IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිසිය - උසාවිය බලපෑම්වලට යට නොවිය යුතුයි

(තරිඳු ජයවර්ධන සහ මනෝප්‍රිය ගුණසේකර)
 
රටේ අද ඇති වාතාවරණය ඇතුළේ කිසිම බලපෑමකට නතු නොවී කටයුතු කිරීමේ වගකීම පොලිසිය, අධිකරණය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැවරෙන බවත්, මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමේ වගකීම එම ආයතනවලට තිබෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

 
දේශපාලන න්‍යායපත්‍රවලට අනුව සිදුවීම් මෙහෙයවන්නට  වුවහොත් එයින් පොලිස් සේවයේ උත්තරීතරත්වය නැතිවී යන බව ද, එඩිතර බව සහ උත්තරීරතර බව ආරක්ෂා කරගෙන වගකීම් ඉටු කරද්දී කිසිම කෙනකුට අසාධාරණ ලෙස හිස නොනමා කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීම පොලිසියෙන් බොහෝ දෙනකු බලාපොරොත්තු වන බව ද අගරදගුරුතුමෝ කීහ.
 
කොළඹ අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළේ අපරාධ හා අපරාධ බුද්ධි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති  ප්‍රියන්ත ජයකොඩි මහතාගේ විසින් රචිත පොත් තුනක් එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
 
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා රචනා කළ රටම ගිනියම් කළ පාතාල අපරාධ, මේ ඒ කතා සහ රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව යන පොත් තුන අද කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි. ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න සහ දිලීප ජයකොඩි මහත්වරු එහි ප්‍රධාන දෙසුම් සිදු කළහ.
 
ජයකොඩි මහතා විසින් රචිත ‘රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව‘ නම් කෘතිය කලැත්තෑවේ ද්විත්ව ඝාතන සිද්ධියේ විමර්ශන අළලා රචනා කර ඇති අතර එවකට (හැටේ දශකයේ) විමර්ශන මෙහෙයවූ විශ්‍රාමික   නියෝජ්‍ය පොලිස්පති නවරත්න රාජා මහතා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් බි ඩබ්ලිව් සිල්වා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක් විය.
 

ශ්‍රී ලංකා පොලිසිය යනු විශාල වැඩකොටසක් ඉටු කරන ආයතනයක් බවත්, අටපාස් පොලිස් කාරයන්යැයි කියමින් සමාජ මාධ්‍යවල උසුලු විසුළු කළත් පවුල් ආරවුලේ සිට මහා පරිමාණ අපරාධ දක්වා සෑම කාරණයකදීම විමර්ශන සිදු කරන්නේ පොලිසිය බවත් මෙම අවස්ථාවට සහභාගී වූ පොලිසියේ නීති විනය සහ කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.  විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණවලදට පොලිසියෙන් කඳුළු ගෑස් එල්ල කරන හෝ ජල ප්‍රහාර එල්ල කරන සිද්ධි අළලා පොලිසිය රකුසකු කර ජනමාධ්‍ය පළ කළ ද ඇත්තටම සත්‍ය තත්ත්වය එය නොවන බව ද, ප්‍රශ්නවලට වෙනත් ආයතනවලින් පිළිතුරු නොදී පාරට බැස්ස පසු පොලිසිය කරන්නේ මාර්ග අවහිරතා වෙතොත් එය ඉවත් කිරීම බව ද, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ පොලිසිය නොව අදාල ආයතන බව ද අජිත් රෝහණ මහතා කීවේය.
 
මෙම අවස්ථාවට හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ද, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු පොලිස්පතිවරු කිහිප දෙනෙක්ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

(ඡායාරූප -  ශාන්ත රත්නායක)

 

 



අදහස් (8)

පොලිසිය - උසාවිය බලපෑම්වලට යට නොවිය යුතුයි

Nirmal Thursday, 15 August 2019 05:02 PM

මොනා කිව්වත් පොලිසියේ අල්ලස් ගැනීම ඉතා ඉහල මට්ටමක පවතිනවා. ලංකාවේ දුශීතම රජය ආයතනය අවිවාදයෙන්.

:       2       99

Chanak los angeles Thursday, 15 August 2019 08:22 PM

එහෙම යටනොවී හිටියොත් තරු පටි ගන්න එක හබක් තමයි අගරදගුරු තුමෝ. ලංකාවේ පොලිසිය කොන්ක්‍රීට් වෙලා තිබෙන්නේම බලපෑම් වලට යටත් වෙනු කියලයි. උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ. පොලිසියට කියාපු තේමා පාඨයයි.

:       0       132

Mahee Thursday, 15 August 2019 08:49 PM

ඔබ වහන්සේගේ බලාපොරොත්තුවම තමයි අපටත් තියෙන්නේ ස්වාමීනි. හැබැයි එක හීනයක් විතරයි. නාගානන්ද ආවොත් නම් ඒ හීනය හැබෑ වෙයි කියලත් හිතෙනවා.

:       2       159

Raveendra Friday, 16 August 2019 04:45 AM

ඔබවහන්සේගේ වටිනා අදහස් අප ඉතා ඉහලින් අගය කරන්නෙමු.නමුත් ඉර පායලා ඉර බැසයන දවසට ඒ සියලු දේවල් ඉටුවෙන බව නම් සක්සුදක් සේ විස්වාසයි. දන්නෝ දනිති. සමහර ආයතනන වල ඉතාමත් අවංක නිලධාරින් සුළු පිරිසක් ඉන්නා බවත් සදහන් කරන්නෙමු. ඔවුන්ට අප සැමවිටම අපේ ආශිර්වාදය පුද කරන්නෙමු.

