IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ලංකාදීපයට සම්මාන දෙකක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා 2018’ සම්මාන රාත්‍රිය මෙවර 20 වැනි වරටත් ගල්කිස්ස මහා හෝටලයේදී  අද (10)  උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනට අයත් දිනපතා සහ සතිපතා පුවත්පත් වෙනුවෙන් අංශ 17ක් යටතේ සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණි.

මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් වෙතින් අයදුම්පත් 313 ක් ඉදිරිපත්ව තිබූ බව ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වැඩසටහනේ කැඳවුම්කරු සුකුමාර් රොක්වුඩ් මහතා පැවසීය.

එහිදී තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් සිදු කළ හොඳම වාර්තාකරණය සඳහා වන සම්මානය දිනපතා ලංකාදීප පුවත්පත වෙනුවෙන් බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන හිමිකරගත් අතර වසරේ උණුසුම් පුවතට හිමි සම්මානය දිනා ගත්තේද තරිඳු ජයවර්ධන විසිනි.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය වෙතින් සිය සගයන්ගේත් ජනතාවගේත් ඇගයීමට ලක්වීම වෙනුවෙන් පිදෙන ඩී.ආර්. විජයවර්ධන සම්මානය, ශ්‍රී ලාංකීය මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් පිදෙන සේපාල ගුණසේන සම්මානය ඇතුළු සම්මාන මෙහිදී පිරිනැමිණි. පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරන හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවිය උදෙසා ද මෙවර සම්මාන ලබාදීම සිදුවිය.  

තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයට ගනිමින් ලියන ලද ප්‍රවෘත්ති සහ ලිපි සඳහා ද මෙවර සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.

මෙම සියලු සම්මාන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යය තුන යටතේම පිරිනමනු ලැබිණි.

එසේම වසර 40කට අධික කාලයක් ජනමාධ්‍ය වෘත්තියේ නියැලෙමින් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනකුට වෙත ඔවුන් විසින් කරන ලද සේවාව උදෙසා දීර්ඝ සේවා සම්මාන උපහාර පිරිනැමීම මෙහිදී සිදුකෙරිණි.

මෙවර එලෙස දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලැබූවේ ඩඞ්ලි ජෑන්ස්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඒ. එල්. කේ. පෙරේරා, කේ. එම්. එල්. බී. සේනාරත්න,  සහ ගෝපාලපිල්ලෙයි තිරුකේතරනතන් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් 1999 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන උළෙල මේ වනවිට කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ ද එක්ව පවත්වාගෙන යයි. එය මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන සම්මාන උලෙළ ද වේ.

ශ්‍රී ලාංකීය මුද්‍රිත මාධ්‍යයේ වෘත්තීයභාවයට පිළිගැනීමක් ලබා දීම සහ අදාළ වර්ෂයේ විශිෂ්ටයන් ඇගයීම මෙහි අරමුණ බව ද සුකුමාර් රොක්වුඞ් මහතා සඳහන් කළේය.

මෙවර සම්මාන උළෙලේ ප්ලැටිනම් දායකත්වය කීල්ස් හෝල්ඩින්, රන් දායකත්වය ඩයලොග් ඇක්සිආටා යන සමාගම් විසින් දරණ අතර තඹ දායකත්වය දරනුයේ ඩීඑෆ්සීසී, ශ්‍රී ලංකා ඉන්සුවරන්ස්, එල් ඕ එල් සී. ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් විසිනි.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (8)

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ලංකාදීපයට සම්මාන දෙකක්

Chathuri Tuesday, 10 December 2019 09:48 PM

මගෙනුත් සුබපැතුම් මුළු කාර්ය මණ්ඩලයටම !

:       0       2

ජයරත්න Wednesday, 11 December 2019 01:39 AM

සුභ පැතුම් ! ජයවේවා !

:       0       2

හිරාන් Wednesday, 11 December 2019 01:52 AM

සම්මාන ලබා ගත් සියලු දෙනාටම සුභ පතනවා !

:       0       1

Warnakulasuriya Wednesday, 11 December 2019 02:28 AM

වහල්භාවයකින් තොරව මධ්‍යස්ථවත්, අපක්ෂපාතිවත් පාඨක අප වෙත සාධාරණයක් ඉටුකරන ලංකාදීප පුවත්පතට මේ මොහොතේ අපේ ප්‍රණාමය අපි පුදකරමු. ඒ වගේම රට වෙනුවෙන් ජනමාධ්‍යය ක්ෂේත්‍රයේ විශිෂ්ඨයන් වීමට අපි ආරාධනය කරමු. ජයවේවා !

:       127       0

Wijerathna Rathnayake - Haliela Wednesday, 11 December 2019 02:41 AM

විශිෂ්ඨයින් සමඟ රැඳී සිටින අපටත් මේ ජයග්‍රහණය ගැන සැබැවින්ම ආඩම්බරයි. සම්මාන ලැබූ මාධ්‍යවේදීන්ටත් සැමදා පෙරමුණේ සිටින ලංකාදීපයටත් සුබපැතුම් !

:       43       1

Mahee Wednesday, 11 December 2019 06:38 AM

සැබැ මාධ්‍යවේදීන්ගෙන් සපිරුණු ලංකාදීපය සදා දිනේවා! සම්මාන ලාභීන්ට මෙන්ම අපේ අදහස් ප්‍රකාශනයට තෝතැන්නක් වන ලංකාදීපයට මගේ ගෞරවනීය සුබ පැතුම්!

:       47       1

Hafeel Wednesday, 11 December 2019 08:21 AM

ලංකාදීපයට මගෙත් සුභ පැතුම් !

:       0       3

Aris Wednesday, 11 December 2019 09:57 AM

ලංකාදීප අගනා සේවයක්. සුභ පැතුම් !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 168 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 443 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 735 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 951 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1539 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1229 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site