IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බුදු දහමට නිගා කළ කතාව සංහිඳියා කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ඔනූර්) බුදු දහමට නිගා කළැයි කියන ප්‍රකාශය සාවද්‍ය හා නොදැනුවත්කමින් සිදු කර ඇති බව එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම නිවේදනය පහත දැක්වේ.

   ‘‘හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) බුදු දහමට නිගා කළා යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත් වාර්තාවන් සහ නොදැනුවත්කමින් සිදුකර ඇති ප්‍රකාශ ගැන අපගේ අවධානය යොමුව ඇත.
 
සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති නාට්‍ය මාලාවක්රේඩියෝ කථානමින් රාජ්‍ය ගුවන්විදුලි සේවාවක් වන ITN FM (FM 93.5 / 93.7) ඔස්සේ අගෝස්තු 03 දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වෙමින් පවතී.

ගුණ-ධර්ම මෙන්ම අධ්‍යාත්මික වර්ධනයේ පිරිහීම තුලින් ලාංකීය සමාජයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබද විචාරශීලීව හා ප්‍රායෝගිකව මෙම නාට්‍ය කතිකාවකට භාජනය කරයි. මෙම නාට්‍ය  පිටපත් ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් පසුව අප කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට තීරණය කරන ලදී.

බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.
 
අප සංහිදියා කාර්යාංශය, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ අනුග්‍රහය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, ජාතික එකමුතුව ගොඩ නගමින් බුදු දහමට ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ගරු කරන, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙවන් අවස්ථාවක, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යායපත්‍රයන් අනුව මෙලෙස සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමත්, පිළිගත් ජනමාධ්‍ය සදාචාර අනුව අප කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් හෝ නොවිමසා ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ඇතුළු පොදු මහජනතාව නොමග යැවීමටත් ගන්නා උත්සාහය තරයේ හෙලා දකිමු.

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් රචනා කර අධ්‍යක්ෂණය කර, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලවට සවන් දී ඒ පිලිබදව සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සදහන් කරනු කැමැත්තෙමු

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට තීරණය කළෙමු.‘‘



අදහස් (8)

බුදු දහමට නිගා කළ කතාව සංහිඳියා කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරයි

mangala Monday, 20 August 2018 07:48 PM

මම මේ දන්නේ නැති හින්ද අහන්නේ, මේ වැඩසටහන කවුරු වෙනුවෙන්ද, මම හිතන්නේ මීට වඩා දේවල් සංහිදියාව වෙනුවෙන් කිරීමට පුළුවන් නේද.

:       137       417

Namila Monday, 20 August 2018 08:06 PM

ප්‍රභාකරන් ලංකාව පුරා මිනි මරණ වෙලාවේ ඔබල කොහොද හිටියේ‍ෙ

:       145       504

sudath Tuesday, 21 August 2018 12:32 AM

"කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක්" මොනවද මේ කියන්නේ ? සරල සිංහලෙන් පැහැදිලි කරන්න බැරි ඇයි ? රටේ ජාතික ආගමික වටිනාකම් අපහාසයට උපහාසයට ලක් කරන් අයට නිසි දඬුවම් ලැබේවි

:       418       1110

Bamunuarachchi Tuesday, 21 August 2018 04:38 AM

"මෙම නාට්‍ය මාලවට සවන් දී ඒ පිලිබදව සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සදහන් කරනු කැමැත්තෙමු" අපට සංවාද කතා අවශ්‍ය නැහැ. බුද්දාගම සම්බන්දව කියවෙන ප්‍රකට වැකි වලට සමාන එහෙත් විකෘති වැකි යොදවා ඇත්තේ ඇයිද කියා පැහැදිලි පිළිතුරක් දෙන්න.

:       1       0

Bamunuarachchi Tuesday, 21 August 2018 04:47 AM

නුඹලා ප්‍රතික්ෂේප කලාට අපි දැක්කානේ වෙලා තිබෙන සංහදිය.

:       0       0

priya Tuesday, 21 August 2018 05:40 AM

සංහිදියාව කවුරුවත් අත නොදැම්මට ඉබේ ඇතිවේ. පොළොන්නරු යුගය බලන්න. පන්සල ,කෝවිල එකට. දැන් පන්සල් බිමෙම කෝවිල්. බල ලෝබින් අත නොදමන්නේනම් නොදැනුවත්ව සංහිදියාව ඇති වෙනු ඇත.

:       0       0

dumudu Tuesday, 21 August 2018 09:26 AM

රටත් ජාතියත් ආගමත් වනසන සියලු දෙනා භංග වේවා!!!! ( රජය වගකිය යුතුයි )

:       0       0

rocky Tuesday, 21 August 2018 11:28 PM

ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්‍රයේ "අධ්‍යක්ෂකල" කියල ජාතියක් නැහැ. ඉන්නේ" නිෂ්පාදකයෝ".ඔය කියන පුද්ගලයා කිසිම ගුවන්විදුලි ආයතනයක නාට්‍ය නිෂ්පාදක කමක් තියා පියුන්කමක්වත් කරපු කෙනෙක් නොවෙයි. ඔහු රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් කන්දරාවක් ලබා ගෙන පෞද්ගලිකව ඔහු ලියු නාට්‍ය වගයක් තැටි ගත කරලා තියනවා දැනට කලකට පෙර. ඔය නාට්‍ය ටිකම ඔහු පුස්තකාල සේවා මණ්ඩලයෙන් ප්‍රකාශන ආධාර සඳහා ඉදිරිපත් කළම ඒවා ආගමික, සංස්කෘතික, සාරධර්ම විරෝධී බව පෙන්වා දී ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පෞද්ලිගලික වියදමෙන් පල කල (2012)"නිහොන් සැප ලැබේවා" පොතේ පෙරවදනේ සඳහන් වෙනවා. ගුවන්විදුලි නාට්‍ය සම්මාන ප්‍රදානයේදී හොඳම රචක සම්මානය ඔහුට හම්බු වෙච්ච විදිහ (කොල්ල කාපු) කෙරුනේ ජිල්මාර්ට් එකකින් බව දන්නෝ දනිති. රාජ්‍ය නොවන සංවිධානය කාක්කෝ කරන විනාසය බරපතලයි. මුන්ගේ සංවිධානය තහනම් කොට මේ නාට්‍යවලට අනුග්‍රය දැක්වූ නරුමයන්ට එරෙහිව කටයුතු කල යුතුයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 40 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 966 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1761 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1980 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1013 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 952 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site