IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩී.අයි.ජී. නාලක රහස් පොලිසියට නොයයි

(තරිඳු ජයවර්ධන)
 
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
 
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දරුවකුගේ අසනීප තත්ත්වයක් නිසා රහස් පොලිසියට පැමිණීමට අද නොහැකි බව ඔහු දැනුම්දුන් බව ද එම ආරංචි මාර්ග කියයි.
 
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
 
මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු විශාල පිරිස‍කගෙන් මෙම විමර්ශනයට අදාළව පරීක්ෂණ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (9)

ඩී.අයි.ජී. නාලක රහස් පොලිසියට නොයයි

Ranga Tuesday, 16 October 2018 05:58 AM

රටේ ජනාධිපතිවරයා මරා දමන්න කුමන්ත්‍රණය කර ඇති බවට 'සැක කරන', කට හඬ පරීක්ෂණයකින් තහවුරු වී ඇති සාක්ෂි සහිත සැක කරුවකු ට මෙහෙම නම්, අපිව මරන්න කවුරු හරි හිටියොත් ඉතින් ජයවර්ධන ජනාධිපතිතුමාගෙ උපදෙස අනුව තමන්ගෙ ආරක්ෂාව තමන්ටම බලාගන්න තමයි වෙන්නෙ...

:       52       674

OMG Tuesday, 16 October 2018 06:48 AM

රංග - කොහොමත් අපේ ආරක්ෂාව සලසාගන්න වෙන්නේ අපිටම තමා. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ දේවල් කරන්න කොහෙද ඔවුන්ට කාල වෙලාවක්.

:       0       153

Hafeel Tuesday, 16 October 2018 06:53 AM

විටින් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමන්තුවටත්, FCID එකටත් කැඳවන්නේත් කල්මරන්න තමා. මේ අවුරුදු තුනහමාරම වුනේ මේක තමයි.

:       0       0

parakkrama Tuesday, 16 October 2018 07:41 AM

ඕනෑම පුද්ගලයෙකුට, වැරැද්දක් කළා හෝ සැකයක් නිසා කට උත්තරයක් ගැනීමට රහස් පොලිසියේ, පොලිසියේ හෝ කැඳවීමකට උසාවියේ හෝ පෙනී සිටීමට නියම කර තිබුනත් කිසියම් හේතුවක් නිසා පැමිණීමට නොහැකි විය හැකියි. පුවතේ හැටියට මේ නොහැකි වීමත් ආරංචි මාර්ගයෙනි. හේතුවද දක්වා පැමිණීමට නොහැකි යයි දැනුම් දීමද ආරංචි මාර්ගයෙනි.

:       0       0

faizel Tuesday, 16 October 2018 07:47 AM

අපිට මෙහෙම කරන්න බැහැනේ, නොගියොත් වරෙන්තු තමයි.

:       0       0

Chami Tuesday, 16 October 2018 08:06 AM

මේ සිද්ධිවල මහා මොළකරුවන් ඉන්නේ කොහෙද කියල සාමාන්‍ය බුද්ධියක් තියන අයට පවා තේරුම් ගන්න පුළුවන්, ඉතින් මේවා නොකර බැරි කමට කරන පරීක්ෂණ, අවසානයට ඔය පරීක්ෂණ වලට වෙච්ච දෙයක් නැතිවෙයි. කාලය කෑම පමණක් සිද්ධ වෙයි. මේ ආසියානු කලාපයේ ඕනෙම රටක ඔය වගේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල විට නීතිය ක්‍රියාත්මක වෙන ඉක්මන අපි දන්නවා, එත් ශ්‍රී ලංකාවේ ඒක ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් කරලා. ජනාධිපතිගේ අසාමාන්‍ය ඉවසීම නිසාම කාටවත් හදිසියක් නෑ වගේ. මේක මේ විදියට හෙළිදරව් වීමම ජනාධිපති තුමාගේ සහ රටේ වාසනාව.

:       0       0

Thilak Tuesday, 16 October 2018 09:07 AM

දැන් යන විදියට නම් වැඩේ කරලා කට්ටි පනිනවා වගෙයි පෙනෙන්නේ

:       0       0

Cisco Tuesday, 16 October 2018 09:51 AM

වඩා බලවත් අත්තක් අල්ලාගෙන වගෙයි.

:       0       1

Sakwithi Tuesday, 16 October 2018 10:37 AM

මේ විදිහට එළි නොවූ තව මොන මොන ඝාතන කුමන්ත්‍රණ තියෙනවාද කියලා දෙයියෝ තමයි දන්නේ...............

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 76 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 188 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 365 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1658 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 248 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 457 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site