IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජූනි මාසයට පෙර මැතිවරණයක්

ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ එම කරුණු සඳහන් කළ බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා ඇත.

      “අද පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.

අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.

ඒක නොපිළිගන්න තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නැහැ. අනෙක් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කර ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා”. 

055

 

 



අදහස් (21)

ජූනි මාසයට පෙර මැතිවරණයක්

ගල්කටස් Friday, 16 November 2018 06:07 PM

අැයි මහත්තයො ජූනි වෙනකම් ඉන්නෙ ඔය විශ්වාස භංගය සම්මත කර ගත්තා වගේ ජනවාරි තියන්න සම්මත කලා නම් ඉවරයි නේද? ඡන්දයක් ගන්නවට වඩා ලෙහෙසියි ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක. දැන් ජනතාව අතරට යන්න වැඩෙ ඉවරයි අපි බලාගෙන ඉන්නෙ ඡන්දයක් දෙන්න...

:       0       0

vishaka Friday, 16 November 2018 06:10 PM

ඔය ටික විතරද කිව්වේ? මට බලය ලැබෙනකල් ලංකාවට ආධාර දෙන්න එපා කියල කිව්වේ නැතිද?

:       0       0

Priya Friday, 16 November 2018 07:45 PM

විහිළු කරන්න එපා

:       0       0

Bamunuarachchi Saturday, 17 November 2018 12:25 AM

කාගේවත් පැන්ෂන් ගැන හිතන්නේ නැතිව ඡන්දයකට යන්න. රජයක් තේරීමේ අවස්තාව ජනතාවට දෙන්න.

:       0       0

Missaka Saturday, 17 November 2018 12:52 AM

බොහොම ස්තුතියි ඡන්දයකට කැමති වුන එක ගැන. නමුත් ජුනි වෙනකම් නොයිද ජනවාරියේම මෙය තියන්ට උත්සහ කරන්ට.

:       0       0

Darshana Saturday, 17 November 2018 02:06 AM

දැන් එතකොට ඡන්දෙට බය නැද්ද ?

:       6       9

anura Saturday, 17 November 2018 02:14 AM

ඔයාට තියෙන්නේ ප්‍රශ්ණ විදේශ මාධ්‍යවේදීන් හා විදේශිකයන් අතරයි. ඇයි මහමැතිවරණයකට තවත් කල් අදින්නේ? ඇයි දුවගෙන ගිහිල්ලා මහ මැතිවරණයකට හේතුවන ක්‍රියා දාමය නැවැත්වීමට කටයුතු කරේ? දෙබිඩි තේරුම් දෙන කොටස් ව්‍යස්ථාවට ඇතුළු කර ව්‍යස්ථාවත් අවුල් කරලා මුළු ලෝකය ඉදිරියේ ලංකාව අවඥාවට ලක් කරන කටයුතු කරලා සුදනා වගේ ඉඳන් බණ දෙසනවා.

:       11       0

Mahesh Saturday, 17 November 2018 02:53 AM

මේ මොකටද ජුනි මාසෙට කල් දාන්නේ?

:       0       0

shan saudi Saturday, 17 November 2018 08:41 AM

වසර 5 සම්පුර්ණ වනතුරු කිසිම මැතිවරණයක් තැබීම අනවශ්‍ය වේ. මේ සදහා වියදම් කරන රුපියල් කෝටි ගන්න මුදලින් රටේ දුක්විදින ජනතාවට සහන සැලසිය හැකිය. රජයක් පිහිටවීමට ජනතාව බලය දුන්නේ දේශපාලකයන්ට ඕන ඕන වෙලාවට ඡන්ද පැවැත්වීමට නොවේ. නිසි කලට නිසි වෙලාවට ඡන්දය පවත්වා දැනට පවතින ආණ්ඩුව නරකනම් ලැබෙන අවස්ථාවේදී ඔවුන් විසින් නව රජයක් පිහිටුවා ගනු ඇත. බල තන්හාවට නැත්නම් පුද්ගලික උවමනාවට මෙන්ම කල වැරදි වලට පනවා ඇති නඩු මගහරවා ගැනීමට මහජන මුදල් වැය කරමින් පීඩිත ජනතාව තවත් අසරණ කරමින් රටේ මුදල් විනාස කිරීම වහාම නැවතිය යුතුය. මෝඩයන් හා නුගතුන් පාලකයන් බවට පත් උන හා පත්කළ පමණින් රටේ ජනතාව හිගමනට වැටිය යුතු නැත. එම නිසා ඕනෙම ඡන්දය නියමිත කාලයට පවත්වා ජන මතය ලබා ගන්න.

