ඔය ගිවිසුම සිංහලයට පරිවර්තනය කර කියවන්න දෙන්න. පුදුම දෙය නම් මේ ගිවිසුම්වලට විරුද්ධ වුනේ සාටක ආණ්ඩුවෙන් ලංකාවට ගොඩ එන්නම බැරි වෙන්න හොර ගිවිසුම් ගසා කොමිස් මුදල් කමින් ඉපදෙන්න ඉන්න දරුවන්වන්ටත් වගකියන්න වෙන විදියේ විදේශ ණය ගත් හොරුන්ම වීමයි..

:       688       488

Ruwan Sunday, 03 November 2019 05:31 AM

ඔයා පිටරට පදිංචි නිසා ඔයාට ඕවා තේරෙන්නේ නෑ.

:       1       68

Nandalal DE SILVA - France Thursday, 31 October 2019 06:23 PM

මේ තුන් කට්ටුව එම ගිවිසුමේ තිබෙන ඵල ප්‍රයෝජන ගැන කිසිම දැනුමක්වත්, අඩුම වශයෙන් එහි අන්තර්ගත දේවල් කියවා තිබේදැයි ප්‍රශ්න කිරීමට අපට අයිතියක් තිබේ. ඒ අතරම මේ කණ්ඩායම ජනාධිපතිවරයාට ගතු කියා එම ගිවිසුම අත්සන් කිරීම කල්දැමීම සිරිසේන ලැබූ පරාජයක් ලෙසද සැලකිය හැක. රට පාලනය කරන්නේ ජනාධිපති ඇතුළු රජයක්ද, නිකම්ම නිකම් මන්ත්‍රීවරු තිදෙනක්ද කියාත් ජනපතිගෙන් විමසිය යුතුය.

:       1119       926

IndikaFriday, 01 November 2019 10:34 AM

අන්තර්ගත දේ දැනගන්න ඕන නිසා තමයි අත්සන් කරන්න එපා කියන්නේ. අඩුම ගානේ පාර්ලිමේන්තුවටවත් පෙන්නන්නේ නැතුවයි අත්සන් කරන්න යන්නේ. ඇයි මේ හොරෙන් කරන්නේ ?

:       432       1019

විජිත් Thursday, 31 October 2019 06:33 PM

අපි බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා... මේ කිසිම කෙනෙක්ව විශ්වාස කිරීමට තරම් සුදුසු අය නොවෙයි. එකිනෙකාගේ පිට කසා ගන්න අයයි ඉන්නේ. හරියට හොරු ඇල්ලුවා වගෙයි. පණ නැති ජනාධිපති කෙනෙක් වුණාම ඔහොම තමයි. මේ ගිවිසුම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි එකක්. ඒ බව දැන් නීතිවේදීන් කතාවෙනවා. මොනවා කරලා හරි ඔය "පාවාදෙන ගිවිසුම" අත්සන් කළොත්... එදා ඉඳලා අපේ රට ලේ විලක් වෙන්නට පුළුවනි. මහ ජනතාව මීට විරුද්ධව පාරට බසිවි. එ්ත් එදාට හමුදාව පොලිසිය මහාජනතාවගේ පැත්ත ගනීවි. මොකද ඒ අය ඉන්නේ රට ආරක්ෂා කරන්නයි." යැන්කියා "ආසියාවෙන් අමතක නොවන පාඩමක් මේ ගිවිසුම අත්සන් කළොත් ඉගෙන ගන්නවා.

:       787       625

Rasika Thursday, 31 October 2019 07:06 PM

රට පාවාදීමේ අන්තිම කොටසත් කළා. අපිට වෙන්නේ හයිටි වලට උන දේ. නැත්නම් ඉරාකෙට, ලිබියාවට උන දේ. ඇමෙරිකාවට ඕනේ කොහොමහරි මේක අත්සන් කරන්නෙ. ලංකාවට ආදරේ කරනවානම් අවුරුදු හතරම ඇමෙරිකාවෙන් කිසිම ආයෝජනයක් ලංකාවට ආවද ? ආර්ථික වර්ධන වේගය 8 ට වැඩියෙන් තිබුණේ 2015 දී. දැන් 3.5 යි. මේකෙන් වෙන්නේ ලංකාවට කවදාවත් නැගිටින්න බැරිවෙනවා මේ ගිවිසුම නිසා. ඉන්දියාව එක්ක ගහපු ඉන්දු ලංකා ගිවිසුම නිසා අපි තාම දුක්විදිනවා. දැන් මේ ගිවිසුමෙන් වෙන්නේ තවත් පරම්පරා ගණනාවක් දුක් විදින රටක් බිහිවීමයි.

