IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවී නැහැ- ජනපති

මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිවරයා පැවසීය.  ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනපති පෙන්වා දුන්නේය.
 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ අද (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.

 



අදහස් (18)

බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවී නැහැ- ජනපති

බන්ඩා Tuesday, 23 January 2018 05:59 PM

කොමිසම සියලු සාක්‍ෂි සටහන් කරගත්තේ එලිපිට නම් සහ වාර්තාව ලියා අැත්තේ සාක්‍ෂි මත පදනම්ව නම් වාර්තාවේ අනු ලේඛන වල කිසිම රහස් තොරතුරක් තිබිය නොහැකියි.

:       2607       1683

සෝමපාල Wednesday, 24 January 2018 12:11 AM

කොමිසමේ තීන්දුවේ නිර්දේශවල යම් රහස්‍ය භාවයක් තිබිය හැකියි. දියවන්නාවේ කට්ටිය බැලුවා කියලා තීන්දුවක් දිය හැකිද?

:       37       70

BamunuarachchiFriday, 26 January 2018 01:50 PM

මොන ගොබ්බ කතාවක්ද එ්ක? පාර්ලිමේන්තුව තීන්දු දෙන්නේ නැත. නමුත් අකුරක් නෑර පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ සිද්ද වුනේ මොකක්ද කියලා... වුණු පාඩුව සුලුකරලා පෙන්නන්න හැදුවොත් උගත් මැති ඇමතිවරු ඉන්නවා වසන් කරන්න යන පාඩු රටට පෙන්වන්න. අකුරක් නෑර පාර්ලිමේන්තුව දැනගන්නවා කියන්නේ මහජනයා දැනගන්නවා කියන එකයි. මොකද හැම කතාවක්ම හැන්සාඩ් එකට යනවා. හෙන්චයියන්ට නම් ඕවා දැනගෙන වැඩක් නැත. නමුත් පුරවැසියන් හැටියට අපි දැනගන්න ඕනේ.

:       0       0

siri Tuesday, 23 January 2018 06:49 PM

මේ ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රය නම් අන්තිමයි. කරන කිසි හොඳ දෙයක් මහජනයා අතරට යන්නේම නෑනේ. සේරම අගුණ තමා රට පුරාම ප්‍රචාරය වෙන්නේ.

:       110       490

erdi Tuesday, 23 January 2018 07:59 PM

ඒක බොරුවක්නම් ගම්මන්පිලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න..

:       5       16

BamunuarachchiFriday, 26 January 2018 01:34 AM

රහස්‍ය භාවය රකින්න ඒවා එලිබස්සන්න බැරිලු. එත් පිටුගණන හරිලු. මොනවද මේ අපබ්‍රංස?

:       0       0

siri Tuesday, 23 January 2018 08:40 PM

ඔය පිටු අඩු වීමත් දකින්න ඇත්තේ පත්තරේන්ද?

:       0       37

jeewaWednesday, 24 January 2018 09:55 AM

අනේද කියන්නේ.. පත්තරයි, රූපවාහිනියි නැත්නම් මේ යෝධයා මෙලෝ දෙයක් දන්නේ නැහැ නොවැ...

:       0       7

සමන් Wednesday, 24 January 2018 02:17 AM

ඕක ඉංගිරිසියෙන් නොවැ තිබුණේ ? ඉතිං කොහොමෙයි දන්නෙ ?

:       3       54

Muhan Wednesday, 24 January 2018 02:57 AM

විමර්ශන වාර්තා වල රහස්‍යභාවයක් පැවතීම අපට ප්‍රශ්‍නයක් නැහැ. අපිට අවශ්‍ය අවසාන ප්‍රතිපලය.

:       6       23

Chandra Wednesday, 24 January 2018 03:56 AM

හැංගිලා තියෙන පරණ දුෂණ ලිපුගොනු ටික ඒකට ඇතුලත් කරන්න බැරිද ?

:       161       40

Missaka Wednesday, 24 January 2018 04:26 AM

දැන් ගයන්නේ, කොළ ගැලවී නැහැ, අකුරු මැකී නැහැ, බොඳවී නැහැ සිතුවම් ගීතය.

:       76       196

sam Wednesday, 24 January 2018 06:02 AM

එක්කෝ ඒ වාර්තාව රහසිගත විය යුතුයි . එහෙම නැතිනම් ප්‍රසිද්ධ කල යුතුයි . ජනපති තුමාට හිතෙන කොටස් ප්‍රසිද්ධ කරන්නත් සමහර කොටස් රහසිගත වෙන්නෙත් කොහොමද ? වාර්තාවේ අඩංගු කරුණු රහසිගතද නැද්ද කියන එක තීරණය කලේ කව්ද ? මොන පදනමකින්ද?

:       0       332

sena Wednesday, 24 January 2018 06:10 AM

මේ බැදුම්කරයක් අල්ලාගෙන ගැලරියට ගහනවා - රටක නායකයෙක් ගෙන් අපි මිට වැඩිය යමක් බලාපොරොත්තු වෙනවා.

:       1       135

daham Wednesday, 24 January 2018 09:35 AM

කොමිසමේ හිටියේ උගත් විනිසුරුවරු. ප්‍රසිද්ධ නොකළ යුතු කොටස් තිබුණා නම් ඒ බව එතුමන්ලාම සඳහන් කරනවා. එතුමන්ලාගේ වාර්තාව ගැන මෙහෙම තීන්දු ජනාධිපති ගන්නවා නම් එ්කෙන් මහා ජනතාව හොඳටම තේරුම් ගන්නේ හොරු කට්ටියක් හෙළි වන එක එතුමා විසින්ම වලක්වන බව... එතුමාගේ දූෂණ විරෝධී මහා බෙරිහන් දීම නිකම්ම අවලංගු වෙනවා හොරු ආරක්ෂා කරන්න මේ වගේ වැඩ කරන කොට...

:       0       27

සෙනෙවි Wednesday, 24 January 2018 12:11 PM

සිරිසේන මහත්තයා අවසානයේදී රනිල්ව බේරෙන ආකාරයට කටයුතු කරයි කියලයි අපට හිතෙන්නේ...

:       0       49

Bamunuarachchi Friday, 26 January 2018 01:44 PM

මම හිතන්නේ ඔය අඩුවෙලා තිබෙන්නේ අහවලාගේ සාක්කි වෙන්න ඕනේ...

:       0       0

Bamunuarachchi Friday, 26 January 2018 01:54 PM

ඕක ඉංග්‍රීසියෙන් නොවැ තිබුණේ නොවෙයි.... ඕක ඉංග්‍රීසිවලින් හිටං තිබුණේ කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 343 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 351 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 253 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 450 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2264 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site