IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුරු සේවයට අලුතින් ගුරුවරුන් 5000ක්

(රංජන් කස්තුරි)
 
වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා අලුතින් ගුරුවරුන් 5000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
එම ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මේ වනවිට මුදල් වෙන්කර ඇති බවද ඇමතිවරයා කීය.
 
2017 වසරේ සිට ක්‍රියාත්මක උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ අලුතින් විෂයන් 26ක් හඳුන්වා දී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
 
වෘත්තීය විෂය හදාරන සිසුන් රැකියාගත පුහුණුව ලබන අවස්ථාවේ ඔවුන්ට දෛනිකව රුපියල් 500  දීමනාවක් ලබාදෙන බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
 



අදහස් (13)

ගුරු සේවයට අලුතින් ගුරුවරුන් 5000ක්

wedage Friday, 16 August 2019 12:02 PM

තේ දළු කඩන මිනිහට රු 700ක් දෙනවා. මේ ගුරුවරුන්ට 500ක් දෙනවා. කොහොමද ටිකිරි මොලේ ...?

:       23       14

RaveendraFriday, 16 August 2019 01:30 PM

ටිකිරි මොලේ වරදක් නැහැ. තේ දළු නෙලන මිනිසුන් තමයි ශ්‍රමය රට වෙනුවෙන් වැය කරන්නේ... මේ අය නිකම්ම සිටීමට පිඹුරුපත් අදින දේශපාලන ගොට්ටන්ය.

:       0       4

දෙනෙත්Friday, 16 August 2019 04:01 PM

හරියට කියවලා බලන්න. කියලා තියෙන්නෙ ශිෂ්‍යන්ගේ පුහුණු කාලෙදී (ප්‍රැක්ටිකල් පීරියඩ් එකේදි) එයාලට දවසකට රුපියල් 500ක් දෙනවා කියලා..

:       0       29

ධනුෂ්කSaturday, 17 August 2019 02:28 AM

මෙතන තියෙන්නේ නම් ගුරුවරුන්ට 500ක් ගෙවනවා කියලා නොවේ. හැබැයි ලෝකේ දියුණු වූ හැමරටක් පිටුපසම ගාමක බලවේගය වූවේ. ගුරුවරයා ගුරුවරයගේ නියම මග පෙන්වීම මත තමයි අනාගත පරම්පරාව තම හැකියා, අාකල්ප, දියුණු කරගන්නේ. එම අනාගත පරම්පරාව තමයි එම රටවල් දියුණු කලේ. එ් නිසා ගුරුවරුන්ට හොඳට ගෙවිය යුතුයි. රවීන්ද්‍ර විදියට හිතන මිනිසුන් මේ ලෝකෙන් තුරන් වීමට හොඳ ගුරුවරුන් බිහි විය යුතුයි. මට හිතෙනවා මේ රවීන්ද්‍ර කියන කෙනා පරන වලව්කාරයක්ද කොහෙද? ඔවුන්ගේ මෙවන් අාකල්ප තියෙන්නේ ඔවුන් මිනිසුන් ඉගෙන ගන්නවට කැමති නෑ. ඔවුන් කැමති බත් වේලට තමන්ගේ ඉඩමේ වැඩ කරන මිනිසුන් ඉන්න සමාජයකට...

:       0       33

chandimaFriday, 16 August 2019 06:49 PM

වෙද මොලේනේ?

