(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
කුරුණෑගල හලාවත මාර්ගයේ කොක්කාවිල හංදියේදී අද ( 22 දා ) රාත්‍රි පමණ පාර හරහා කහ ඉර මතින් ගමන් කළ පුද්ගලයෙකු වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුවු ස්ථානයේදීම මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි .
යතුරු පැදියේ පැමිණි අයත් බරපතල ලෙසින් තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් කියයි.ඔහු මුගුණුවටවන පුලියන්කාර ප්‍රදේශයේ පදිංචි වලාකුළු පේඩිගේ සුපුන් බුද්ධික ( 32 ) නමැති අයයි .
අනතුරෙන් මිය ගොස් ඇත්තේ බිංගිරිය වැල්ලරාව ප්‍රදේශයේ විසු හොරතල් පේඩිගේ කිංස්ලි මුණසිංහ (38) නමැති අයයි. මෙම දෙදෙනාම විවාහකයින් බවත් කියයි.
යතුරු පැදිය හලාවත දෙසින් පැමිණි අතර එය කොක්කාවිල හංදිය අසලට එන අතර බසයකින් පැමිණ ඉන් බැස පාර මාරු වීමට කහ ඉර මතින් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය ඔහුගේ ඇගේ හැපි විසිවි පෙරැළි ඇති බව අනතුර සිදුවු ස්ථානයේ සිටි අය දැක ඇති බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කහඉර මත යතුරුපැදි අනතුරින් අයෙක් මරුට
සනත් Saturday, 22 September 2018 06:08 PM
සමහර මෝටර් සයිකල් කාරයෝ ඒවා පදිනවා නෙමෙයි ඉගිලෙනවා. කොහොමටත් පළපුරුද්ද අඩු තරුණ කොල්ලෙක් එන්ජින් ධාරිතාවය 200 විතර බයික් එකක් වාහන අධික මහා පාරක පැයට කිලෝමීටර් 100ක වේගයෙන් පැද්දොත් කිලෝමීටර් 20ක් යන්න ඉස්සරවෙලා ඇක්සිඩන්ට් වෙනවමයි.
lakmal Sunday, 23 September 2018 11:32 AM
මෙවැනි රියදුරන් හට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරිය යුතුයි.