IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාලන්දේ තරුණ විද්‍යාඥයාට මලයාසියාවේදී තවත් රිදී පදක්කමක්

(ගයාන් සූරියආරච්චි)

මලයාසියාවේ විද්‍යා තාක්‍ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය හා රාජකීය හමුදා පාසල එක්ව ප‍්‍රථව වරට සංවිධනාය කළ විද්‍යාඥ සමුළුවේදී නාලන්දා විද්‍යාලයේ ඉගැනුම ලබන රකිඳු රන්දිව් වික‍්‍රමරත්න පාරිසරික අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

නාලන්දා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලබන රකිඳු, වායු දුෂණය ඇතුලූ පරිසර තත්ත්ව නිසා ගස්වල පරාග මත තැන්පත්වන වායු දුෂක ඔස්සේ අසාත්මිකතා වැඩිකළ හැකි බවට ඉදිරිපත් කළ පර්යේෂණය වෙනුවෙන් රිදී පදක්කම හිමිවිය.

එම විදුහලේ රවිඳු මනෝහර හා තුමත් පීරිස් සහ සුහිත් ජයසේකර යන සිසුහු ද තම පර්යේෂණ වෙනුවෙන් ලෝකඩ පදක්කම් 2 ක් හිමිකර ගැනීමට සමත්වූහ.

මෙම විද්‍යා සමුළුවේදී පෝස්ටර් අංශයෙන් පමණ නොව අන්තර් ජාතික විනිසුරු මඬුල්ලක් ඉදිරිපිට තම පර්යේෂණ සජීවීව ඉදිරිපත් කිරීමෙන්ද තෝරාගැනීම් සිදුවිය. ජාත්‍යන්තර තලයේ පර්යේෂණ හා නව නිපැයුම් එහිදී ඉදිරිපත් කර තිබූ අතර ඔස්ටේ‍්‍රලියාව, ඉරානය, ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, ගුවාමි රාජ්‍යය, නයිජීරියාව සහ ලාහෝසය ඇතුලූ රටවල තරඟකරුවන් 300 කට අධික පිරිසක් සහභාගිවූහ.

මීට පෙර රකිඳු රන්දිව් ජර්මනියේ ස්ටුට්ගාට්හි පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදීද රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය. එහිදී ලාබාලම තරුණ විද්‍යාඥයා ලෙසද ගෞරවාදරයට පත්විය. 

 



අදහස් (4)

නාලන්දේ තරුණ විද්‍යාඥයාට මලයාසියාවේදී තවත් රිදී පදක්කමක්

raveendra Friday, 21 July 2017 08:22 AM

පාසැල කුමක් වුවද පුතේ නුබලා ලංකාමාතවගේ අනාගත දරුවෝය.ඉදිරියටත් තවතවත් තම උපන් බිම වෙනුවෙන් උපන් දේශය වෙනුවෙන් කිර්තිය ලබාදීමට ඔබසැමට ධර්ය ලැබේවා.අපගේ වැඩිහිටියන් පෙම්බර ලංකාමාතාව පාවාදීමට සැදීපැහැදී සිටින මෙවැනි අවාසනාවන්ත කාලයක පාසල් දරුවන් වන ඔබලා මෙසේ තම උපන් බිමට කීර්තියක් ගෙනාම ගැන අප සතුටුවෙමු.

:       0       69

raveendra Friday, 21 July 2017 08:24 AM

පාසැල කුමක් වුවද පුතේ නුඹලා ලංකා මාතාවගේ අනාගත දරුවෝය. ඉදිරියටත් තවතවත් තම උපන් බිම වෙනුවෙන්, උපන් දේශය වෙනුවෙන් කීර්තිය ලබාදීමට ඔබ සැමට ධෛර්යය ලැබේවා. අපගේ වැඩිහිටියන් පෙම්බර ලංකාමාතාව පාවාදීමට සැදී පැහැදී සිටින මෙවැනි අවාසනාවන්ත කාලයක පාසල් දරුවන් වන ඔබලා මෙසේ තම උපන් බිමට කීර්තියක් ගෙනඒම ගැන අප සතුටුවෙමු.

:       0       30

raveendra Friday, 21 July 2017 08:44 AM

පාසැල කුමක් වුවද පුතේ නුඹලා ලංකා මාතවගේ අනාගත දරුවෝය. ඉදිරියටත් තවතවත් තම උපන් බිම වෙනුවෙන් උපන් දේශය වෙනුවෙන් කීර්තිය ලබාදීමට ඔබසැමට ධෛර්යය ලැබේවා. අපගේ වැඩිහිටියන් පෙම්බර ලංකාමාතාව පාවාදීමට සැදී පැහැදී සිටින මෙවැනි අවාසනාවන්ත කාලයක පාසල් දරුවන් වන ඔබලා මෙසේ තම උපන් බිමට කීර්තියක් ගෙනීම ගැන අප සතුටුවෙමු.

:       0       93

upul Friday, 21 July 2017 09:24 AM

නියමයි. සුභපැතුමි පුතේ තව තව දිරිමත් වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 46 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 234 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 104 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 103 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 103 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 835 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site