IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුහාවේ සිර වී සිටි දරුවෝ රෝහලෙන් පිට වෙති

(චින්ග්රායිහිදීය (ඒ.එෆ්.පී)

සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටියදී මුදාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු අද (18) පස්වරුවේ රෝහලෙන් පිටත්ව යන බව තායි බලධාරීහු ප්‍රකාශ කළහ. 

ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කරන ලද දිනයට දිනක් කලින් රෝහලෙන් පිටත්ව යෑමට නියමිත අතර ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට ද නියමිතව තිබිණි. 

මාධ්‍ය හමුවක් වුවද එය සුපුරුදු ආකාරයේ මාධ්‍ය හමුවක් නොවන බවත් කෙටි ප්‍රශ්නෝත්තර වටයක් පවත්වන බවත් තායි බලධාරීහු අද 18) පෙරවරුවේ සඳහන් කළහ. 

එම හමුවෙන් පසු ඔවුන් ඔවුනොවුන්ගේ නිවෙස්වලට යන බව ද තායි බලධාරීහු කීහ. මෙම කෙටි මාධ්‍ය හමුව පවත්වන්නේද දරුවන්ගේ පහසුව උදෙසා යැයි ද එම ප්‍රශ්නෝත්තර පමණක් සහිත කෙටි මාධ්‍ය හමුවෙන් පසු දරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත කිරීමට අවස්ථාව උදා කරලීම අරමුණ යැයි ද තායි බලධාරීහු ප්‍රකාශ කළහ. 


(055)



අදහස් (2)

ගුහාවේ සිර වී සිටි දරුවෝ රෝහලෙන් පිට වෙති

sirimal Wednesday, 18 July 2018 03:36 PM

පාවඩ නෑ. බෙර නෑ. නැට්ටුවෝ නෑ. මහා සංඝරත්නය නෑ. තොරණ් නෑ. පූජා නෑ. කටපුච්චානමට කයිය ගහන, බලහත් කාරයෙන් "වොයිස් කට් දීලා" ලකුණු දාගන්න දඟලන මැතිඇමැතිවරු ඇතුළු දේශපාලනඥයෝ නෑ. වැඩේ කරදුන්නු සුදුසු පරිද්දෙන්ම අද මුළු රටේම වීරවරයින්ව ඉන්නා කට්ටිය විතරයි. ඔන්න අපේ අයටත් ඉගෙන ගන්නවා නම් වටිනා දේවල්...

:       672       1002

මහාචාර්ය කාලිංග දිසානායක බැංකොක් Wednesday, 18 July 2018 09:40 PM

ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තයේ රජ පවුලේ අය ඇතුළු හැම පිරිමියෙක්ම අනිවාර්යයෙන්ම ටික කලක් පැවිදි වී බණ භාවනා පුරුදු කළ යුතුයි. භය සහ ආතතිය නැති කර ගැනීම සඳහා ගුහාව තුලදී භාවනාවේ නිරත වූ බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළා. මහා සංඝ රත්නය ගුහා දොරටුවෙත් ළමයින් රෝහලට ඇතුලත් කළ පසුවත් රෝහලට වැඩම කොට පිරිත් දේශනා කළ හැටි රුපවාහිනියේ දැක්කා. ඇමෙරිකාවේද බටහිර රටවලද දැන් ආතතිය නැති කර ගැනීම සඳහා බෞද්ධ භාවනාව මිලිටරි, පොලිස්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලත් පාසල්වලත් භාවනාව භාවිතා කරනවා.

:       0       85

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 3 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 67 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 131 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 251 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 89 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 595 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site