IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෝටි 10 ක් වංචා කළ ගුරුවරිය අත්අඩංගුවට

(විනීතා එම් ගමගේ)

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වංචා කළ බව කියන කොළඹ ප‍්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් කඩවත සූරියපාලූව ප‍්‍රදේශයේ  දී අත්අඩංගුවට ගනු ලැබීය. 

පුද්ගලයින් පනහකට අධික ප‍්‍රමාණයකින් මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට මෙම වංචාවට අසුවූ පුද්ගලයකු විසින් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ෂණයකින්  පසු මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාරියගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත‍්‍ර අසූවක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා ගිවිසුම් විශාල ප‍්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප‍්‍රකාශද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා දාහතරක්ද අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා දෙකක්ද හමුවූ බව කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මෙම කාන්තාව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හැත්තෑනමයක මුදලක් බැගින් ජපාන රැුකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමගින් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කර ඇති බවට මේ වන විට පැමිණිලි ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

මෙම රැකියා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර, ඒ අනුව සැකකාරිය වංචා කළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකි යැයි විමර්ශන නිළධාරීහු විශ්වාස කරති.  

සැකකාරිය මේ මස 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවෙකු විදේශ ගතවී ඇති බවත් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවන බවත් එම විමර්ශන ඒකකය කියයි. 
 
 
 



අදහස් (3)

කෝටි 10 ක් වංචා කළ ගුරුවරිය අත්අඩංගුවට

Mohamed Dubai Tuesday, 17 October 2017 05:11 AM

පිරිමින් පරදවා දැන් කාන්තාවනුත් වංචනික ක්‍රියාවල යෙදෙනවා. සියල්ල මුදලට යටපත් වී හමාරයි. ආගමික නායකයින් දේශපාලනය නොකර මේ තත්වයෙන් ගොඩ එන්න හා සමාජය නිසි මගට යොමු කිරීමට මුල් තැන දී කටයුතු කල යුතුයි.

:       0       0

Padmini Tuesday, 17 October 2017 05:48 AM

එක පුද්ගලයෙකුගෙන් ලක්ෂ 79ක් ස්ථාවර තැන්පත් ගිණුමක් දැම්මා නම් ජපන් ගියා වගේද. ගෙදර ඉදල මසකට 70000 ක් ලැබෙනවා. මේ කතාව විශ්වාස කරන්න බැහැ.

:       0       0

Kandepola Tuesday, 17 October 2017 07:50 AM

19 වෙනිදට ඇප දෙයි. එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 128 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 175 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 398 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1888 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 278 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site