IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩොලර් මිලියන 480 ක ආධාරය ගැන සාකච්ඡා

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබු තාවකාලිකව අත්හිටවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදල සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
 
සිය ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ බව සඳහන් කර ඇත. 
 
ඇමෙරිකානු එක්සත් ජනපදයේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනයෙන් ශ්‍රී ලංකාවට එම ආධාර මුදල ලැබීමට නියමිතව තිබිණි.
 
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
 
“මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අප ඇතුළු කණ්ඩායම ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් නෑෂ් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එය ණයක් නෙමෙයි, ප්‍රදානයක්. අපි දෙසැම්බර් 17 වැනිදා ඊට අත්සන් කිරීමට නියමිතව තිබුණා. එහෙත් කුමන්ත්‍රණය නිසා එය නැවතුණා. ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි එය නැවත ලබාගන්න බලාපොරොත්තු වෙනවා”. 
 
‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් නෑෂ් පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
 
මේ ආධාර මුදල යටතේ කොළඹ නාගරික කලාපයේ මාර්ග ජාල හා බස් පද්ධතිය වැඩි දියුණු කිරීම, බස්නාහිර පළාතේ වරාය හා වෙළෙඳපොළ හා මධ්‍යම පළාත අතර මාර්ග සබඳතා වැඩි දියුණු කිරීම, නාගරික හා අන්තර් පළාත් මාර්ගවල කිලෝමීටර 300ක් පමණ වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
 
 



අදහස් (2)

ඩොලර් මිලියන 480 ක ආධාරය ගැන සාකච්ඡා

CHANDIMA Wednesday, 16 January 2019 05:07 PM

පොලී ගෙවලා ණයට ගන්න සල්ලි වලට ආධාර කියන්නේ අපිව රවට්ටන්නද?

:       48       5

canada dissa Thursday, 17 January 2019 01:52 AM

මේ chandima , චීනෙට බර පොලී ගෙවල ණය අර ගෙන රටම චීනෙට උගස් කරලා ,අසරණ ජනතාව ඇන්දුවේ එදා චිනේ නිකම් දුන්න කියලා. මේක වංචාවක් ,රැවටීමක් නොවෙයි. ඒ වෙබ් එකට ගිහිල්ලා බලන්න. එතකොට ඇස් ඇරේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 34 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 36 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 83 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 676 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 626 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 300 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site