IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය 24 වැනි දා විවෘත කෙරේ


(නිමල කොඩිතුවක්කු)
 
ඇමරිකානු ඩොලර් බිලියන 3.95ක් වටිනා, ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලබන 24 වනදා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.
 
එම ව්‍යාපෘති අතර ඇමරිකානු ඩොලර් මිලියන 3,850ක් ආයෝජනය කරමින් තෙල් පිරිපහදු සංකීර්ණයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 100කින් ඉදිවන සිමෙන්ති නිෂ්පාදන කම්හලක්ද වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ  පිහිටි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
තෙල් පිරිපහදු සංකීර්ණ ව්‍යාපෘතිය අවුරුදු 04ක ව්‍යාපෘතියක් වන අතර එය සිංගප්පූරු සහ ඕමාන් සමාගමක් විසින් ආයෝජනය කරනු ලබයි.
 
සිමෙන්ති නිෂ්පාදන කම්හල සඳහා දේශීය ආයතනයක් විසින් ආයෝජනය කරනු ලබන අතර එම ව්‍යාපෘතිය සඳහා වසර පහක කාලයක් වැයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
මෙම ව්‍යාපෘති මගින් සෘජු හා වක්‍ර රැකියා 5,000කට අධික සංඛ්‍යාවක් බිහිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.
 
මෙම ව්‍යාපෘති දෙක ඇරඹීමත් සමඟ හම්බන්තොට වරාය සහ  මත්තල ගුවන්තොටුපල කාර්යක්ෂමව සහ සක්‍රීයව භාවිත කළ හැකි බවත් සඳහන් කළ  නලීන් බණ්ඩාර මහතා එමගින් මෙරට ආර්ථිකය වඩාත් ශක්තිමත් වනු ඇති බවද කීය.



අදහස් (10)

දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය 24 වැනි දා විවෘත කෙරේ

Onil Tuesday, 19 March 2019 01:19 PM

දැන් හම්බන්තොට චීන්නුන්ගේ නෙමේද? අපි වරාය පාවිච්චි කරන්න ඒ ගොල්ලන්ට ගෙවන්න ඕනේ නැද්ද?

:       0       4

perera Tuesday, 19 March 2019 01:58 PM

ඕනේ නෑ. 99 අවුරුද්දට බදු දීලා තියෙන්නේ... එයත් ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා චීන අනුබද්ධ සමාගමක් හරහා සමාගමෙන් 70% චීනයටත් 30% ක් වරාය අධිකාරියටත් අයිතියි. ඕකේ ණය කොළඹ වරායේ ආදායමෙන් ගෙවන එක දරන්න බැරි නිසා ඕක කලේ... එයින් ඩොලර් බිලියන් 1.3 හම්බවුණු, එකෙන් තමයි ණය ගෙව්වේ... ඕක කරනකොට, කරන විදිය කට කැඩෙනකන් කිව්වා. කොහෙද විකුණනවා, විකුණනවා කියලා මැරෙන්නා හැදුවා. අදටත් ලංකාවේ 90% ක් දන්නේ නෑ වූනේ මොකක්ද කියලා... මහින්දගේ බයියෝ සෙට් එක නම් තාම හිතන් ඉන්නේ වික්කා කියලා...

:       56       28

BamunuarachchTuesday, 19 March 2019 02:38 PM

62 සාමාජිකයෙක් වගේ. අපි නොදන්නා බොහෝ දේ අපිට කියලා දුන්නා. අපිත් මෙරටේ ජීවත් වෙන මිනිස්සු. අපි දන්නාවා රටට වැඩක් කලේ කවුද නොකළේ කව්ද කියා. අපි කතා කොරනකොට මහින්ද කරපු වැඩ කියනවා. කෝ ඔයාලා රනිල් මේ අවුරුදු 4 කරපු වැඩ කියන්නේ නැහැනේ.

:       3       0

Bamunuarachchi Tuesday, 19 March 2019 01:32 PM

දැන්ද නින්දෙන් ඇහැරුනේ. මේ අවුරුදු ගණන මහින්ද මහතා සිටියානම් ඔය ව්‍යාපෘති 24 ත් ඉවර කරලා මේගොල්ලෝ තාම පාරම්බානවා.

:       23       58

Bamunuarachchi Tuesday, 19 March 2019 01:32 PM

දැන් ඕවා ණය නොවෙයිද? ඔය ව්‍යාපෘති පටන්ගෙන තිබුනොත් ඔබලා 2020 දී පැරදුනාම ඔය ව්‍යාපෘති කරන්න වෙන්නේ පොහොට්ටු ආණ්ඩුවට. ඊළඟ මැතිවරණයේදී පොහොට්ටු රජය ලෝකෙට ණය උනා කියා මේ ණය පෙන්වනවාද?

:       1       17

බන්ඩා Thursday, 21 March 2019 02:11 PM

දැන් කවුද 2020 පැරදෙන්නේ ? බමුණුආරච්චි, ඔයා හීන දකිනවද? වැලේ වැල් නැතිව හොරුන්ට ගෙදර යන්න වෙන්නේ කියලා දන්නේ නැත්ද තවම? අපි 2020 න් පස්සේ ඔයාව හොයාගන්න ඉන්නේ මේ. එදාට හම්බවෙලාම කතා කරමු ඈ.

:       0       0

Raveendra Tuesday, 19 March 2019 01:50 PM

මේ මොකාටද එන්න හදන්නේ?? හොදා හොදා...

:       0       0

BamunuarachchiTuesday, 19 March 2019 04:08 PM

සුපුරුදු පරිදි තවත් ෆොක්ස්වැගන් ප්‍රෝඩාවකට...

:       0       0

BamunuarachchiFriday, 22 March 2019 06:27 AM

කීව හරි නේද අද 22 පුවත් පතක තිබෙනවා ඕමානය මෙහෙම කියනවා. "හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන අපි දන්නේ නෑ; ඕමාන් ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කරයි" ෆොක්ස්වැගන් ප්‍රෝඩාව කාටද අර 62 ට

:       0       0

Bamunuarachchi Tuesday, 19 March 2019 05:13 PM

මෙයාගේ කතාව හරියට නිමකළ ව්‍යාපෘති විවෘත්ත කරනවා වගෙයි. මේ ගොල්ලෝ තාම පටන් ගැනීම විවෘත්ත කරනවා. කාවද මේ ගොනාට අන්දන්නේ අර 62 මිසක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 25 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 856 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1579 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1798 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 940 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 883 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site