(චන්ද්‍රසේන ගමගේ)
මව සහ පියා නිවසින් බැහැරව සිටි අතරතුර දී නිවසේ රැඳී සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන් වාර්තා වේ.
මිය ගොස් ඇත්තේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන් නෙත්සර ඩයස් ගුණවර්ධන නම් පාසල් සිසුවා බව පොලීසිය පවසයි.
අද (19) පෙරවරු 8.30 ට පමණ මියගිය පාසල් සිසුවා ගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත් මව සහල් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසලට ගොස් සිටි බවත් මියගිය සිසුවා නිවසේ තනිව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
වෙළඳසැලට ගොස් සිටි මව නැවත නිවසට පැමිණීමෙන් අනතුරු ව නිවසේ ජනේලයක එල්ලී සිටි දරුවා දැක ඇති අතර පසුව ඇය කෑගසා ප්‍රදේශවාසීන් ගෙන්වාගෙන සිසුවා කටුවන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහලට රැගෙන යන විට සිසුවා මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය සිසුවාගේ මරණය පිළිබඳව සැක පහළ කර ඇති කටුවන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට සිද්ධිය වාර්තාකර තිබේ.
අනතුරුව කටුවන පොලිසිය මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර පොලිසිය සැක කරන්නේ මියගොස් ඇති සිසුවා ගේ මරණය ඝාතනයක් විය හැකි බවයි. මියගිය සිසුවා මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීම සඳහා සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මූලික රෝහලට යවා තිබේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාසල් සිසුවෙක් සැකකටයුතු ලෙස මියයයි