IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙමළ ජාතික සන්ධානයට අභියෝග කිරීමට විග්නේෂ්වරන් සැරසෙයි

එෆ්.අස්ලම්
 
 
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් දෙමළ ජනතා පෙරමුණ උතුරු නැගෙනහිර සියළුම ආසන සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කර දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල කිරීමට තීරණය කර ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද (12) වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මොහොතක විග්නේෂ්වරන් මහතා සිය දේශපාලන පක්ෂයෙන් තරග කරවීම සදහා අපේක්ෂකයින් තෝරමින් සිටින බවත් ඔහු සමගින් එක්ව දේශපාලනය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් කැමැත්ත පලකර තිබෙන බවත් දෙමළ ජනතා පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය.
 
උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් සී.වී විග්නේෂ්වරන් මහතාට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ආනන්දි ශෂිතරන්,කේ.ගුණසීලන්,කන්දයියා සර්වේෂ්වරන් යන උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් මෙන්ම එම පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක්ද සහාය පළ කර සිටියහ. එමෙන්ම දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද විග්නේෂ්වරන් ට සහාය පළ කර සිටියහ.
 
ප්‍රතිපත්ති කඩකිරීම,දෙමළ ජනතාව මුලා කිරීම,රජයේ හවුල්කරුවන්ව කටයුතු කිරීම,දෙමළ ජනතාවගේ ගැටළු නිරාකරණය නොකිරීම,ජාතික ගැටළුවට විසදුම් ගෙන ඒමට නොහැකිවීම යන චෝදනාවන් එල්ල කරමින් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ජනහමු පවත්වමින් දේශපාලන වශයෙන් දැඩි පීඩනයක් විග්නේෂ්වරන් මහතා ප්‍රමුඛ සිය පක්ෂයේ නියෝජිතයින් එල්ල කර සිටින බවද පැවසේ.



අදහස් (1)

දෙමළ ජාතික සන්ධානයට අභියෝග කිරීමට විග්නේෂ්වරන් සැරසෙයි

Bamunuarachchi Sunday, 11 November 2018 10:31 AM

ඔයගොල්ලෝ ඇන කොටා ගෙන ඉවරවෙලා අපිට කියන්නකෝ. ඊට පස්සේ අපි වැඩ පටන් ගන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 70 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 187 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1647 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 245 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 456 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site