IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කළුදිය පොකුණ මහනුවර උසස් බාලිකාවට පවරයි

 (කාංචන කුමාර ආරියදාස)
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්  සිදු කෙරෙන 2020 පුරාවිද්‍යා වැඩසටහන යටතේ "උරුමය තනි නොකරමු "යන්න වැඩසටහනට සමගාමීව දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරකය භූමිය  හෙවත් දක්ඛිණගිරි විහාර පුරාවිද්‍යා භූමිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා දීමේ වැඩසටහන  අද (18)  දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී සිදු  කෙරිණි .
 
මහනුවර උසස් බාලිකා විදුහලේ ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය කළ ඉල්ලීමක් අනුව    ශිෂ්‍යාවන්ගේ  දැනුම වර්ධනය කිරීම  පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට දයේ දරුවන් යොමු කරවිම ආදී කරුණු රැසක් පදනම් කරගෙන දෙපාර්තමේන්තුව පාසල සමඟ  අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ස්ථාන පරික්ෂා කර බලා සිසුවියන් ගුරුවරුන් හා පුරාවිද්‍යා නිලධාරින් මහා සංඝරත්නය සමඟ ඉපැරණි වෙහෙර වන්දනාව ද මෙහිදී  සිදුකරනු ලැබිය.
 
 2020 පුරාවිද්‍යා සති වැඩසටහන යටතේ උසස් බාලිකා විද්‍යාලයේ මෙවර තේමාව කර ගෙන ඇත්තේද   "උරුමය තනි නොකරමු "යන්නය.
 
 එහි දී විදුහලේ විදුහල්පතිනිය හා අංශභාර භාර ගුරුවරුන්ගේ ඉල්ලීම සලකා බලා  විදුහල් කළමනාකරණ මණ්ඩලය සහ ශිෂ්‍යාවන් වෙත ඉතා මැනවින් මෙම නව ක්‍රමවේද  හඳුන්වා දී  භාරකාරත්වයට පත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දියණියන්ගේ හා ආදී සිසුවියන්ගේ ආධාර උපකාර ඇතිව අක්කර 65ක් පුරාවිදු භුමිය ආරක්ෂා කිරීම දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම මෙහි අරමුණ බව උසස් බාලිකාවේ විදුහල් පතිනි එම් .අබේගුණසේකර මහත්මිය පැවසුවාය .
 
ඉතා දුෂ්කර වූ මාර්ගයක පිරිස මේ ස්ථානයට පැමිණ තිබුණු අතර දිවයිනේ ප්‍රථම වතාවට පාසලකට පුරාවිද්‍යා ස්ථානයක භාරකාරත්වය පැවරීම ද මෙහි සුවිශේෂී වූ සිද්ධියකි . පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කථිකාචාර්ය විරාජ් බාලසූරිය මහතා මෙහිදී කියාසිටියේ දිවයිනේ ඕනෑම පාසලකට ,විශ්ව විද්‍යාලයකට,දහම් පාසලකට ,පිරිවෙනකට මෙවැනි පුරාවිද්‍යා ස්ථානවල භාරකාරත්වය ලබාගෙන රැකබලා ගැනීම අධාපනහි දීමට තව කෙනකුට ඉතිහාසය ගැන කියාදීමට හැකියාව ඇති බවය .

අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ සහයෝගය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම නව වැඩසටහන ක්‍රියාත්මක වන අතර  මෙසේ සිදුකරන දිවයිනේ පළමු වැඩසටහන ද වේ.
 
පුරාවිද්‍යා භූමියක භාරකාරත්වය දරණ දිවයිනේ පළමු පාසල ලෙස මහනුවර උසස් බාලිකා විදුහල මෙදින ඉතිහාසයට ඉක්විමද සුවිශේෂී වූ සිද්ධියකි .
 
ඒ අනුව මහනුවර උසස් බාලිකා විදුහලේ දැරියන් හට දඹුල්ල කළුදිය පොකුණ  හෙවත් දක්ඛිණ ගිරි විහාර පුරාවිද්‍යා භූමිය භාරකාරත්වය ලබාදී එම ස්ථානයේ සුළු නඩත්තු කටයුතු සංරක්ෂණ කටයුතු මෙන්ම ශ්‍රමදා න මඟින් සුද්ධ පවිත්‍ර කිරීම් සිදු කිරීමමෙන්ම ආදි ශිෂ්‍ය සංගමයේ ආධාර උපකාර ලබාගෙන එම ස්ථානය සංරක්ෂණය කිරීම රැක බලා ගැනීම උසස් බාලිකා විද්‍යාලය මගින් සිදුකරන බව ද  අධ්‍යක්ෂ කථිකාචාර්ය විරාජ් බාලසූරිය මහතා පැවසීය.
 
 මේ අවස්ථාවේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වය ඇතිව ඉතා දුර්ලභ ශාක වර්ග රැසක් රෝපණය කිරීමද සිදු කෙරිණි .

 

 

 



අදහස් (15)

කළුදිය පොකුණ මහනුවර උසස් බාලිකාවට පවරයි

sharm warn Friday, 18 September 2020 10:09 AM

පුරාවිද්‍යා කොමසාරිස්ට පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පරිසර ඉඩම් හොරුන්ගෙන් බේරාගන්න බැරිව ඉන්නකොට මේ පොඩි ළමයින්ව බිල්ලට දෙන්න වගේ යන්නේ. නුවර ඉන්න ළමයි දඹුල්ලේ තියෙන දේවල් රැකගන්නේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් මතුවෙනවා. අඩු ගානේ දඹුල්ලේ පාසලක දරුවන් විශේෂයෙන් පිරිමි ළමයින් ඉන්න පාසලකටවත් දුන්නා නම් පොඩ්ඩක් හරි දෙයක් වෙන්න තිබුණා. හරිම සුන්දර සුරංගනා සිහින තමයි... මේ ළමයි පව්...

:       52       320

AsaFriday, 18 September 2020 12:09 PM

නුවර ඉඳන් වරෙල්ලකෝ... දඹුල්ලේ පුරාවිද්‍යාව රකින්න.

:       2       75

BamunuarachchiMonday, 21 September 2020 02:29 AM

ඇයි දඹුල්ලේ.? ඕනෑකමක් තිබෙනවානම් අපිට රටේ ඕනෑම තැනක පුරාවස්තු රැකීමේ අයිතියක් තිබෙනවා.

:       1       1

senjee Friday, 18 September 2020 10:16 AM

සුබපැතුම්!!! හොඳ වැඩක්..

:       144       67

කමල් Friday, 18 September 2020 12:56 PM

ආයතනයකට දැක්මක් සහ මෙහෙවරක් තියෙනවා. යමක් කරනවා නම් ඒ දැක්මට සහ මෙහෙවරට ගැළපෙන දේවල් කරන්න ඕනෑ. එතකොටයි ඒ ආයතනය පවත්වාගෙන යෑමේ ප්‍රතිලාභය මනාව ලබන්න පුළුවන්. ඔය කරලා තියෙන්නේ පාසැලකට ගැළපෙන වැඩක් නොවන බවයි පෙනෙන්නේ.

:       2       47

නුවන් Friday, 18 September 2020 01:13 PM

අම්මගේ, අප්පගේ බූදලයක්ද ඔහොම පවරන්නේ? දැන් ඕකෙන් උරුමය රැකෙන හැටිත් කියලාම දුන්නා නම් හොඳයි. දැන් වෙන කොළඹ ලොකු ඉස්කෝලෙකින් සීගිරිය පවරලා දෙන්න ඉල්ලුවොත් ඒකත් දෙනවද?

:       38       171

BamunuarachchiFriday, 18 September 2020 03:45 PM

ඒ ගොල්ලන්ට හෝගානා පොකුණ පවරලා දෙනවා. ඕනෑනම් අලි නාවන බේසමත් පවරලා දෙන්නම්...

:       2       46

ranaSaturday, 19 September 2020 05:07 AM

හා හා.., ඔබ කලබල වෙන්න එපා... ඔය ගැහැණු ළමයි අලියා නාවන්න ඉදිරි කාලයේදී ඉගෙන ගනීවි...

:       0       9

BamunuarachchiSaturday, 19 September 2020 11:02 AM

ඒ වුණාට බේසම තියෙන්නේ ගෝල්ෆේස් එකේනේ... අලියා අරගෙන කොළඹ එන්න වෙනවා. අලියාත් නාවලා ඒ ගොල්ලොත් හෝ ගාණා පොකුණෙන් නාගෙන එන්න.

:       3       21

ganga Friday, 18 September 2020 02:19 PM

දැන් ටීචර්ලටත් යුනිෆෝර්ම් එකක් තියෙනවද?

:       29       10

bandara Saturday, 19 September 2020 01:41 AM

මට නම් මේක විහිළුවක්.

:       3       44

ගයනි කාංචනා Saturday, 19 September 2020 02:31 AM

පිස්සු හැදෙන සඳ කිව්වලු!

:       0       8

ලුම්බිණි Saturday, 19 September 2020 04:08 AM

මේ මොන විහිලුවක්ද?

:       0       61

bamunuarachchi Saturday, 19 September 2020 11:06 AM

කොළඹ සමහර වටරවුම් කොළම පාසල්වලට සහ කම්පැණිවලට දීලා ඒ ගොල්ලෝ මේන්ටේන් කරනවා දැකලා නැද්ද? එහා වටරවුමක හොඳට එළවළු වගාකරලා තිබුණා. පාසල් ළමයි වැඩේ හරියට කරාවි.

:       0       18

sharm warnMonday, 21 September 2020 04:31 AM

අනේ බමුණු, වටරවුමකයි පුරා විද්‍යා බිමකයි වෙනස තෙරුම්ගන්නකෝ මුලින්ම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 952 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1020 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site