:       1006       638

sunil perera Thursday, 31 October 2019 07:09 PM

මේවා ගේ අමන ලියකියවිලි අත්සන් කරන්ට යන කැබිනට් දරුවන්ටත් විශ්ව විද්‍යාල දරුවන්ට ලෙස සැලකීම වරදක් ලෙසට මා නොදකිමි.

:       145       80

sudath Thursday, 31 October 2019 07:21 PM

ඕව් එකක් කියලා යටින් තව එකක් කරනවා. දැනටමත් අත්සන් කරලද කවුද දන්නේ ?

:       618       490

රජින්ද Thursday, 31 October 2019 07:26 PM

මොනතරම් භයානක ගිවිසුමක් වෙන්න ඇතිද මේ ගිවිසුම? ඒත් මංගල සහ රනිල් අනිවාර්යෙන්ම ඕක අත්සන් කරනවා. මොවුන් යන්නෙත් මේ රටට කරන්න පුළුවන් උපරිම විනාශය කරලයි. යන මේ යක්කු කොරහත් බිදගෙන යාවි. මේ පාවාදීම් වල සරල යතාර්ථයවත් තේරුම් ගන්න බැරි ඇතැමුන් තවමත් එජාප ආණ්ඩුව හොඳයි කියනවා. මේකයි මේ රටේ එකම කරුමය. බැරිවෙලාවත් මේ ගිවිසුම අත්සන් කළොත් එය අත්සන් කළ අයව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. රටේ වැදගත් මැතිවරණයක් පැවැත්වෙන කාලසීමාවේදී ගිවිසුම් ගහන්න මොවුන්ට මොන බලයක්ද? අනිවාර්යෙන්ම එය නීතිවිරෝධියි.

:       1635       1195

athulaFriday, 01 November 2019 04:48 PM

ලැජ්ජා නැති පාවාදෙන්නන්ට දියයුතු දඬුවම රටේ ජනතාව මහා පාරෙදීම දේවි. මේ පක්ෂ දෙකටම ඡන්දය දෙන්න එපා.මේ දෙගොල්ලොම එකතුවෙලා තමයි මේ වැඩේ කරන්නේ.

:       143       153

samithaFriday, 01 November 2019 07:13 PM

සහතික ඇත්ත. මේ දෙගොල්ලොම පට්ට හොරු. ඔබේ ඡන්දය ජවිපෙට හරි විකල්ප සංවිධානයට දෙන්න. ඒක රටට කරන සේවයක්...!!!

:       42       57

Pradanna Thursday, 31 October 2019 08:55 PM

මේ ඉතාම හොඳ තීරණයක්. නමුත් ජනාධිපතිතුමා නොදැනීම මේක තියෙන ඉඩ වැඩියි. මොකද ආණ්ඩුව මේකට හිරවෙලා ඉන්නේ. ජනපතිවරනේ මෙහෙයවන්න, දිනන්න පොරොන්දුවෙලා ඉවරයි. දැන් අශ්වයා පැනලා ගිහිල්ලා ඉවරයි මගෙ හිතේ... මේක මම මීට ඉහතදීත් කිව්වා. මේ සල්ලි බලාගෙන, මේ ගොල්ලෝ විදේශ සංචිත දියකරලා ඇරපු හැටි, ඩොලර් රේට් එක බේරගන්න. මහබැංකුව කියන්නේ යූඑන්පී/ ශ්‍රී ලංකා හැටියට දෙකට බෙදෙන තැනක්. ස්වාධීන ආයතනයක් නොවේ. අර කැම්පස් ලෙක්චර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක්.., එන විදියට කුලියට ලියනවා වගේ... වෙන එකක් තියා, කෙන්යාවත් දන්නවා අපේ ණය උගුල ගැන අපේ උගත්තුන්ට වැඩිය. කෙන්යාවත් ලංකාවක් කරන්නද හදන්නේ කියලා, එක ඇමැති කෙන‍ෙක් කියලා තිබුණා ලඟදී, ණය ගැන කතාවකදී... විලි ලැජ්ජාවේ පණ යනවා, දැන් චීනෙත් එනවලු අපිව ණය උගුලෙන් බේරගන්න. අපිව අප්‍රිකානු මෝඩයින්ටත් වඩා අන්ත ගාණට දාලයි තියෙන්නේ...