:       0       2

thilakasiri Friday, 16 August 2019 09:35 AM

වත්මන් රජය ස්වාධීන කොමිෂන් ඇතිකර විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීමෙන්, නීතියෙන් ඔප්පු කළහැකි හේතු සාධක සහිත පැමිණිලිවලට ඕනෑම කෙනෙකුට නිවැරදි තීන්දු ලබාගෙන නිසි දඬුවම් ආදී ප්‍රතිචාර දැක්වීමටත්, තනි පුද්ගලයෙකුට පැවරී තිබුණු රටේ පාලන බලතල පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන මතධාරී පක්ෂ අතර මත ගැටුමකින් ජනතා පරමාධිපත්‍ය උපරිම කළහැකි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමටත්ය. විදුලි පංකාවක් නැවත්වීමට ස්විචය එබූ ගමන් නොනැවතී ටික වෙලාවක් කරකැවෙමින් තිබුණු අතටම කැරකී ක්‍රමයෙන් වේගය අඩුවී නවතින්නා සේ හැම දෙයක්ම එකවර වෙනස්නොවීමේ ස්වභාවය අවස්ථිතිය ලෙස හඳුන්වයි. මෙවන් මහා කර්තව්‍යයක් වත්මන් රජය කර තිබියදී ජනාධිපති අපේක්ෂකයන් ලෙස පෙනීසිටින්නට උත්සාහ කරන හැමදෙනාම තමන් බලයට පත්වී කරන දේවල් ප්‍රකාශ කරන්නේ විධායක ජනපතිවරුන් සේය. ඇත්තටම දැන් බලයට එන ජනපතිවරුන්ට හිතු හිතු දේ කළ නොහැක. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර මත ගැටුමකින් කළහැකි දේවල් පමණයි කළහැකි වෙන්නේ. ජනාධිපති වරණයත් අහෝසි කර ඒ සඳහා යන වියදමත් ඉතුරු කර පාර්ලිමේන්තු නියෝජිතයින් නඩත්තු කිරීමට යන වියදමත් සමස්ත රටවැසියාගේ අදායම් අනුව සලකා බලා හැකිතාක් අඩුකළ යුතුයි.

:       0       0

kamaniFriday, 16 August 2019 11:52 AM

නැහැ. මේ රටට අවශ්‍ය කලින් තිබුණු ජනාධිපති බලතල සහිත විධායක ජනාධිපති කෙනෙක්. කෙසේවෙතත් මේ පාර ජනාධිපති ඡන්දයෙන් පස්සේ පත්වෙන කෙනා සමහරවිට විධායක අගමැති කෙනෙක් විය හැකියි. එයාටත් පෙර සිටි විධායක ජනපතිගේ බලයම තිබිය යුතුයි. හැබැයි මතක තියාගන්න මේ පාර ජයගන්නේ, කොළ පාටවත්, නිල් පාටවත්, රතු පාටවත්, පොහොට්ටුවා වත් නොවන බව... නාගානන්ද මහත්මයාගේ කණ්ඩායම දිනුවොත්.. ඒ අය දැනටමත් ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක කරන්නේ... ඔන්න නියම ව්‍යවස්ථා. දේශපාලකයින්ට පෙන්ෂන් නැහැ. හිටපු අයගෙත් පෙන්ෂන් අහෝසියි. සෙකියුරිටි වාහන කාරයන් ඉවරයි. ගෙදර ගෑනි, පුතා, දුව, ලේකම් කරගැනීම ඉවරයි. තව තියෙනවා පළාත් සභා අහෝසියි. රට කොල්ල කාපු හොරුන්ට මාසයක් කල් දෙනවා කොල්ල කාපු මුදල් ආපසු දෙන්න. නමුත් හොරා ජීවිතාන්තයටම කුඩුවේ... ඉතින් මේවා තමයි අපේ රට ගොඩ නගන්න ඕනෑදේවල්... මේවාට විරුද්ධව අදහස් දක්වන්නේ සමහර කොල්ලකරයින්ගේ වහල්ලු,කොන්ද පණ නැති බයියලා වැනි නූගත් පිරිසක්...

:       0       0

i.o. Sirisena Friday, 16 August 2019 11:08 AM

මැරිලා ඉපදුනා වගේ කතා කරන්න. අද ස්වාධීන කොමිෂන් සභා පිහිටවලා අධිකරණයට,පොලිසියට රාජ්‍ය සේවට යම් තරමකට හෝ ස්වාධීන බවක් ලබා දුන් පසුව දැන් බණ කියවනවා එදා අධිකරණය ,පොලිසිය හා රාජ්‍ය සේවයේ නිළධාරින් තමන්ගේ කුලීකරුවන් හා දාසයන් වගේ තමන්ට ඕන ඕනා තීරණ හා තීන්දු ක්‍රියාත්මක කරන්න යොදා ගන්න කොට කතා කරන්න බැරි අය හිටියා.

:       0       0

සෙනෙවි Friday, 16 August 2019 12:02 PM

ඔවුන් බලපෑම්වලට යටවෙනවා නොවෙයි බලපෑම් කරලා සල්ලි ලබාගන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 162 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1468 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 223 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 431 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 380 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site