IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගීතාගේ නඩුවට හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය හෙබවීම නුසුදුසු බව කියමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සමක් ලබන ජූලි මස 07 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් පියසේන ගමගේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  මෙම පෙත්සම  කැඳවූ අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා එදිනට කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කරන ලදී.

හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සමේ මෙසේද සඳහන් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු ලෙස තමා වසර ගණනාවක් කටයුතු කළ බවත්,ඒ වසර ගණනාව තුළ පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයන් යටතේ අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ බවත් පෙත්සම්කරු කියා සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 අගෝස්තු 17 වැනිදා පැවති මහමැතිවරණයට ඉදිරිපත්ව මනාප 47,248ක් ලබා සන්ධාන ලැයිස්තුවේ හත්වැනි ස්ථානයට පත්වූ බව පෙත්සමේ සඳහන් වේ.මන්ත‍්‍රී ආසන ධූර 6ක් පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා තමන්ට එම වසරේදී පාර්ලිමේන්තු යෑමට වරම් අහිමි වූ බවද  එහි වැඩිදුරටත් සඳහන්ව කර ඇත.
අදාළ නඩු තීන්දුව ප‍්‍රකාශ වීමෙන් පසුව කුමාරසිංහ මහත්මිය ගෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රී ධූරය සඳහා ඊළඟට පත්වීමට සිටින්නේ තමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා තමාට දැන්වූ බවත් ඒ ගැන තමන් අපේක්ෂාවෙන් සිටි බවද පෙත්සම්කරු කියා සිටී.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව ක‍්‍රියාත්මකවීම අත්හිටුවීම නිසා තමන්ට එම අවස්ථාව අහිමි වන අතරම ඉන් තමාට විශාල අගතියක් සිදුවන බව පෙත්සම්කරු කියා සිටී

එබැවින් එම අභියාචන පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙසත් පෙත්සමෙහි වගඋත්තරකාර පාර්ශවයක් ලෙස තමන් නම් කිරීමට නියෝග කරන ලෙසත් ද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

 



අදහස් (7)

ගීතාගේ නඩුවට හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙයි

Lapaya Friday, 23 June 2017 01:34 PM

ඇත්තටම රටට ආදරේ ඇති මිනිහෙක්...

:       1013       1

minipe Friday, 23 June 2017 03:39 PM

ව්‍යස්ථා පොත බලන්න. එකේ කොහේ හරි ලියලා ඇති මේ ගැටළුවට විසඳුම...

:       5       1

lusena Friday, 23 June 2017 04:52 PM

පේනවා නේද තියෙන බල තන්හාව. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීකම හොරකම් කරන්න තියෙන කෑදරකම. මේවගේ මිනිස්සුන්ටනේ මහජන සේවකයෝ කියන්නේ. දැන් රෙදි මැදගෙන ඇති. ලුසේනා.

:       0       0

siri Friday, 23 June 2017 11:16 PM

බලයට කැමැත්තක් තියෙන හින්දා නේද මෙහෙම වෙන්නේ?

:       0       0

Susil Saturday, 24 June 2017 01:39 AM

මොකක්ද අප්පේ මේ ඇතිවුණු අගතිය?

:       0       0

de silva Saturday, 24 June 2017 05:22 AM

මේකත් හරියට ඉඩම් නඩුවක් වගේ... මේකේ තීන්දුව දෙන්න තව අවරුදු 2-3 වත් යාවි...

:       80       63

victor Wednesday, 28 June 2017 07:32 AM

අනේ ඕකට මැදිහත් වුණ අය කොච්චර ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 23 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 851 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1572 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1787 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 939 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 882 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site