:       323       101

සමන් ඔස්ට්‍රලියා Thursday, 31 October 2019 10:01 PM

ඉතින් දැන් ඔබතුමාට කොළඹ කුරුඳුවත්තේ ගෙයක් සින්නකර ලියලා දුන්නේ අපිට සහයෝගය දෙනවා කියලා පොරොන්දු වුණු නිසානේ නේද?

:       0       139

Ratne Thursday, 31 October 2019 11:19 PM

දු.ක. ඇමතුමක් දීමට වඩා හොඳයි ජනපතිවරණයට පෙර අත්සන් නොකරන ලෙසට එය ලිඛිතව අගමැති, මුදල් ඇමතිට මෙන්ම ඇමරිකා තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන්නේ නම්.....එවිට හොර රහසේ හෝ ඕනෑම ගිවිසුමක් අත්සන් කර තිබුණහොත් හෝ එයට විරුද්ධව යම් නීතිමය පියවරක් ගැනීමට ද හැකි වනු ඇත. කැබිනට් අනුමැතිය ලැබුනු දිනම එය අත්සන් කර ඇති බවට ප්‍රකාශ වුනොත් පුදුම වෙන්නත් එපා.

:       167       174

මුණසිංහ Friday, 01 November 2019 01:27 AM

යූ.එන්.පී රජයකට මේ තරම් රට පාවා දීමේ අවශ්‍යතාවයක් ඇත්තේ ඇයි දැයි හිතාගන්නවත් බැහැ. හිතන්න තියෙන්නේ එකම දෙයයි. මේ ගහන ගිවිසුම් වලින් ලැබෙන ආදායමක් මේ ගිවිසුම්කාරයන්ගේ සාක්කුවට එනවා එච්චරයි. මේ තරම් බෙරිහන් දෙන සජිතුත් මේකට අත උස්සලා-රෑ දනියෙල්-දවල් මිගෙල්. සජිත්ගෙ නියම චරිතෙ එතන තියෙන්නේ.

:       1124       1280

desi archchi Friday, 01 November 2019 01:56 AM

චීනය එක්ක ගහන ඒවා හොඳද? ඒ අය වෙළෙන්දෝ මිසක් ආයෝජකයන් නොවේ...

:       337       265

anuraSaturday, 02 November 2019 04:04 AM

ඒ වගේම ආක්‍රමණිකයෝත් නොවෙයි.

:       7       52

Sanka Friday, 01 November 2019 01:59 AM

පොහොට්ටුව මේ වෙනකොට කියලා තියෙනවා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට අත්සන් කරන බව. ඉතින් මේ වෙලාවේ අත්සන් කරන්න එපා කියන එකෙන් පොහොට්ටුවට කත් අදින බව ජනතාවට හොදට තේරෙනවා. නිර්පාක්ෂික බව විහිලු කතාවක්.

:       553       937

lankaFriday, 01 November 2019 08:37 AM

නවගමුව, එක්තරා බීම නිෂ්පාදනාගාරයට පාතාලයේ ඌරුජුවාගේ බලපෑමෙන් ධාවනයට යෙදූ ​ලොරි දෙකක් පොලිසියේ මැදිහත්වීමෙන් ඉවත් කළ පසු එහි සේවකයින්ට යළිත් සේවයට නොඑන ලෙස පාතාල කණ්ඩායම් තර්ජනය කිරීමට පටන් ගෙන ඇත.

:       2       28

ශිරෝ Friday, 01 November 2019 03:45 AM

මහජන කථිකාවක් ඇති නොකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර, වියතුන්ගේ අදහස් නොවිමසා කඩි මුඩියේ අත්සන් කරන්න හදන ගිවිසුම භයානක මෙන්ම රටේ ඉරණම තීරණය කරන සංදිස්ථානයක් වන්නට පුලුවන්. සම්පූර්ණ ගිවිසුම මහජනතාවගේ දැන ගැනීම උදෙසා මාධ්‍යයට මුදාහැරිය යුතුය. සියලු බේද ඇතහැර රට වෙනුවෙන් එක්ව නැගී සිටිමු.

:       479       1370

kamalFriday, 01 November 2019 08:26 AM

ඡන්දෙන් පස්සේ අපේ ගෝඨාභය මැතිතුමා ඒක අත්සන් කරයි...

