IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි

ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සමස්ත ලෝකය ම වසංගත තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි

“කොවිඩ් - 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා." යයිද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

“ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා“

“වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා." යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන 200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.

"ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්. බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා," යනුවෙන් බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.



අදහස් (26)

බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි

lal Friday, 15 May 2020 07:36 AM

ආ.. දැන් බ්‍රැව්ඩික්ස් එකේද වැඩ කරන්නේ? දේශපාලනයෙන් අයින් වෙලාද?

:       0       47

බැසීSaturday, 16 May 2020 08:31 AM

ආ ..ඔව් ඔව් කොටි රත්තරන් විකුනලා ගත්ත සල්ලියි, වෙන හොරකම් කරලා ගත්ත සල්ලි නිකම් තියන්නත් හොඳ නැහැනේ... මම මේ කොම්පැනියේ වැඩි කොටසක් ගත්තා. එකෙන් කළු සල්ලිත් සුදු වෙනවානේ. අපි ඉතින් රට වෙනුවෙන්මනේ...

:       0       137

චන්ද්‍රදේව Friday, 15 May 2020 07:37 AM

රටේ නායකත්වය හරි පාරේ යන බවට මේවා තමයි සාක්කි.

:       7       13

Indunil Friday, 15 May 2020 08:50 AM

මොකද මෙයාව ගත්තේ ? වෙන නැද්ද?

:       0       2

wasantha Friday, 15 May 2020 09:19 AM

අපට පුළුවන්...

:       0       1

Sekara Friday, 15 May 2020 09:56 AM

දේශප්‍රේමී අපි මෙවා වර්ජනය කරමු

:       8       2

isuru Friday, 15 May 2020 10:58 AM

නරියට කුකුල් කොටුව බාර දෙයි..... මෙහෙමත් ට්කක්... මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ....

:       58       260

RaveendraSaturday, 16 May 2020 03:17 AM

කොහොමද මාස්ක් එක නැත්නම් සැමදා පේන කට කනේ නේද?

:       0       46

නන්නාදුනන හාදයා Friday, 15 May 2020 11:24 AM

මොන මගුලකටද මේ " මල්වානේ 10% " මේකට රිංග ගත්තේ....? බ්‍රැන්ඩික්ස් එකත් කනවා.

:       41       266

shantha de silva Friday, 15 May 2020 12:31 PM

මම දන්නේ නැති නිසා අහන්නේ ඔතන උඩින් ෂර්ට් එක දාල ඉන්න රස්තියාදුකාරයා කවුද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

:       30       299

මර්වින් Friday, 15 May 2020 01:56 PM

මිනිහා ඇමෙරිකාවේ ෂෙඩ් එකක පැට්‍රොල් ගහනවා.. ගෙවල්වල තීන්ත ගානවා. ලංකාවේ නම් මාර " ගේම් " දෙනවා.. මිනිහට උම්බලකඩ පෙන්නන්න බැහැ. ඉස්සරම වැඩ කරලා තියෙන්නේ දකුණේ සමුපකාරයක. දවසක් උම්බලකඩයක් ඉනේ ගහගෙන ගිහිල්ලා අහුවෙලා එතනින් අයින් කළා.එදා ඉඳලා මිනිහට උම්බලකඩ අල්ලන්නේ නැහැ .

:       0       55

karuFriday, 15 May 2020 03:58 PM

ඔය හාදයා මම හොඳට දන්නවා... එයා පදිංචි ඇමෙරිකාවේ. මේ දවස්වල මොකක්හරි ජිල්මාට් එකක් දාන්න තමයි මෙහාට ඇවිල්ලා ඉන්නේ. මෙහෙ හිටපු කාලය ගැන කතාකරන්න අවශ්‍ය නැහැ. මුළු රටම සුද්ධ කළා... සල්ලි තියෙන්නේ කාලඟද..? මිනිහට ඒ සල්ලි ඕනා. ඕක තමයි මිනිහගේ රෝගය...

