(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා තිබූ රුපියල් ලක්ෂ 10 ක දේශීය සහ විදේශීය මුදල් සොරා ගත් පුද්ගලයා වව්නියාවේදී අද (28) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය.
සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 10 ක දේශීය හා විදේශීය මුදල් රුපියල් දෙලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ මෙන්ම රුපියල් ලක්ෂ පහක දැව භාණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 13 වැනිදා රාත්‍රී එහි ආරක්ෂාවට සිටි නිලධාරියාට නින්ද ගිය අවස්ථාවේදී සැකකරු එම ආයතනයේ ජනේලයක් බිද ඇතුළු වී මෙම මුදල් සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය එම කාර්යාලය අවට මාර්ගවල සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගත් ඇමරිකානු ඩොලර් නෝට්ටු , යුරෝ මුදල් නෝට්ටු වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශීය මුදල් හුවමාරු කරන ස්ථානයකට ලබාදී මෙරට මුදල් ලබා ගෙන එදිනම වව්නියාවට පැමිණි බව ප්‍රකාශ කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බම්බලපිටියේ ආයතනයකින් ලක්ෂ 10 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට