IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොරියාවට ගිය ලාංකිකයෝ 3821 ක් නීතිවිරෝධීව රැඳී සිටිති

(විනීතා එම් ගමගේ)

රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 3821 දෙනෙකු සේවා කාලය අවසානයේ ආපසු නොපැමිණ එරට නීතිවිරෝධී අන්දමින් රැඳී සිටින බව කොරියාවේ මානව සම්පත් සංවර්ධන අංශයේ රැකියා බලපත‍්‍ර ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ කිම් වොන් සියොක් මහතා අද (12) ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් 22,006 දෙනෙකු එරට සේවය කරන අතර එයින් 3821 දෙනෙක් නිතීවිරෝධීව රැඳී සිටින බවත් ඒ අනුව එරට සේවය කරන ශ්‍රී ලාංකියන් අතරින් 17.4% ක් රැඳී සිටින්නේ නීතිවිරෝධී ව බවත් හෙතෙම කියා සිටියේය.

මෙසේ නීතිවිරෝධී ලෙස රැදී සිටින්නන් සංඛ්‍යාව වැඩිවීමෙන් ඉදිරියේ ශ්‍රී ලංකාවට ලැබිය හැකි රැකියා කෝටාව අවම වීමට ඉඩකඩ ඇතැයි ද එම සේවකයින් අනාරක්ෂිත ආර්ථික හා සාමාජීය පසුබිමකට යොමු වන බව ද ඔහු ප‍්‍රකාශ කර සිටියේය.

නීති විරෝධී ලෙස කොරියාවේ රැඳී සිටින්නන් සංඛ්‍යාව අඩු කිරීමට හා රැකියාව අවසන් වූ විගස ස්වේඡ්ඡාවෙන් මෙරටට පැමිණීම වැඩි කිරීමට ශ්‍රී ලංකා රජය යම් අධ්‍යාපන පුහුණූ  හා කාර්ය පටිපාටිය ක‍්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වූවද එහි ප‍්‍රතිඵලය අපේක්ෂිත මට්ටමේ නොවන බවත් කිම් වොන් මහතා කීය.

කිම් වොන් සියොක් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය මහතා කියා සිටියේ කොරියාවේ සේවයට යන ශ්‍රී ලාංකියන් වෙනුවෙන් අස්සන් කරන ඇපයක වටිනාකම දැනට රුපියල් විසි ලක්ෂයක් වන අතර එය රුපියල් හතලිස් ලක්ෂය දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි. ඇප මුදලේ වටිනාකම වැඩිකිරීමට කොරියානු රජය ද එකඟ වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.



අදහස් (3)

කොරියාවට ගිය ලාංකිකයෝ 3821 ක් නීතිවිරෝධීව රැඳී සිටිති

Walter White Thursday, 12 December 2019 12:37 PM

මම ළඟකදීත් දුටුවා කොරියාවේදී කල්ලි ගැහිලා ගහමරාගන්න ශ්‍රී ලාංකික පිරිසක් ගැන වීඩියෝ එකක්.., මේ අමනකම්වලින් වෙන්නේ හොඳ රටක, හොඳවැටුප් ලැබෙන රැකියා සඳහා ලාංකිකයින්ට තියෙන අවස්ථා සීමාවීමයි.

:       0       42

Perera Thursday, 12 December 2019 08:48 PM

කලකට පෙර ඉන්දියාවෙන් ලංකාවට ඔය වගේ පිරිස් ඇවිල්ල නීත්විරෝධිව රැඳිලා ඉඳලා තියෙනවා.

:       0       0

Kamal Friday, 13 December 2019 01:09 AM

එම උදවිය තමා ෆේස්බුක් එකේ රට බේරගන්න ලොකු කතා කියන්නේ

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 20 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 806 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1486 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1703 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 906 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 848 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site