:       317       288

sirisena Friday, 01 November 2019 04:54 AM

ඇමෙරිකන් භිතිකා රෝගීන්.

:       1036       1015

nayanaFriday, 01 November 2019 07:38 AM

ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි. මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.

:       587       367

DeshanSaturday, 02 November 2019 06:38 AM

මෝඩ කතා නොකියා මේ පත්තරේ තව පහළින් ඇති මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කියවන්න.

:       0       162

Bandula Kendaragama Friday, 01 November 2019 05:54 AM

මොකක්ද මේකේ තේරුම? ඔබ කියන්නේ ඡන්දෙට පසුව අත්සන් කළ හැකි බවද? මොකද ඔබ කියනවා දැන් අත්සන් කරන්නේ නෑ කියලා. එයින් ගම්‍ය වන්නේ මැතිවරණයෙන් පසු අත්සන් කිරීම සුදුසු බවයි.

:       396       489

dilal Friday, 01 November 2019 06:12 AM

ඊයේ පෙරේදා මාධ්‍යයවල පළවූ ප්‍රවෘත්තිවලින් පෙනීගියේ ජනාධිපතිතුමා මෙම ගිවිසුම අත්සන්කිරීමට අනුමැතිය පළකල බවයි. නැවත එම අදහස වෙනස් කලානම් පෙනීයන්නේ ඉහලින් ආ නියෝගයක් නිසා අදහස වෙනස්කළ බවයි. කොහොම නමුත් ජනාධිපතිවරණයෙන් පසු මෙම ගිවිසුම අත්සන් කරන එක තමයි හොඳ.

:       124       301

Amila Chathuranga Friday, 01 November 2019 06:49 AM

කෝක උනත් ඊළගට එන ජනාධිපතිතුමාම මේක අත්සන් කරන එක කොක්ටත් හොදයි. එතකොට දැන් විරුද්ධ වෙන අය කිසිම කතාවක් නැතුව ඕකට නිහඩ වෙනවා. එකග වෙනවා. දැන් අත්සන් කළොත් රට ඇන්ටාක්ටිකාවට ගහගෙන ගියා වගේ මරහඩ දෙන්න ගන්නවා කට්ටිය.

:       184       294

Buddika Friday, 01 November 2019 06:52 AM

යූ.එන්.පී ඡන්දෙන් බලයට ඇවිත් යූ.එන්.පී එකටම ගහන කුහකයෙක්. අද මේ හැමදේම කරන්නේ පොහොට්ටුව වෙනුවෙන්. රට කෑවා. විනාශයි. තව දවස් 17 න් මෙයා ගෙදර.

:       40       341

ප්‍රසාද් Friday, 01 November 2019 07:05 AM

වැඩක් නැති ප්‍රශ්න අල්ලගෙන කෑ ගහන ජවිපෙ මහලොකු අධිරාජ්‍ය විරෝධී සමාජවාදීන් මේ ගැන කටක් හොල්ලන්නෙ නැත්තෙ ඇයි?

:       7       329

Hafeel Friday, 01 November 2019 07:13 AM

කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය දීලා දැන් ඒකට අත්සන් කරන්න එපා කියන්න එකේ තේරුම මොකද්ද? මේ ජනාධිපති සිය බුද්ධියෙන් කටයුතු කරන වගේ පෙන්න නැහැ. අනුන්ගේ කොන්ත්‍රාතුවක් ඉටු කරන්න යන්නේ. එක්කෝ කැබිනට් රැස්වීමේදී ඊට අකමැත්ත පළ කරන්න තිබුණා.

:       74       311

Narmada Friday, 01 November 2019 07:22 AM

මෙහෙමත් අමන නායකයෝ. මේවගේ නායකයෝ එන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ මිනිසුන්ගේ පුරුවේ පිනකට.

:       0       221

de silva Friday, 01 November 2019 07:24 AM

ඔබනේ රටේ සහ කැබිනට් මණ්ඩලේ නායකයා. ඕක හොඳ නැත්නම් ඔබට පුළුවන් ඔය යෝජනාව ප්‍රතික්ෂේප කරන්න කැබිනට් එකේදී පරදවන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මහජන මුදලින් වැටුප් සහ දීමනා අරගෙන විශ්‍රාම ගියහම ඉන්න නිවසකුත් අරන් තම රාජකාරිය අනුන්ට පවරලා නිකන්ම අත්දෙක පිහදාගෙන ඉන්න එක සදාචාරාත්මකද ? යුධ කාලේදී ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයන් ඔය ආකාරයට කටයුතු කළානම් ප්‍රභාකරන් අදටත් ජිවත් වෙනවා නේද ?

