IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


දුම්කොළ සමාගමට ඇමැති රාජිතගෙන් චෝදනාවක්

දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුළ ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.
 

  “දුම්බීම අවම කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10 න් 09 ක්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන බව පැවැසු අමාත්‍යවරයා  දුම්වැටි සදහා 90% ක බදු පැනවීමේ දී විවිධ බලපෑම් එල්ල වු බවත් එහිදී සඳහන් කළේය.
 
 දුම්වැටි භාවිතය අවම කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් භාවිතයෙන් ඉවත් වී ඇති බවත්,  දුම්වැටි වෙනුවට බීඩි භාවිතය වැඩි වී  ඇති බවට බොරු මතයක් රටතුළ ඇති කර ඇතැයිද පැවැසීය.
 
 නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙනවා නම් රජය, පොලීසිය, ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව එය පාලනය කිරිමට පියවර ගත යුතු බවත්, දුම්කොළ සමාගම් විසින් නීති විරෝධි සිගරට් ලංකාවට ගෙන ඒමට කටයුතු කර  අනතුරුව,  දුම්කොළ සමාගම ම ඔත්තුව ලබාදෙන බවත්, නීතී විරෝධි සිගරට් භාවිතය වැඩි වී ඇතැයි  රට තුළ ජනමතයක් නිර්මාණය කරන බවද  සඳහන් කළේය.
 
ඇතැම් රාජ්‍ය නිලධාරීන් දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනි සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.
 
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදි කළ හයවැනි ඖෂධ හා සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම  වෙනුවෙන් අද (20) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
 දේශීය පෞද්ගලික සමාගමක් විසින් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරිණි.
 
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත.
 
ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි.
 
 එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
 

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය කරන බවත්  2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත. 

 

(36698)



අදහස් (1)

දුම්කොළ සමාගමට ඇමැති රාජිතගෙන් චෝදනාවක්

Mahesh Sunday, 20 January 2019 01:06 PM

බහුතරයක් බීඩි බොන කතාව නම් සත්‍ය කතාවක් ඇමැතිතුමෝ... පාසල් යන වයස් ඉන්න කොලුගැටයන්ගේ පටන් වැඩිහිටියන් දක්වා බහුතරයක් බීඩිවලට ඇබ්බැහි වී හමාරයි. මොකද සිගරට් එකක් ගන්න මුදලෙන් බීඩි 10ක් මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා තිබෙන නිසා...

:       110       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා
2024 මැයි මස 14 565 0

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස


බිරියගේ ඝාතනයට වසර හතරකට පසු සැමියා අල්ලයි
2024 මැයි මස 14 390 0

සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී
2024 මැයි මස 14 547 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප


දිසා හතරකට නාය අනතුරු අඟවයි
2024 මැයි මස 14 91 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී
2024 මැයි මස 14 687 0

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ


ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි
2024 මැයි මස 14 110 0

එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 697 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site