:       0       60

sujeevaFriday, 15 May 2020 04:00 PM

ඒ පොකට් කාරයෙක්. ලංකාවටම පොකට් ගැහුවේ මිනිහා තමයි.

:       0       28

rathuSaturday, 16 May 2020 08:32 AM

මම දන්නා විදිහට මිනිහගේ තාත්තා පකිස්තාන් කාරයෙක්.

:       1       80

රවින් Friday, 15 May 2020 12:44 PM

10% දීලා වගෙයි.

:       36       107

de silva Friday, 15 May 2020 01:16 PM

රස්තියාදු කාරයෙක් නොවේ.. ලංකාවේම ඇමරිකන් පුරවැසියා සහ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම මාටියා කාරය, ඩොලර් බිලියනයක් විතර වත්කම් ඇත...

:       0       1

sunil - koggala Friday, 15 May 2020 01:59 PM

මොනවා කරනවාද මෙහෙ...? 10% ගන්න ඇවිත් වගේ.

:       0       1

Prabha Friday, 15 May 2020 03:11 PM

ඒ අයට ඉංග‍්‍රීසි බැරුව ඇති.. ඒකයි මෙ ඇමෙරිකන් කාරයා එක්ක ගිහින් තියෙන්නේ..

:       0       14

samantha Friday, 15 May 2020 04:02 PM

ඔය ඇමෙරිකන් කාන්තාවට ඕන mcc කියන රට පාවාදෙන ගිවිසුම අත්සන් කරවා ගන්න අපේ රටේ මෝඩයින්ට කියලා.

:       1       313

suranjith - kalaniya Saturday, 16 May 2020 06:56 PM

එහෙම වුනොත් මුළු රටම ලේ විලක් වේවි. අත්සන් කරපු ඔක්කොම මහා පාරේදීම ගුටිකාලාම මැරේවි. ඔය කාන්තාවටත් පන බේරාගෙන යන්න බැරිවේවි. ඕන එකම දේ mcc අත්සන් කර ගන්නයි. ඕකට අපේ මෝඩ පාවාදෙන්නන් නම්මවා ගන්න තමයි.., ඔය අමෙරිකාවෙන් තෑගි බෝග නිතරම දෙන්නේ. බලමු...

:       1       345

kamal Friday, 15 May 2020 04:55 PM

බ්‍රැන්ඩික්ස් සමාගම අනතුරේ .... ලෝකයේ ලොකුම ටෙන් පසන් සමග වැඩ බලාගෙන...

:       242       136

samareFriday, 15 May 2020 10:14 PM

නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න. ඔබ පාසල් ගිහින් තියෙනවාද..? 5 පන්තියටවත්...

:       1       44

kanchana Saturday, 16 May 2020 09:55 AM

ඔහෙට තියෙන අමාරුව මොකක්ද? අනුන්ගේ වැඩ වලට කට දාන්න.. මේක ඒ ගොල්ලන්ගේ බිස්නස් එකක්.

:       0       57

samareSaturday, 16 May 2020 11:06 AM

ගනන් ගන්න එපා කාන්චෝ, මිනිහාට අද පෙත්ත ගන්න අමතක වෙලා.

:       0       34

karu Saturday, 16 May 2020 09:58 AM

අර ඉන්න හැටි. ෂර්ට් එකත් උඩින් දාගෙන... උදේ නැගිට්ට ගමන් ද කොහෙද? අසුචි කොතනද ඌරා එතනලු...

:       0       156

kamaniSaturday, 16 May 2020 12:20 PM

මැද මුලන කෙනෙක් ගම්පහ ඇවිද්දා කාලෙකට ඉස්සර. නමුත් ගම්පහ මිනිස්සු කැමතිවුනේ නැහැ. චන්දෙන් පස්සේ ඇමෙරිකාවට පැනගත්තා, විදේශ මුදල් පිරුන බෑග් එකක් අරගෙන. මේ එයා නේද..?

:       0       146

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 102 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 140 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 419 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 173 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 327 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 729 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site