IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මහ බැංකුව පොළී අනුපාත ඉහළ දමයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා  මහ බැංකුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි පොලී  අනුපාත ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකා  මහ බැංකුවේ ප්‍රතිපත්ති  පොලි අනුපාත වන නිත්‍ය  තැන්පතු  පොලී  අනුපාතිකය සහ නිත්‍ය  ණය පහසුකම්  අනුපාතිකය සියයට  0.25 න් ඉහළ නැංවීමට  මුදල්  මණ්ඩලය පියවර ගෙන ඇත.

උද්ධමනය පාලනය කිරිමේ පියවරක්  ලෙස පොලී අනුපාත ඉහළ නැංවීම නිසා  වාණිජ   බැංකු  තැන්පත් වලට  ගෙවිය යුතු පොලී  අනුපාතිකය හා  ණය සඳහා  අයකරන පොලි  අනුපාතයද සාපේක්ෂ ලෙස ඉහළ යනු ඇති බවද ශ්‍රී ලංකා  මහබැංකුව සඳහන් කරයි.



අදහස් (11)

මහ බැංකුව පොළී අනුපාත ඉහළ දමයි

ඇලන් Friday, 24 March 2017 05:40 PM

ඔය තියෙන්නේ වෙනස... මේ විදියට තව අවුරුද්දක් යනකොට ආර්ථිකයට මොනවා වෙයිද දන්නේ නෑ... මෙය ඉතාම නරක තත්වයක්... දැන්වත් මේ වෙනස වෙනස් කරන්න ඕන...

:       170       404

kasthuri Friday, 24 March 2017 05:56 PM

දියුණු වන රටක දකින්න ලැබෙන්නේ පොලී අනුපාතය අඩු වීමක්. යහපාලනය රටට කල හානිය පොලී අනුපාත වැඩි කිරීමෙන් පේනවා.

:       108       301

mahee Friday, 24 March 2017 11:44 PM

ණය සඳහා අය කරන පොලිය ණය වර්ගය අනුව තීරණය කරන ක්‍රමයක් හදන්න බැරිද? ඒ කියන්නේ, නිවාස ණය පොලිය ඉහල නොදමා, පාරිභෝගික ණය, කාර් ලීසිං වගේ ඒවාට විතරක් පොලිය ඉහල දැමීම කරන්න බැරිද? 16% - 17% ට ණය අරන් අපි කොහොමද ගෙවල් හදන්නෙ? බොහොමයක් රටවල නිවාස ණය 5% ට අඩුවෙන් දෙනවා.

:       18       401

himalSaturday, 25 March 2017 04:10 PM

පුළුවන්. පාරිභෝගික ණය පොළී අනුපාත ඉහළ දාලා ප්‍රාග්ධන ණය පොළී අනුපාත ඊට අඩුවෙන් තියාගන්න පුළුවන්. කොහොමත් අලුත් අවුරුදු සමයේ මුදල් ඉල්ලුම ඉහළ යන නිසා පොළී අනුපාත ඉහළ යනවා.

:       192       79

hima Sunday, 26 March 2017 01:42 PM

මෙතන කියවන ඊනියා ආර්ථික ඔස්තාර්ලා නිත්‍ය තැන්පතු පොළී අනුපාතය 2006 ඉඳන් 2009 එනකන් 10%-10.25 අතර. 10.5%ටත් ගිය බවත් ඒ කාලේදි නිත්‍ය ණය පහසුකම් අනුපාතය 11.5% -11.75% අතර, 12% ටත් ගිය බවත් දන්නෙ නැත්තෙ එතකොට ආර්ථිකය දැකලා තිබ්බෙ නැද්ද?

:       323       249

upali Sunday, 26 March 2017 06:44 PM

16% - 17% ට ණය අරන් අපි කොහොමද ගෙවල් හදන්නෙ? බොහොමයක් රටවල නිවාස ණය 5% ට අඩුවෙන් දෙනවා.

:       321       129

nuwan Monday, 27 March 2017 10:08 AM

මහා බැංකුව හොරු කාල සල්ලි නැහැ වගේ! දැන් එකත් අපේ කරපිටමද පටවන්නේ???

:       30       109

Saman Tuesday, 28 March 2017 05:20 AM

ප්‍රතිපත්ති පොලි අනුපාත සම්බන්ද කරුණු පිලිබඳ සාමාන්‍ය මහජනයා දැනුවත් කලයුතු බව ඉහත අදහස් දැක්වීම්වලින් පෙනී යයි.

:       0       50

de silva berlin Saturday, 01 April 2017 06:22 PM

පොලි අනුපාත වැඩි වෙන්න වැඩි වෙන්න ජනතාව අලුතින් ව්‍යාපාර , නිවාස තැනීම වැනි ක්‍රියා වලින් ඉවත් වෙනවා එතකොට අලුතෙන් රැකියා නිර්මාණය නොවන අතර මිනිසුන් අතර මුදල් සංසරණය වීම අවම වෙනවා එවිට රජයට භාණ්ඩ සහ සේවා වලින් ලැබෙන බදු අදායම් අඩු වෙනවා , අද ලෝකයේ හොඳම ආර්ථික 5 අතර සිටින ජර්මනියේ නිවාස ණය සඳහා පොලි අනුපාතය 0.75 %- 2% අතර අගයක් දරනවා , මිනිස්සු ණය අරන් අලුතින් ගෙවල් හදන්න සහ නව ව්‍යාපාර වැනි දේ කරන්න පටන්ගැනීම නිසා රජයේ බදු ආදායම් වැඩි වී ඇති අතර විරැකියාවද අඩුව ඇත , පොලි අනුපාත වැඩි කිරීමෙන් ආර්ථික වර්ධන වේගය අඩාල වන බව ලංකාවේ නුගත් දේශපාලකයන්ට වැටහීමක් නැති එක ජාතියේ අවාසනාවකි

:       36       90

himaMonday, 17 April 2017 08:28 AM

පොළී අනුපාත වැඩි වෙනකොට මුදල් ඉල්ලුම අඩු වෙනවා. එතකොට ඒක උද්ධමනය අඩු වෙන්න බලපානවා. උද්ධමනය අඩු වෙනකොට ක්‍රය ශක්තිය වැඩි වෙනවා. එතනින් ජනතාවගේ ජීව ගුණය ඉහළ යනවා.

:       0       1

de silva Monday, 03 April 2017 02:12 PM

පොලි අනුපාතය වැඩි වෙන කොට ආර්ථික වර්ධන වේගය අඩු වන බව , මහා බැංකුව පාලනය කරන ලොක්කෝ දන්නේ නැද්ද ? එවිට කඩා වැටි තිබෙන ආර්ථිකය කබලෙන් ලිපට වැටෙන බව දන්නේ නැද්ද ?

:       12       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 536 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 125 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 81 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 730 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 793 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1383 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site