IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පේරාදෙණිය සරසවි සිසුහු පෙත්සමක් අත්සන් කරති

(චමිල් රුපසිංහ)

සම සෞඛ්‍ය සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනිම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දි අද (21) ආරම්භ කෙරිණ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම පෙත්සමට අත්සන් ගැනීම 24 වැනිදා දක්වා පැවැත්වෙයි.

මෙයට දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලින්ද අත්සන් ගන්නා බවත් ඉන් අනතුරුව එම පෙත්සම අධ්‍යපන බලධාරීන්ට ලබා දීමට නියමිත බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුන සංකල්ප පැවැසිය.



අදහස් (12)

පේරාදෙණිය සරසවි සිසුහු පෙත්සමක් අත්සන් කරති

බද්රානි Tuesday, 21 November 2017 11:53 AM

මේ අයගේ අධ්‍යාපන අයිතියට එරෙහිව කිසිවෙක් මහ පාරේ අරගල නොකලාට, මොවුන්ගේම දෛවය විසින්ම මේ අයට එරෙහිව ස්වයං අරගලයක් කරලා වගෙයි නේද? තමන් වපුරන බීජම තමයි යම් දිනෙක තමන්ට නෙලා ගන්න හැකිවන්නේ කියලා තව ටික කලක් ඔහොම යද්දී, කාට කාටත් අවබෝධ වෙයි.

:       0       167

ධනුෂ්කWednesday, 22 November 2017 03:09 AM

බද්රානී ඔයා විශ්ව විද්‍යාල සිසුන් සමග මාර වෛරයක් තියෙන්නේ. ඕකට කියන්නෙ කුහකකම.එයාලා මේ කරන්නේ යහපත් වැඩක්. මේක කළොත් සම සෞඛ්‍ය සිසුන්ගේ තත්වය තවත් උසස් වෙනවා. මේක හොඳ දෙයක්. ඔවුන් පහු ගිය කාලේ අරගල කරලා කළමණාරන පීඨයකුත් දිනා ගත්තා. ඔවුන් තියෙන තත්වය තවත් උසස් කරගන්න හදන්නේ. පුළුවන්නම් බොරු අවලාද නැතුව ඔයා ඔයාගේ තත්නය උසස් කරගන්න

:       1       0

mahinda gamage Tuesday, 21 November 2017 12:34 PM

ඔය සටනට අන්තර් විශ්ව විද්‍යාල අට මගලෙන් සහයක් නැද්ද ඊලගට දොස්තර මාෆියාව මෙකී නොකී සයිටම් සටනේ පරපුටුවන් කොහිද බලමු.

:       67       136

ranjith Tuesday, 21 November 2017 12:45 PM

හුග කාලෙකට පස්සේ අන්තරේ හොද වැඩකට අත ගහලා

:       9       14

Sam Tuesday, 21 November 2017 01:48 PM

රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය මේකට විරුද්ධ ඇයි? මේ ළමයිගේ කබායේ (dust coat) අතේ දිග සහ සම සෞඛ්‍ය උපාධිය අවුරුදු 4 කිරීම තමයි GOMA එකට තියන දැවෙන ප්‍රශ්න.

:       0       87

nilmini Tuesday, 21 November 2017 03:20 PM

මොන විකාරද මේ කරන්නේ ? දෙමාපිය සංගමේට කියන්න මාරාන්තික උපවාසයක් කරන්න කියල ? අනුන්ට කැපු වලේ තමුන් වැටෙනකොට සනීපයි නේද ?

:       1       104

chathuri Tuesday, 21 November 2017 03:26 PM

එහෙම වුනොත් රෝහල්වලට දෙවියන්ගේම පිහිටයි ගියගමන් උපවාසේ පටන් ගනී. අපිව ස්ථීර කරන්න කියල. කරුණාකර ඉගෙනීම අවසන් කර සුදුසු රැකියාවක් හොයාගන්න. රෝගීන් අමාරුවේ දමන්නේ නැතිව. ඔය උපාධි තියෙන අයගේ නැති මනුස්සකම සාමාන්‍ය කට්ටිය ලග තියෙනවා

:       1       94

Ileperuma Tuesday, 21 November 2017 04:10 PM

ඕකට ඉඩ නොදෙන්නේ දොස්තරලමයි.

:       60       85

kavantissa Wednesday, 22 November 2017 02:19 AM

හොඳයි ඉතින් පාර අවහිර කර, අට්ටාලයක් දෙකක් පාර මැද හදාගෙන උද්ගෝෂණය පටන්ගන්නේ කවදාද?

:       0       0

ධනුෂ්ක Wednesday, 22 November 2017 03:31 AM

නිල්මිනි ඔවුන් වලක වැටිලාවත්. අමාරුවේ වැටිලවත් නෑ ඔවුන් හදන්නේ ඉන්න තත්වෙන් ටිකක් ඉහළට යන්න. එ්ක යහපත් දෙයක්. ටිකක් හොයලා බලාලෙ මේ වගේ තැන්වල අදහස් දාන එක ඔයාට හොඳයි. එ් සිසුන් කොහොමත් උගත් බුද්ධිමත් නැතුව ඔය තත්වට යන්න බෑනේ. එයාලා කරන්නෙත් කල්පනෙ කරලා හරි දේ. මෝඩ වැඩ කරනවනම් එකෙක් දෙන්නෙක් කරයි. හැබැයි බහුතරයක් මෝඩ වැඩ කරනවා වෙන්න බෑනේ. එතැනට යන්න බැරි වුන අයට මේවා දකිද්දි සියුම් කුහක කමක් වෛරයක් එනවා.

:       0       0

dilki Wednesday, 22 November 2017 03:37 AM

පෞද්ගලික විශ්වවිද්‍යාල නවතා දැමිය යතුයි. මේවා නතර කිරිම හා අලුතින් එතරම් දෙයක් නොකිරිම හොදයි. රජයෙ විශ්විද්‍යාලයකින් උපාධි නොගත් අය නොපිලිගත යුතුයි.

:       14       0

Ruwan Wednesday, 22 November 2017 09:29 AM

ධනුෂ්ක, මේ රටේ බහුතරයක් තරුණ උපාධිදාරින්ට සහ සිසුන්ට ඉහවහා ගිය මහන්තත්වයක් තිබෙනවා. කරුණාකර ඒක පිළිගන්න. රටේ එකම බුද්ධිමත් කොට්ඨාශය තමන් විතරයි කියලා. මේ රටේ තමන්ට කලින් උපාධිය ලබපු ඉහනිකට පැසුණු දැන උගත් වැඩිහිටියන් වගේම මනාව සුදුසුකම් ලැබූ උගත් වෘත්තිකයන් මේ රටේ ඉන්නවා. ඔය දිස්ත්‍රික් ක්‍රමයට අඩු ලකුණු වලින් සරසවියට පැමිණි අයට වැඩිය ලකුණු 50-60 ගත්තු ප්‍රධාන නගරවල බුද්ධිමත් පිරිසකට සරසවිවරම් අහිමි වෙලා වෙනත් වෘත්තීය අධ්‍යාපනයන්ට යොමු වෙනවා. ඒ උදවිය කිසිම රැකියා කුසලතාවක් නැති සමහර උපාධිදාරින්ට වැඩිය දක්ෂයි. ඔක්කොටම කලින් තමන්ගේ මහන්තත්වය නැති කර ගන්න. උගත්කමයි, බුද්ධිමත් කමයි දෙකක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 104 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 415 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 327 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 249 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 635 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1285 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site