IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියාට පහර දුන් දෙදෙනා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොළඹ මළලසේකර මාවතේ ජනාධිපති මන්දිරයේ පැවැති සාදයක දී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිට පහර දුන්නැයි එම අංශයේම පොලිස් කොස්තාපල්වරයකු සහ නාවික හමුදා නිලධරයකු ලබන නොවැම්බර් 6වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය.

පසුගිය 7වැනිදා ජනපති මන්දිරයේ පැවැති සාදයකදී බීමතින් ගීත ගයමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසට එම ගායනය නවත්වන ලෙස ජනපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සමන්ත ජයසුන්දර මහතා විසින් අණ කරනු ලැබ ඇත. එහිදී ප්‍රකෝප වූ සැකකරුවන් දෙදෙනා පුටුවකින් ඔහුට පහරදී ඇතැයි අධිකරණයේ දී ප්‍රකාශ විය.

ඒ අනුව ජනපති ආරක්ෂක අංශයේ කොස්තාපල් ආසිරි නුවන් සෙනෙවිරත්න හා නාවික හමුදා සෙබළකු වන එන්.මුතුනායක යන දෙදෙනා එසේ රිමාන්ඩ් කෙරිණි.



අදහස් (3)

ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියාට පහර දුන් දෙදෙනා රිමාන්ඩ්

sam Monday, 23 October 2017 07:56 AM

කාපු බීපු වෙලාවට සින්දු කියන්නේ නැතිව භාවනා කරන්නද කියන්නේ ???

:       575       75

RaveendraMonday, 23 October 2017 11:30 AM

සෑම් අප ඔබගේ අදහසට ගරු කරන අතර එලෙසම කණගාටු වෙන්නෙමු. කාපු බීපු වෙලාවට අපේ රටේ මිනිසුන් වැඩිම වැඩි පිරිසක් හැසිරෙන්නේ ඉතාමත්ම අසෝභන ආකාරයට සහ වටපිටාවට හිරිහැරයක් වනපරිදි බව ඔබ අප සිල්ලෝම දන්නා කාරණයකි. කාපු, බීපු වෙලාවට තරම් අපේ නඩය වීරයන් වන වෙනත් කිසිඳු අවස්ථාවක් නොමැත. කෑවා බිව්වා කියා එයට කිසිඳු හේතුවක් නැහැ නේද? වටපිට සිටින පුරවැසියන් හට අවහිර වෙන ලෙස හැසිරීමට... අපගේ මෙම අදහස් වලට වැඩිදෙනෙකු අපට පතුරු යන්න බැනවදී. නමුත් මෙය තමා යථාර්තය. අවසාන වශයෙන් අපේ මිනිසුන් වැඩිදෙනෙකු බොන්නේ පෙරේතයන් වගේ....

:       0       713

පිටිගල මිලානෝ Monday, 23 October 2017 01:52 PM

මේ බෞද්ධ රටේ මූලික පුරවැසියා තම නිල නිවසට පැමිණෙන්නන්ට මත්පැනින් සංග්‍රහ කිරීම ලොකු වරදක්.

:       0       233

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 306 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 857 2

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 306 1

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 387 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 1058 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 332 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2027 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site