IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්නාරම් මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 300 ක්

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම් සමූහ මිනීවල  දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කළ  කැනීම්වලදී අද (16) වන විට සිරුරු 300 ක් හමු වී ඇති බව කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය ජනවාරී 11 වැනිදා සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු තාවකාලිකව නැවත්වීමෙන් පසුව 130 වන දිනට අද (16)  දින සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු යළි අරඹා  තිබේ.

මේ අනුව හමු වූ සිරුරු 300 න් සිරුරු 294 ක් වෙන් කර මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කර ඇති අතර, එසේ හමුවූ සිරුරු වලින් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 23 ක් වෙන් කර ඇති බවටද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මන්නාරම් සමූහ මිනීවලේ සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.

‘මන්නාරම මහෙස්ත්‍රාත් නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකළා.

සියලු පාර්ශව වෙනුවෙන් විනිවිදභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියලු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නවා.

 ‘කාබන් පරීක්ෂාවට ඇමරිකායට යන අවස්ථාවේදී මිනී වලේ කැනීම් කටයුතු බොහෝදුරට නවත්වන්න වෙයි. මම මෙතන නැති නිසා මේ සම්බන්ධව තීරණයක් අපි ඉදිරි දින කිහිපයේදී ගන්නවා. මන්නාරම් මහේස්ත්‍රාත් තුමත් සමග සාකච්ඡා කරලා ඒ ගැන මේ සතිය අවසානයේ දැනුම් දෙන්න හැකි වෙයි" යනුවෙනි.


මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිණීවල පිහිටා ඇති අතර එහිදී දෙවන වතාටත් සමූහ මිනීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට  පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු අරඹා ඇත.

 



අදහස් (6)

මන්නාරම් මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 300 ක්

wedage Wednesday, 16 January 2019 06:20 AM

ජීවිතය මොනතරම් නිසරුද?

:       0       2

බන්ඩාර Wednesday, 16 January 2019 08:56 AM

පෙර හිටපු පාලකයන්ගේ ඒකාධිපති වියරුවේ විපාක තමයි මේවා..!!!

:       133       0

HRWednesday, 16 January 2019 11:41 AM

මේකත් එක්ක පෙර හිටපු පාලකයන්ගේ තියන සම්බන්ධය මොකක්ද..? ඒ මනුස්සයා කරේ මේ වගේ පොළවට සමතලා වෙන්න තිබුණු තමුන් වගේ අසත්පුරුෂයන්ගේ ජීවිත ගලවගත්ත එක.. මෙහෙමත් මිනිස්සු

:       1       54

kap Wednesday, 16 January 2019 12:54 PM

කොටි මරපු අහිංසක පොලිස් නිලධාරීන්ගේ මිනී තමයි මේ..

:       1       15

prabha Wednesday, 16 January 2019 01:22 PM

කාබන් පරීක්ෂණය කරනතුරු කාලනීර්ණය කළ නොහැක. සමහරවිට ලන්දේසි සමයේ වසංගත වලින් මැරුණ අයද විය හැක.

:       0       0

rocky Wednesday, 16 January 2019 01:51 PM

මමත් හිතනවා ඒ කාලේ කෙරුවේ මානුෂික මෙහෙයුමක් නෙව! මේ කට්ටිය ස්වයංක්‍රීයව මරණයට පත් වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් රණවිරුවන්ගේ හපන් කමක් වෙන්නත් පුළුවනි! මේ මැරිලා ඉන්නෙත් අපේ රටේම පුරවැසියන් බව නොහිතන දේශපාලකයින් ඉන්න බව අපි දන්නවා. කවුරු කළත් වරද නම් වරද මයි!

:       41       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 229 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 99 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 185 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 519 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 401 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 309 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site