IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධියි - එම්.ඒ.සුමන්තිරන්

(එෆ්.අස්ලම්)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත් එකී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා සිකුරාදා(9) මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර හතර හමාරක් ගත වීමට පෙර ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය නොහැකියි. ඔහුට ඒ සදහා බලයකුත් නැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් පැහැදිලිවම සදහන් කරල තියෙනවා. එවන් තත්වයක පාර්ලිමේන්තුව මෙලෙස විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක අනුමත කරන්නේ නැහැ. එහෙත් එක් දෙයක් තියෙනවා. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගන්න අපට ටික කාලයක් ගතවෙනවා.

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව සිටින පාර්ශවයට මේ කාලය එක් අවස්ථාවක් උදව්වක් වේවි.මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අධිකරණය අනුමත නොකරන බව දැන දැනම එය විසුරුවා හැරීම තුළින් තව ටික කාලයක් හරි ඔවුනට තියෙයි කියන හැගීම මත මෙලෙස කටයුතු කර තිබෙනවා.

සති අන්තයේ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අපට අධිකරණය හමුවට යාමට  තවත් දින දෙකක් ගත වන බව දැනගෙන එය අවස්ථාවක් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.මෙම නියෝගයට අභියෝග කිරීමට අපි සූදානම් යැයිද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (8)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධියි - එම්.ඒ.සුමන්තිරන්

p.d goonawardena Saturday, 10 November 2018 10:38 AM

නුඹ නාඩන්... නුඹ නාඩන්... නුඹට ඕවා හොඳ පාඩම් ... උඹලම නේද? 2015 ජනවාරි 08 විකාර කළේ...

:       368       766

nishanSaturday, 10 November 2018 10:50 PM

විකාර වෙලා තියෙන්නේ රට සහ ජනතාවගේ ජිවිත... එය තේරුම් නොයාම දුකක්...

:       0       0

nishanMonday, 12 November 2018 10:09 AM

අනේ මෙහෙමත් ජාතියක්. තමුන්ගේ වල තමුන්ම කපාගෙන එ්කේ බැහැලා ඩාන්ස් කරනවා...

:       0       0

sisira Saturday, 10 November 2018 01:30 PM

රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ඇමරිකන් ඩොලර් වලට විකුණන දේශපාලුවෝ

:       0       0

Jaya Saturday, 10 November 2018 01:49 PM

බලාගෙන ගියහම මේගොල්ලොත් ඡන්දයකට බයයි. මොකද දැන් දෙමල සංවිදානයත් දෙකට තුනට කැඩිලා. විග්නේශ්වරනුත් අලුත් පක්ෂයක් පිහිටුවා ගෙනනේ තියෙන්නේ.

:       0       0

Chanak Los angeles Saturday, 10 November 2018 05:50 PM

1 1 යි දෙකයි වගේ නීතිය තුල ප්‍රශ්නයකට තිබිය යුත්තේ එම කරුණ සම්බන්දයෙන් අර්ථ කථනය කර සටහන් කරන ලද උත්තරය පමණි . එහෙනම් තමන්ගේ වාසියට මේකල දෙය හරියි වැරදියි කියන එක නොවෙයි නේද ? 19 සංශෝදනයට අමෙන්ඩ් කර ඇති යම් විධායක බලතල අහෝසිකිරීම් රීතීන් තුල පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ බලයත් අමෙන්ඩ් කර ඇතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වරදක් නොවේ කියා කියන්න පුළුවන් පිස්සෙකුටම පමණයි

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 10:29 PM

හලෝ ඔය ඉල්ලන්නේ ජනතාවගේ කැමැත්ත බොහොම වටිනවා එකට ඉඩදෙනවා. මේ අවස්ථාවේ මන්තිරිලාගේ කැමැත්තෙන් ජනතාවට නැත.

:       0       0

Rohana Sunday, 11 November 2018 01:52 AM

ජනාධිපති කෙරුවේ නීති විරෝධී වැඩක් උනත් ව්‍යවස්ථාව උල්ලංඝණය කලා කියලා ජනාධිපති උසාවි කැඳවන්න බෑ නේද?

:       3       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 26 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 864 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1587 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1806 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 941 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 885 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site