IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


චෙක්පත් 102 කට අදාළ වවුචර විනාශ කරලා

නිමන්ති රණසිංහ
 
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් තුන්වැනි පාර්ශව වෙත මුදල් ගෙවු බව කියන චෙක්පත් 102 කට අදාළ වවුචර් පත් එම සමාගම විනාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්,ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද (13) සඳහන් කර සිටියේය.


බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව අද අධිකරණයට කැඳවු අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.


බැඳුම්කර කොමිසම සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසම පැවති අවස්ථාවේ දී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝග මත මෙම වවුචර් පත් භෞතිකව විනාශ කර බවට එහි සේවකයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පාපොච්චාරණයට අනුව එම කරුණු හෙළි වී ඇතැයි ද වැඩිදුරටත් කරුණු අනාවරණය විය. 


මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  යන අය සැප්තැම්බර් 27 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළාය.



අදහස් (6)

චෙක්පත් 102 කට අදාළ වවුචර විනාශ කරලා

Appuhaami Thursday, 13 September 2018 11:23 AM

වව්චර් නැතිවට බැංකුවේ මුදල් ගෙවපු අයගේ විස්තර ඇතිනේ...

:       0       6

BamunuarachchiSunday, 16 September 2018 05:00 AM

බැංකුවෙන් ගන්න පුළුවන් අහවලාට මුදල් ගෙව්වා කියන එක පමණයි. වවිචරයේ තමයි තිබෙන්නේ කුමක් සඳහාද ගෙව්වේ කියලා.

:       0       0

OMG Thursday, 13 September 2018 12:45 PM

කොහොමත් නිදොස් කොට නිදහස් කරනවා ඉදිරි කාලයේදී...

:       0       0

SL Thursday, 13 September 2018 02:25 PM

එජාපෙ ලොක්කන්ට දීපුවා වෙන්න ඇති.

:       0       0

kalpa Saturday, 15 September 2018 09:29 AM

රජයේ මෙන්ම පුද්ගලික අංශයේත් ගෙවීම් කිරීමේදී මුදල්පොතක් පාවිච්චි කරනවා නේද?.... එය විනාශ කරන්නේ නැහැනේ. විස්තර එහි ඇති..

:       0       0

Bamunuarachchi Sunday, 16 September 2018 04:58 AM

ඕක දෙයක් ද මත්වතුරෙනුයි වංචාවලිනුයි රටම විනාසකර තිබියදී. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් දෙයක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 369 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 87 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 57 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 579 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 624 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1048 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site