ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී
මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදේශීය සමාගම්වලට පවරා නොදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ලංකාව පුරා සිදු කරන මිනුම් කටයුතු සඳහා විදේශීය තාක්ෂණය, උපකරණ සහ වාහන පමණක් යොදා ගන්නා අතර දේශීය මිනුම්දෝරුවන් මැනුම් කටයුතු සිදු කරන බව ඇමැතිවරයා කීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23 (02) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීවේය.
‘මිනුම්කරණ දත්ත රහසිගත දත්ත නොවෙයි. ඒවා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව කළමනාකරණය කරනවා. විදේශයන්ට අපේ ජාතික ආරක්ෂාවට බලපාන කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ. මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමඟ ආණ්ඩුව සාකච්ඡා කරනවා. අපි බොහොම හොඳට ඇහුම්කන් දීලා හැමෝගෙම අදහස් අරගෙන වෘත්තීය සමිතිවල වෘත්තීය ක්‍රියාමාර්ග නතර කළා.‘ යැයි ඇමැතිවරයා කීවේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිනුම් කටයුතු විදෙස් සමාගම්වලට නොදෙන බව ඇමැති කියයි
රවින් Friday, 23 March 2018 01:48 AM
මේ වැඩේ බොහොම දුරදිග හිතලා කලයුතු වැඩක් . දැනටමත් විදේශිකයෝ අනවශ්‍ය බල පෑම් අපේ රටට කරනවා. රටක් ලෙස බැලුවොත් අපි සියලු දේවල් කලයුත්තේ අපගේ අවශ්‍යතාවය අනුවයි. අනික් පැත්තෙන් බැලුවොත් කිසිම කෙනෙකුට රටේ තියන පාරවල් ගැන තොරතුරු? ගම නියංගම් ගැන නිසි සිතියම් වැනි පොදු ජනයාට එදිනෙදා අවශ්‍ය කාලින තොරතුරු/සිතියම් කොහෙවත් නැහැ. තරාදිය හරියට බලලා කිරුවොත් තමා හොඳ.