IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති මණ්ඩලය පත්කරද්දී සුදුසුකම් බලන්නැයි පැෆරල් ඉල්ලයි

විනීතා එම් ගමගේ
 
නව කැබිනට් මණ්ඩලයට පත්කරන සෑම අමාත්‍යවරයකුගෙන්ම, රාජ්‍ය ආයතන සමඟ සෘජුව හෝ වක‍්‍රව ව්‍යාපාරික සබඳතා නොමැති බවට හා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබාගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම අමාත්‍යවරුන් පත්කිරීමේදී ඔවුන්ගේ දැනුම හා කුසලතා අනුව විද්‍යාත්මකව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට  කටයුතු යොදන්නැයි ද අමාත්‍යවරුන් පත් කිරීමේ දී සළකා බැලූ කුසලතා මොනවා දැයි රටට හෙළි කරන ලෙසත් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (18) පැවසීය. 

දේශපාලඥයින්ගේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳව රටේ පොදු අප‍්‍රසාදයක් නැගී ඇති සමයක් බැවින් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි  ද හෙට්ටිආරච්චි  මහතා කීය.

විශේෂයෙන් කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීම, ඉකුත් සමයේ බරපතල චෝදනාවලට ලක්වූවන් ඇමැති තනතුරුවලට පත් නොකිරීමට වගබලා ගැනීම මෙන්ම රජය හෝ රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන පිරිස් පත් නොකිරීමට  ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වග බලා ගත යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (4)

ඇමැති මණ්ඩලය පත්කරද්දී සුදුසුකම් බලන්නැයි පැෆරල් ඉල්ලයි

Raveendra Tuesday, 18 December 2018 03:19 PM

එහෙනම් ඉතින් කඩෙන් තමයි ගන්න වෙන්නේ ..

:       0       115

Mahee Tuesday, 18 December 2018 07:51 PM

පැපරල් එකෙන් අදහස් කරන සුදුසුකම් ඇමති කෙනෙක් වෙන්න උවමනා නැති බවයි අපේ අදහස. ඒ ගොල්ල ප්‍රාදේශීය සභාවේදීත්, පළාත් සභාවේදීත්, මන්ත්‍රී කාලෙදිත් හිතේ හැටියට මදි නොකියන්න "සුදුසුකම්" ලබල ඉන්න කට්ටිය හින්ද ඔය දෙසිය විසිපහම ඒ වැඩේට සුදුසුයි කියල මං හිතන්නේ. අහල බලන්නකො ඕන නම් කට්ටියගෙන්.

:       0       0

Sathyayaa Tuesday, 18 December 2018 11:56 PM

අද දවසේ බුදුන් ජීවමානව සිටියේ නම් පටාචාරාවට කියනු ඇත්තේ හොරකම් නොකරපු ඇමති වරයෙකුගේ ගෙදරකින් අබ ටික සොයා ගෙන එන්න කියායි.

:       0       3

Bandula. Wednesday, 19 December 2018 06:16 AM

අනේ එහෙම උනොත් ලොකු අපරාදයක්, මොකද ඔතන ඉන්න අයගෙන් වැඩි දෙනෙක් වැස්සකටවත් පාසල් ගියේ නැති අයනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 47 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 182 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 361 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1601 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 240 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 453 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site