:       1       302

sirisenaFriday, 01 November 2019 10:14 AM

පුදුමයි සරත් ෆොන්සේකාවත් මතක් වෙලානේ. සාමාන්‍යයෙන් මේ ගැන්සියට රාජපක්ෂ පවුල හැරෙන්න වෙන අය රට වෙනුවෙන් සේවය කරන බව පෙන්නේනේ නැහැනේ.

:       2       85

ශිරෝ Friday, 01 November 2019 07:33 AM

ජනාදිපතිවරණය හා ගිවිසුම අතර සම්බන්ධය දන්නේ කඩිමුඩියේ අත්සන් කරන්නට උත්සහ කරන අයමය. ජනාධිපතිවරණයක් තිබුනා හෝ නොතිබුනා හෝ මෙවැනි ගිවිසුම් වලින් වන අහිතකර බලපෑම් වලින් මුලු රටේම ජනතාවට පීඩා විදීමට සිදුවනු ඇත. ඩොලර් මිලියන ගණනක් ලැබෙන නිසා රටේ හදවත් බදු කොටසක අක්කර ලක්ෂ ගණනක් පිට රටකට ගිවිසුම්වලින් ලියා දී රටේ ස්වරීභාවය අහිමි කරන විට බලාසිටින්නට හැකිවන්නේ රට ජාතිය ගැන හැගීමක් නැති හිස් මිනිසුන්ට පමණි. සල්ලි ලැබේනම් ඔවුන් එකග නොවන දෙයක් මේ මිහිපිට නැත. කුමන ආණ්ඩුවක් තිබුනද කවුරු කළද මම එයට විරුද්ධයි. රට විකුණා දියුණු වූයේ මොන රටද? ඇමරිකාවට මේ කොටස ලියා දුන් පසු මේ රට සුර පුරක් වේ යැයි දවල් සිහින දකින්නවුන් සිටින බව පෙනේ. අපට ඇමරිකන් භීතියක් නැත. ඇමරිකන් ගායක්ද නැත. ඇත්තේ අපේ රට පිළිබද ආදරයක් පමණි.

:       1023       545

සෙන්දේ Friday, 01 November 2019 08:05 AM

මහේෂ් සේනානායක ඇරෙන්න වෙන එක කෙනෙක් ඉන්නවද එම්.සී.සී හරි ඒ.සී.එස්.ඒ හරි එපා කියන? මොකද ඒ එක්කෙනෙක්ටවත් රට විදේශ ආධාර නැතුව දුවන ප්ලෑන් එකක් නෑ.

:       13       304

රෝහිත සමරකෝන් Friday, 01 November 2019 08:12 AM

මම නිතරම කියනවා මේ නිවටයන්ව තඹ සතයකට විශ්වාස කරන්න හොඳ නෑ. ඊයේ පෙරේදා පගාව විදිහට කැබිනට්‌ පේපර් එකකින් පැජට් පාරේ ගෙවල් තුනේ ගෙයයි කෝටි දහයක වාහන දෙකකුයි දෙනකොට සද්ද නැතුව ගත්තේ මේකට අත්සන් කරන්න තමයි. අත්සන් කරලා ඉවරවෙලා දැන් බොරු බයිලා ගහනවා. ගෝඨාභය මහත්තයෝ 16 පහුවෙනකන් මෙයාව විශ්වාස කරන්න එපා.

:       376       232

Achini Friday, 01 November 2019 10:56 AM

කොයි ආණ්ඩුව ආවත් ඕකට අත්සන් කරනවා. ඕක නිකන් රගපෑමක් විතරයි. බදු අඩු කරාම කොහෙමද ආණ්ඩුවක් ගෙනියන්නේ? රටේ මිනිස්සුන්ව රවට්ටන්න ඒක විතරයි කරන්නේ.

:       241       344

chandima Friday, 01 November 2019 01:09 PM

දැන් අවුරුදු හතර හමාරක්ම ඔක්කොම වැඩ පහු කරකර ගත්තු ණය වලට පොලි ගෙව ගෙවා, පින් පඩි ගත්තු ආණ්ඩුවට මාසයක් දෙකක් ඔහේ ඉන්න බැරිද, නේද?

:       216       52

Roshan Friday, 01 November 2019 01:15 PM

අනුමැතිය දීලා දැන් එනවා මෙතන සුදනා වෙන්න...

