IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුව අද(19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ 4 සැකකාර වික්ටර් සමරවිර , 5 සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, සහ 6 සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා අගෝස්තු 2 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8 වන දින අධිකරණයට බාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට  දැනට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.‍

සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඔහු බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධන පුර රෝහලේම නතරව ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන ලෙසය.එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශනය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ට් ගාඩ්  නෞකාවේ පවත්වාගෙන ගිය  පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ්

Hafeel Friday, 19 July 2019 07:47 AM

බලනකොට රට පාලනය කරන සහ ඉහළ තනතුරු දරන අය ලෙඩ්ඩු නේද?

:       0       1

බද්රානි Friday, 19 July 2019 08:08 AM

පාවෙන අවි ගබඩාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදී,රජයට කොටි ගණනින් මුදල් පාඩු කල, මහ එකාව රටේ ජනාධිපති කොට අනිත් එවුන්ව හිරේට දමන ක්‍රමයත් නරකම නැහැ. මේවා ඇහෙද්දේ, සම හරක් ගේ මුඛය පුට්ටු වෙන බව අපිට නම් රහසක් නොවේ???

:       0       217

Amila Friday, 19 July 2019 08:19 AM

රටට මුදල් ආපු මෙවෙනි ව්‍යාපාර විනාශකරපු එක මේ ආණ්ඩුව ආර්ථිකයට කරපු තව ලොකු විනාශයක්. වරදක් තිබුණා නම් ඒවට දඩ ගහලා වැරදි නිවැරදි කරගෙන ඉසරහට යන්න ඕන. ව්‍යාපාර ව්නාශ කරන එක නෙමේ කරන්න ඕන ව්‍යාපාරිකයෝ නිර්මාණය කරන එක අමාරු වැඩක් මොකද එහෙම අවදානමක් ගන්න මිනිස්සු ඉන්නේ සුලු ප්‍රමාණයක් නුමුත් රැකියා වලට ඕන තරම් මිනිස්සු හදාගන්න පුලුවන්.

:       439       217

sirimal Friday, 19 July 2019 08:51 AM

ඒ උනාට මහා මොළකාරයා තවම නිදැල්ලේ.

:       0       0

Jayantha Friday, 19 July 2019 09:48 AM

මාරයිනේ මොවුන්ට ලෙඩ වෙන්නේ අත්අඩංගුවට ගත්ත ගමන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 179 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 213 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 219 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 407 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1977 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 294 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site