IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක්

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

 
ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
 
රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21)   එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
ත්‍රීරෝද රථ නියාමනය කිරීම සිදු කරනුයේ එම  කර්මාන්තය අපහසුතාවයට පත් කරමින් නීති පැනවීම නොවන බවද එය බොහෝ කලක් තිස්සේ ත්‍රිරෝද රථ සංගම්  කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවද අමාත්‍යවරයා පැවසීය.
 
එමෙන්ම ජනතාව තුළ  ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ඇති ආකල්ප වෙනස් කළ යුතු බවත් මෙම කර්මාන්තය කඩා වැටීමට යම් යම් හේතු ඇති නම් ඒවා කඩිනමින්  නිවරදි කර ගත යුතු යැයිද හෙතෙම  පැවසුවේය.
 
මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් කිරිමට  අපේක්ෂා කරන බවද ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් සාදා අවසන් බවද සඳහන් කළේය.
 
ඉදිරි මාසයක් දෙකක් ඇතුළත  මෙම  සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන්  කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 (36698)



අදහස් (10)

ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක්

MO77 Monday, 21 January 2019 10:34 AM

කරුණාකර දිවයින පුරා ත්‍රීවීල් මීටරය යොදන්න.

:       0       305

kim Monday, 21 January 2019 11:00 AM

වෙනම අධිකාරියක් නොවේ, ක්‍රමානුකූලව ත්‍රිවිල් ප්‍රධාන නගරවලින් අයින් කරන්න. ත්‍රිවිල් නැති උනොත්, මාර්ග තදබදයත් අඩුවෙයි, වැඩිපුර පයින් යන නිසා ඇඟටත් හොදයි.

:       4       210

yaha Monday, 21 January 2019 11:57 AM

එච්චර හොඳ තීරණයක් නෙමෙයි... ඔහොම ගිහින් මත්ද්‍රව්‍ය ජාවාරමත් නියාමනය කරයි... කොහොම වුනත් මේ අය හැදෙන ජාතියක් නෙමෙයි... දැන් බස්කාරයෝ හැදිලද? නැහැනේ... ඒ අය සංගම් හදාගෙන.. ඊට පස්සේ දෙපැත්ත බෙදිලා... දේශපාලකයන්ට කඩේ යනවා... අන්තිමට ජනතාවට අමු වසංගතයක් වෙනවා... කරන දෙයක් මහජනතාව වෙනුවෙන් සහ ජනතාවට අසාධාරණයක් වූ සැනින් ඊට එරෙහිව පියවර ගන්න පුළුවන් ක්‍රම වේදයක් හදන්න... නැතුව නිකම් ගොන් වැඩ කරන්න එපා...

:       0       152

Amila Monday, 21 January 2019 11:59 AM

ඉස්සෙල්ලා මේ දෙවල් ටික කරන්න... නගරබදව ඕවා කරන්න ඉස්සෙල්ලා. සැබෑ ප්‍රශ්න තියෙද්දී වෙන විකාර කරනවා. බොහෝ වාහන තදබදයන් තියෙන නගරවල තියෙන කහ ඉරි වෙනුවට ගුවන් පාලමක් හෝ උමං මාර්ගයක් යොදවන්න. මොකද අනවශ්‍ය වාහන තදබදයට එක කාරණයක් ඒක, නගරබදව බොහෝ වෙලාවට වාහන නවත්තන්න ඉඩකඩ අඩුයි. එමනිසා ඉඩකඩ තියෙන වාහන නවත්වන පහසුකම් හදන්න. මොකද වාහනයකින් එන මනුස්සයෙක් බොහෝ වෙලාවට බඩු මුට්ටු වැඩි ප්‍රමාණයක් අරන් යනවා. එවිට ඒක රටේ ආර්ථිකයටත් වාසියක්. ඒ වගේම ප්‍රධාන පාරවල් ටිකක් දැන්වත් පලල් කරන්න. නැත්තම් තව අවුරුදු 5ක් වගේ යනකොට හැම තැනම වාහන තදබදය වැඩිවෙනවා. අනික පොදු දුම්රිය සහ බස් පහසුකම් වැඩි දියුණු කරන්න. පොදු ප්‍රවාහනවලට රීලෝඩ් කාර්ඩ් පත් වගේ ක්‍රමවලින් මුදල් ගෙවන ක්‍රම හඳුන්වා දෙන්න. ඒ වගේම ප්‍රධාන නගරවල තියෙන පොදු වැසිකිලි පහසුකම් නවීන ක්‍රමයට හදන්න අර අධිවේගී එකේ වගේ. අනික රජයේ ආයතන කාර්යක්ෂමව කරන්න ඕනෑ. උදාහරණයකට හැඳුනුම්පතේ ගැටලුවක් තිබුණොත් මනුස්සයෙක් කොළඹ දහසැරයක් විතර එන්න ඕනේ ප්‍රශ්නය විසඳගන්න. මේවා පුලුවන් තරම් අන්තර්ජාලය හරහා වගේ කරගන්න ක්‍රම හදන්න.

:       0       51

AsankaMonday, 21 January 2019 01:43 PM

නියම අදහස, ඔයිට නරකද ඔය පහසුකම් තියන වෙන රටක පදිංචියට යන එක...

:       16       2

AmilaMonday, 21 January 2019 02:14 PM

වෙනස් කරන්න උත්සාහ කරමු. ඒත් ඉතින් වේවිද කියන්න බෑ අසංක... නැත්තම් ඉතින් ඇත්තටම ඉතින් මේ වගේ රටවල් දාලායන්න තරම් කලකිරීමක් තියෙනවා වෙන දේවල් දිහා දැක්කම...

:       0       28

Bamunuarachchi Monday, 21 January 2019 04:08 PM

නියාමනය කෙසේවෙතත් ත්‍රීවීලර් ටික පාරෙන් අයින් කොරන්න. එසේනැතිනම් ගෙන්වීම නවතා ඉබේම වඳවී යාමට ඉඩදෙන්න.

:       3       1

kanthiTuesday, 22 January 2019 01:54 AM

ඇත්ත, ඔය මල ජරාව නිසා මොන තරම් මාර්ගවල ප්‍රශ්න ඇතිවෙනවාද? එහෙන් දානවා මෙහෙන් දානවා පිස්සෝ වගේ.

:       0       0

Don perera Monday, 21 January 2019 11:38 PM

මෙය ඉවත් කරන්න

:       0       0

vipula Tuesday, 22 January 2019 03:14 AM

මේවා ගෙන්වීම නතර කරන්න. තියන ටික පැද පැද ඉන්න දෙන්න . ත්‍රී වීල් එක කුමන වයසේ කෙනෙක් පැද්දත් පදින්නේ එකම විදිහට. මොන නීති ගෙනාවත් වැඩක් නැහැ, පාරේ පොලිස්සියෙන් ඉන්නකන් හරියට යනවා . නිකන් නීති පොතකට සීමා වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 181 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 472 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 772 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 994 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1563 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1245 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site