IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නවාස් ෂරීෆ් අත්අඩංගුවට

ලාහෝරයේදීය (රොයිටර්)

බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි. 

එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා වලට වරදකරු කරමින් පාකිස්තාන අධිකරණයක් ඉකුත් දා හිටපු අගමැතිවරයාට වසර දහයක සිර දඬුවමක් නියම කළේය.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී අද (13) රාත්‍රීයේ හිටපු අගමැතිවරයා සමඟ ඔහුගේ දියණිය ද අත්අඩංගුවට පත්වූහ. 

නවාස් ෂරීෆ්ට සහාය දක්වන පාක්ෂිකයන්ගේ විරෝධතා නැවැත්වීම සඳහා ආරක්ෂක අංශ නගරයේ ස්ථාන කිහිපයක ස්ථාන ගත කිරීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබිණි. 

පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර නවාස් ෂරීෆ්ගේ පැමිණීමත් සමඟ මැතිවරණය තවත් උණුසුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 

හිටපු අගමැතිවරයාට සිරදඬුවම් නියම වීම ඔහු නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය-එන්’ පක්ෂයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. 

නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටී. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්තානයේ ආරක්ෂක අංශවල සහාය හිමිවන බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ අතර නවාස් ෂරීෆ් අපරාධකරුවකු යැයි ද ඔහුට කිසිදු සහායක් හිමි නොවිය යුතු යැයි ද ඉම්රාන් ඛාන් අවධාරණය කරයි. 

055

 



අදහස් (8)

නවාස් ෂරීෆ් අත්අඩංගුවට

සතයපාල Saturday, 14 July 2018 02:18 AM

ලංකාවේ නවාස් ෂරිෆ්ලා ආණ්ඩු පෙරලන්න කතා කරනවා. පාකිස්ථානයේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       724       778

LashanSaturday, 14 July 2018 06:53 AM

කට්ටිය බලා ගත්තා නම් මුස්ලිම් කියන රටේ නීතිය ක්‍රියාකරන වදිහ. අපේ රටේ කොහොමෙයි?

:       63       13

Sanath Saturday, 14 July 2018 08:04 PM

තුන්වෙනි ලෝකේ රටවල් වල නායකයෝ ඔවුන්ගේම රටේ මුදල් යටිමඩි ගහල ලෝකේ හැමතැනම දේපොළ මිලට අරගෙන අන්තිමේදී නරකාදියට යනවා. රටේ සල්ලි නැතිවෙනකොට අපේ රටත් මිහිපිට අපායක් වෙනවා එතකොට අපිත් පණපිටින්ම අපාගතවෙනවා.

:       0       4

Shan Sunday, 15 July 2018 07:17 AM

මේවයින් වත් පාඩම් ඉගෙනගෙන අපේ රටේ හොරුන්ට දඬුවම් දෙන්න.

:       0       5

Asanka Sunday, 15 July 2018 08:20 AM

පාකිස්ථානය මුස්ලිම් රටක් වුණාට කමක් නැහැ. මේවා දිහා බලලවත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න ලොකු පොඩි සැමට එකසේ...

:       0       1

LashanSunday, 15 July 2018 09:15 AM

කට්ටිය කැමැති නැහැ. ඒකනේ ඩිස්ලයික් මට දාන්නේ...

:       0       0

sirimal Sunday, 15 July 2018 09:14 AM

පාකිස්ථානයේ තෙවරක්ම අගමැතිකම් දරා මහජන දේපොල හොරකම් කර මාට්ටු වූ නවාස් ෂරීෆ්ට වසර 11 ක්ද, දියණිය මේරියම්ට වසර 10 1/2 ක්ද සිර දඬුවම් නියම වී හිරගෙට ගියහ. ඇමෙරිකන් ඩොලර් මිලියන 11ක් දඩ ගැසුම්ද කෑහ. මේ තත්ත්වය එරට ඇති වූයේ ලංකාවේ මෙන්ම 2010 සිදුකරන ලද ජනාධිපති බලතල ප්‍රමාණයක් අහිමි කරමින් සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව ස්ථාපනය කරන ලද වගවීමේ අධිකරණය මගින් නඩු විභාගයක් පවත්වමිනි. ලංකාවේ සඳුදා ඇරඹෙන දූෂණ නඩු අහන විශේෂ මහාධිකරණ වල දී තමන්ගේ නඩුව පළමුවෙන්ම අහන්නැයි ගෝඨාභය රාජපක්ෂ කියා තිබිණ. දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණ වල තිබෙන නඩු වළක්වා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය පස්සේ දුවන ඔහුගේ ඒ ප්‍රකාශය පුදුම සහගත වුවද අද පාකිස්ථානය හෙට ශ්‍රී ලංකාව වීමේ ලක්ෂණ බොහෝ දුරට විද්‍යාමාන කෙරේ. මල්ලිලා දිනන්න නම් අයියලා හිරේ යා යුතුය. පුතාලා දිනන්න නම් අප්පා, කුඩප්පලා හිරේ යා යුතුය. පසුව බලයට එන කවුරුත් කලින් හිරේ ගිය උන්දැලා එළියට ගන්නේය. දකුණු ආසියාවේම දේශපාලනය සිදුවන්නේ ඒ පරිද්දෙනි. ලංකාවේ කියා කිසිම වෙනසක් නැත.

:       0       314

පිටිගල මිලානෝ Sunday, 15 July 2018 11:09 AM

අපේ රටේ හොරු ටිකද ඇතුළට දමන්න ඉක්මනින්ම. නාගනන්ද මහත්තයාටවත් රට බාරදීලා බලමු.

:       0       46

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 835 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1550 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1765 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 927 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 874 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site