:       0       109

fasmy Friday, 01 November 2019 01:43 PM

දැන්වත් නුවණ පෑදිලා තියෙන්නේ ඕක මහා භයානක දෙයක් ඉරාකයට වගේ...

:       420       206

Ariyathilaka Friday, 01 November 2019 06:39 PM

මෙම දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද? කැබිනට් පේපර් එකට අනුමැතිය දුන්නේ ඇයි? මෙය වැළකිය යුතු බව සෑබෑ නමුත් කැබිනට් පේපර් එකට අනුමැතිය දීම ස්වකීය වගකීමේ ආධිපත්‍ය පැහැර හැර පසුව අනුන්පිට වරද පටවා තමන් සුදනා වීමද? මුල් වරද කර ඇත්තේ කවුරුන්ද? "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය." යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(3) ව්‍යවස්ථාවෙහි දක්වා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා බැවින් එම්.සී.සී ගිවිසුමට අනුමැතිය දීමේ වගකීම අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතුය. තම විධායකයේ බලය කිසිවෙකුටත් බලහත්කාරයෙන් ලබාගත නොහැක. රටට යම් හානියක් වනවා නම් ඒ පිළිබඳව දැන දැන එයට කැබිනට් අනුමැතිය දීමේ වගකීම අන් කිසිවෙකුටත් පවරා නිදහස් විය හැකිද? වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව?

:       0       0

Jayantha Saturday, 02 November 2019 01:01 AM

මං මේ නිකමට අහන්නේ. මෙය අත්සන් කරනවාට විරුද්ධව අදහස් දමා ඇති අයට කියන්න බැරිද මේ ගිවිසුමේ තියන මහ භයානක දේවල් මොනවද කියලා...

:       0       22

Jayantha Saturday, 02 November 2019 01:10 AM

මේ භයානක ගිවිසුම් ගෙනෙන මේ භයානක රට ඇමෙරිකාවේ පුරවැසියා වන ගෝඨා සහ ඔහුගේ ඇමෙරිකානු පවුල ගැන ඔබලාගේ අදහස් කුමක්දැයි කියා මම දැනගන්න කැමතියි.

:       0       23

anura Saturday, 02 November 2019 01:42 AM

ඔබතුමා ඔය වෙලාවේ දොයියගෙන වෙන්නැති ඉඳලා තියෙන්නේ... ෆේස්බුක් එකෙන් වෙන්නැති කැබිනට් එකේ වූ දේවල් දැනගත්තේ...?

:       0       3

Deepal Nirosh Saturday, 02 November 2019 05:27 AM

මෙවැනි ගිවිසුම් අන්තර්ගතය රටේ ජනතාව හා නියෝජිතයින් නිසිලෙස දැනුවත් කර අනුමැතිය ලබන තෙක් ගිවිසුම්ගත වීම කල් දැමීම (?) ගැන අතිගරු ජනාධිපතිතුමාට මුළු මහත් ජනතාවගේ ප්‍ර‍ණාමය පුදකරමු. හැබැයි රටේ විධායක ජනාධිපතිවරයෙක් නො සිටියා නම්...? දැන්වත් මේ රටට විධායක ජනාධිපති ක්‍ර‍මයේ අවශ්‍යතාව අපේ ආචාර්ය මහාචාර්ය පුරවැසියන් තේරුම් ගන්නවා නම් හොඳයි.

:       25       4

haramanis Saturday, 02 November 2019 11:30 AM

ඔය මගුල නැතුව ලංකාව දියුණු කරන්නම බැරිද? අපි ඡන්දෙ දුන්නට ඔය ගැන අපෙන් විමසුවේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕක නොවෙයි. අනික මට කියනවද ලෝකේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කියලා...?

:       0       1

haramanis Saturday, 02 November 2019 11:33 AM

සජිත් මයාගේ අදහස මොකක්ද, විරුද්ධ වෙලාද?

:       0       0

burampiya Saturday, 02 November 2019 04:09 PM

මට දැන් තේරෙනවා මොකද කියලා....ඇමෙරිකන්කාරයා ත්‍රීකුණාමලේ සිට කොළඹට තනි ඉරක් අන්දලා රට බෙදන්න තමයි යන්නේ.

:       0       0

charles Monday, 04 November 2019 01:37 AM

මොකද හදිස්සිය?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 10 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 723 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1330 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1528 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 844 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 791 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site