:       31       6

menna Saturday, 17 November 2018 10:34 AM

මෙතුමා තාමත් හීන දකිනවා වගේ.. දෙසැම්බර් 7 තීන්දුවෙන් පස්සේ, ජනවාරි 5 තමයි මැතිවරණය. ජූනි මාසේ වෙනකන් ඉන්නේ ඇයි? මම රටේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට ජනාධිපතිගේ තීන්දු නොතකන මෙවැනි මන්ත්‍රීන්ට නම් කැමති නැහැ...

:       181       1791

sandy123Saturday, 17 November 2018 12:13 PM

පිස්සු කියලා ඔබත් පිස්සෙක් වෙන්නද හදන්නේ.

:       336       13

jayashan Saturday, 17 November 2018 11:12 AM

මම මේ කුරුණෑගල වොක්ස්වැගන් කාර් ෆැක්ටරියේ හදපු කාර් එකක් අඩුවට අරගෙන, එ්කේ යන ගමන් නොමිලේ දීපු වයි ෆයි වලින් මේ කමෙන්ටුව දාන ගමන් ඉන්නේ. අපි ඔබතුමා කියන ඒවා ඒ ලෙසටම සිදු කරනවා කියලා දන්නවා...

:       13       1369

janatha anura Saturday, 17 November 2018 12:37 PM

එක් කෙනෙක්ට 100 දෙනෙක් මැතිවරණයකට කැමති ජේවීපී, යූඑන්පී අකමැති ඇයි? ජනමතය ගැන දන්නා නිසා නොවේද?

:       154       635

Nuwan Saturday, 17 November 2018 12:41 PM

පෙනීයන්නේ පාර්ලිමේන්තුව කැඳවා වැඩක් නැති බවත් පාර්ලිමේන්තුව විසිරුවා ජුන්ටාව යටතේ ඡන්දයකට යෑම සාධාරණ බවත් ලබන දෙසැම්බර් 7 වෙනිදාට ලබා දීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීම ය. ඉන්පසුව ජුන්ටාවේ නීති විරෝධී රාජ්‍ය බලයත්, රාජපක්ෂලාගේ මැර බලයත් එකතු කර ගත් ඡන්ද මංකොල්ලයකින් ජය ගැනීම මරා-සිරා ජුන්ටාවේ සැලැස්ම බව පැහැදිලියි..

:       1325       237

SHANAKA Saturday, 17 November 2018 02:37 PM

රට කනවා ඔයාලා හිටියොත් සමනලයෝ...

:       0       0

ajith Saturday, 17 November 2018 02:57 PM

සම්බන්ධන් හා අනුර කුමාර විපක්ෂයේ තනතුරු අල්ලාගෙන ඉන්න ගමන් මහින්ද විපක්ෂයට යන්න කියන එක වැරදියි. ඒ පක්ෂ දෙක දිවුරුම් පෙත්සම්වලදී රනිල්ට අගමැති වන්න උදව් කරන්න තිබුණා..

:       0       0

lion Sunday, 18 November 2018 12:42 AM

ඔබගේ පාක්ෂිකයෙක් නොව මම .ඔබකළ සමහර දේවල් ගැන මට ඇත්තේ දැඩි කලකිරීමක් . නමුත් මේ අවස්ථාවේ ඔබ හැසිරෙන ආකාරය මම අගේකරනවා . ඔබ මේ ගත් ක්‍රියා මාර්ගය නිවැරදි. රට ඉදිරියේ පිරිහුණ ඔබේ ප්‍රතිරූපය රටේ මිනිසුන් අතර ඉදිරියට ගිය කියල මම හිතනවා.

:       0       8

Bamunuarachchi Sunday, 18 November 2018 01:05 AM

පරාජයට භයේ පළාත් මැතිවරණය නොතියන මෙයා මහජන ඡන්දයකට යාම බොහොම සැක සහිතයි

:       0       0

indra Sunday, 18 November 2018 07:40 AM

තවත් කාලය අරගෙන ඔබතුමා රට වලපල්ලට දාන්නද හදන්නේ? ජනාධිපතිතුමා විසින් පැහැදිලි කළ දේවලට ඔබතුමාගේ පිළිතුරු කෝ? මහදවල් ජනතාවගේ මුදල් මංකොල්ල කාපු එකම නායකයා ඔබ, ඔබව රකින කණ්ඩායම ගෙදර යන කාලය වැඩි ඈතක නෑ..

:       3       2

kalum Sunday, 18 November 2018 08:56 AM

අපි ඒවා කරගන්නම්. සීයා පැත්තකට වෙලා ඉන්නකෝ...

:       3       1

චමින්දMonday, 19 November 2018 01:20 AM

සීයාගේ පියා මුත්තා සීයට කලින් මුත්තලට යන්න කියන්න.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 819 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1511 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1722 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 917 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 856 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site