IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුලත් විටත් රුපියල් 40 ට නගී

(කාංචන කුමාර ආරියදාස)
 
නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට   අලෙවිකරුවෝ තීරණය කර තිබේ.


ඒ අනුව දිවයින පුරා රුපියල් 30 කට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40 කට අලෙවි කරන බව ජනතාව පවසති.


පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති. දිනෙන් දින සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය ද බුලත් විටක මිල වසර ගණනාවක සිට රුපියල් තිහකට අලෙවිකළ බවත් ඔවුන් පවසති.


නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් බුලත්විට අලෙවි කිරීම තුලින් පාඩු සිදුවන බවත් එම නිසා රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටිති.


දිවයිනේ බුලත්විට අලෙවි කිරීම රැකියාවක් කර ගත් අතිවිශාල පිරිසක් සිටිති. එමෙන්ම අමතර රැකියාවක් ලෙස බුලත්විට අලෙවි කිරීම් කටයුතු කරන පිරිස් ද විශාල වශයෙන් දිවයින පුරා විසිරී සිටිති.


බුලත්විට සැපීම අතීතයේ සිට පැවතුණු එකක් බවත් එහෙත් මේ දිනවල තරුණ කණ්ඩායම් වැඩි වශයෙන් බුලත් විට සැපීම හේතුවෙන් ඒ ඉල්ලුම වැඩිවී ඇතැයි  ව්‍යාපාරිකයෝ කියති.



අදහස් (3)

බුලත් විටත් රුපියල් 40 ට නගී

Nandalal DE SILVA - France Tuesday, 25 September 2018 08:33 AM

මමත් පොඩි කාලේදී ආසාවට විවිධ වර්ණයේ "සාරවිටි" හපා තිබෙනවා, පෙරහැර ආදිය බැලීමට ගොස් පාර අයිනේ සිටින අතරේ. ඒ කාලේදී අපි බුලත් විටෙන් "පිළිකා" වැනි රෝග බෝවෙන බව අසාවත් තිබුනේ නැහැ. දැන් තිබෙන තත්වයේ හැටියට බුලත් විටේ මිල තවත් ඉහල ගියත් අපට කමක් නැත. ගම් පළාතේ නවතා තිබෙන බසයක් ලඟින් ගියොත් ඇඳුම් වර්ණවත් නොකරගෙන යාම දුෂ්කර කාරියකි. සමහරවිට එය ගමේ "ඇඳුම් පිරිසිදු කරන " ලෝන්ඩරියේ මාටින් අයියාට නම් ආර්ථික පාඩුවක් වෙන්න පුළුවන්. රජයට නම් විශාල මුදලක් ඉතිරිකරගැනීම සඳහා මේ පියවර ගැනීම හොඳ පිම්මකි.

:       106       15

Lashan Tuesday, 25 September 2018 10:34 PM

හරි නන්දලාල් ඔයා ප්‍රංශේ ඉන්නේ.

:       0       12

kalpa Wednesday, 26 September 2018 09:23 AM

බුලත්විට කියන්නේ දේශීය සංස්කෘතියේ අංගයක්. එය විනාශ කරන්න එපා බුලත්විට නිසා පිළිකා හැදෙනවා කියන එක පිලිගන්නා අය මම කියන පරීක්ෂණය කරන්න බුලත් විටට හුණු ගන්නවානේ. එම හුණුවලට සීනි කලවම් වුනාම ගල්වෙනවා. එයින් මුඛයේ තුවාල ඇතිවෙනවා. කල්යාමෙන් ඒවා පිළිකා වෙනවා. (සාමාන්‍යයෙන් සමහර දුප්පත් මිනිස්සු කහට බොන්නෙ සීනි කමින්.කහට බිව් විගසම විට කනවා.එහෙම නැත්තම් විට කටේම තිබියදී සීනි සමග කහට බොනවා. එවිට සීනිවලට හුණු මිශ්‍රවෙනවා මෙසේ කරන අයට පිළිකා හැදීම වෙන්න පුලුවන්......

:       12       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 88 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 130 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 404 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 169 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 321 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 714 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site