:       0       14

sirimal Friday, 16 August 2019 12:29 PM

අපරාදේ සල්ලි. අධිකරණ ඇමතිනි අතුකෝරාල මහත්මිය කියන්නේ නම් මේ අවුරුද්දේ ඡන්දයක් තියන්නේ නෑ කියලයි. දැනටමත් ඡන්දෙට කැසපට ගහගෙන ඉන්න එක්කෙනාගේ වැඩේ අගෝස්තු 22ට කලින් ඉවරක් කරන්න කියලා ජනාධිපතිතුමා මලික් සමරවික්‍රම ඇමැතිතුමාට අණකලාලු. මෙහෙම දෙයක් මම දැක්කා අන්තර්ජාලයේ ලියා තියෙනවා. "ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර හෝ නොමැති අවස්ථාවක සහ විශේෂයෙන් ජනාධිපතිවරණය ලබන වසර දක්වා කල්යාමේ හැකියාවක් ද මතුව ඇති අවස්ථාවක කඩිමුඩියේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළින්ම ඇති කෙරුණු කැරැල්ල පසුපස ජනාධිපතිවරයා සිටින බවත් සජිත් ප්‍රේමදාස සහ ජනාධිපතිවරයාගේ මෑත කාලින ඇඟලුම්කම මෙන්ම එම පාර්ශ්වයට නායකත්වය දීම සඳහා හදිසියේම මලික් සමරවික්‍රම සහ කබීර් හෂිම් යන අමාත්‍යවරුන් ඉදිරිපත්වීමද ඉතාම සැක සහිත බවත් ජනාධිපතිවරයා 23 වැනිදායින් පසු එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උඩු යටිකුරු කෙරෙන විශාල පියවරක් ගැනීමේ සූදානමකින් පසුවන බවත් අපට දැනගන්නට තියෙනවා. " උපුටා ගැනීම අවසන්...

:       0       110

Raveendra Friday, 16 August 2019 01:26 PM

අපගේ අදහස් වැරදි නම් අපට සමාව දෙනු මැන. ඡන්දයක් ළඟ එනවිට රජයේ පත්වීම් හෝ එවැනි පුහුණුවීම් සඳහා අලුතෙන් පුරවැසියන් බඳවා ගත හැකිද? අපේ මැකෝ, දේශප්‍රිය මහත්මයා මේ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් කරන්නේ නම් අගය කරන්නෙමු.

:       0       28

අනුරSaturday, 17 August 2019 04:40 PM

තවම මැතිවරණයක් නිලවශයෙන් ප්‍රකාශයට පත්වෙලා නැහැනේ...

:       0       0

මුණසිංහ Friday, 16 August 2019 02:26 PM

ඡන්ද ප්‍රකාශනයක්. කොහොමටත් විද්‍යාපීඨ, පත්වීම් දිය යුතුයි. මේ අාණ්ඩුව විද්‍යාපීඨ වලට බඳවා ගැනීමත් අඩාල කළා.

:       79       63

මුණසිංහSaturday, 17 August 2019 01:00 AM

ඩිස්ලයික් දාපු අය කියනවද මම කියපු එකේ වැරැද්ද? එ්ක සම්පූර්ණ සත්‍යයක් බව ඕනැම කෙනක් දන්නවා. විද්‍යා පීඨ විනාශ කළා. ගුරු ව්‍යවස්ථාව අනුව මෙහම පත්වීම් දෙන්න බැහැ.

:       38       20

chandima Friday, 16 August 2019 06:56 PM

මේ වැඩ පිළිවෙලේ නියමු ව්‍යාපෘතිය පටන්ගන්නේ ගම්වලින් වෙන්න ඇති. පහුවෙද්දී අලුතින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ අලුතින් උගන්වන විෂයන් 26 ට ඇරෙන්න අනිත් විෂයන්ට ගමේ පාසල්වල ගුරුවරු නැතිකරලා ගමේ අය රුපියල් 500ට මේසන් වැඩ, වඩුවැඩ වලට හුරු කරවනවා. කොළඹ උන් දොස්තර ඉංජිනේරු වැඩවලට හුරුකරවනවා. ඔන්න ඕකටයි මල්ලි නියම ටිකිරි මොළේ කියන්නේ.

:       52       71

siri Friday, 16 August 2019 08:14 PM

පත්වීම් දෙන්න යයි.තාම කල් වැඩියි.ඡන්දෙ ලං වෙද්දී දෙයි.

:       0       0

Sugath Premalal Saturday, 17 August 2019 05:01 AM

ඔයාගේ පත්වීම් 5000ක් නෙවි... 500000ක් දුන්නත් දැනටම ජනතාව තීන්දුවක් අරගෙන ඉවරයි.. ගෙදර යන්න ලෑස්ති වෙන්න.

:       14       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 121 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 422 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 337 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 260 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 660 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1316 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site