IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


නාරාහේන්පිට හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)


වෛද්‍යවරයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්‍ෂ 25ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා තමන්ට එරෙහි සියලුම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද  (18) පැවසුහ.


කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකු වන ශාන්ත ලොකුබණ්ඩාර නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 80ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වු අධිචෝදනා විත්තිකරුවන්ට කියවා තේරුම්කරදුන් අවස්ථාවේදී විත්තිකරුවන් එසේ පැවසුහ.


ඒ අනුව විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කළ අතර පැමිණිල්ලේ ප‍්‍රථම සාක්කිකරු වන වෛද්‍ය ශාන්ත ලොකුබණ්ඩාර මහතා සාක්කි ලබාදුන්නේය.


2015 නොවැම්බර් මස 11 වැනිදාත් 2015 නොවැම්බර් මස 27 වැනිදාත් අතර කාලය තුලදී නාරාහේන්පිට ප‍්‍රදේශයේදී ශාන්ත ලොකුබණ්ඩාර නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 80ක අල්ලසක් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 80ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 25ක අල්ලසක් ලබා ගැනීම මෙන්ම එම අල්ලස් මුදල ලබාගැනීමට ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 13ක් යටතේ අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.


මෙලෙස නඩු පවරා ඇත්තේ නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ධම්මික ගුණතිලක සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිස්සසිරි සුගතපාල යන මහත්වරුන්ට එරෙහිවය.


විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා 24 විවෘත අධිකරණයේදී කියවා තේරුම් කරදෙන ලද අතර මෙම චෝදනාවන්ට තමන් වරදකරුවන්ද? නිවරුදිකරුවන්ද? යනුවෙන් නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විත්තිකරුවෝ තමන් මෙම චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කියා සිටියහ.


ඒ අනුව පැමිණිල්ලේ නඩුව විභාග කිරීම ආරම්භ කළ අතර පැමිණිල්ල වෙනුවෙන් පැමිණිල්ලේ ප‍්‍රථම සාක්කිකරු වන වෛද්‍ය ශාන්ත ලොකුබණ්ඩාර මහතා සාක්කි ලබාදුන්නේය.


වැඩිදුර සාක්කි විභාග කිරීම ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා දන්වා කල් තබන ලදී.
 
 
 



අදහස් (0)

නාරාහේන්පිට හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 21 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 46 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 37 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 158 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 166 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 548 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site