IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 100ක බැගින් වූ ශරීර ඇප මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.

2020 වසරේ අගොස්තු මස 25 වන දින රාත්‍රියේ, රැම්සා තෙත්බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති  ආනවිලුන්දාව කුරුලු අභය භූමියට ඩෝසර් යන්ත්‍රයක් රැගෙනවිත් ඇතුළු වී නීතිවිරෝධී ලෙසින් ඉස්සන් කොටු සකස් කර ඇති බවට වන ජීවි කාර්යාලය ආරච්චිකට්ටුව පොලිසියට දැනුම් දී ඇත. ආරච්චි කට්ටුව පොලිසිය විසින් ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු වන බත්තුළුඔය කිරියන්කල්ලියේ පදිංචි  පෝරුතොටගේ සුජිත් කුමාර නිශාන්ත ප්‍රනාන්දු (43) සහ ඉස්සන් ව්‍යාපාරිකයෙකු බව කියන බත්තුළුඔය පිංකට්ටියේ පදිංචි වර්ණකුලසුරිය නිශාන්ත ප්‍රනාන්දු (35) යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අද (18) දහවල් යළි දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ පසු සැකකරුවන් ඇප මත මුදා හල අතර වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 26 දක්වා කල්තැබිණි. 

කුරුලු අභය භුමියට ඇතුළු වි ඉස්සන් පොකුණක් සකස් කිරිමේ මෙම සිද්දිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් මන්ත්‍රි කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවට බාර වෙන බවය තොරතුරු පැතිර තිබුණද  ඔහු අද (18) අධිකරණය හමුවට බාර වුයේ නැත. 

එහෙත් මෙදින නඩු විභාගයේ දි ජගත් සමන්ත පෙරේරා කුරුලු අභය භුමියේ එළි පෙහෙළි කිරීමට සම්බන්ධදැයි පරීක්ෂණයක් කර එසේ සම්බන්ධ බවට තොරතුරු ලබා ගත හැකි වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරණ ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නැයි දිසා විනිසුරුවරයා පොලිසියට දැන්වීය.

පැමිණිල්ල ආරච්චිකට්ටුව පොලිසිය ඉදිරිපත් කළ අතර නීතිඥවරුන් වන තරංග දිසානායක, රුවන් ප්‍රනාන්දු සහ චින්තක කරුණාසේකර මහත්වරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. 



අදහස් (14)

ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප

hema Friday, 18 September 2020 06:52 AM

එක රටක්.. එක නීතියක් ...

:       0       391

Ruhunu Friday, 18 September 2020 06:53 AM

ලෝකයා රවටන්න මේ නඩු තව දිගට ගෙනියන්නේ නැතිව දාහක දෙදාහක දඩයක් ගහලා නිදහස් කරලා දැම්මා නම් ඉවරයිනේ... නිකන් කාලය නාස්ති නොකර...

:       2       247

sharm warn Friday, 18 September 2020 08:18 AM

අති විශිෂ්ඨයි.. රෙස්පෙක්ට් සර්.. අන්න අර ඩෝසරේ අල්ලලා හිරේ දැම්මා නම් ඉවරයිනේ..

:       0       110

රොෂාන් Friday, 18 September 2020 08:28 AM

ආයේ ඉතින් ඒ කථාවත් ඉවරයි. දැන් බදුර්දීන් ගස් කපන්නේත් නෑනේ, සාෆි වඳ සැත්කම් කරන්නෙත් නෑ. අපේ අයට මේවා ගාණකුත් නෑ.

:       155       184

MalikaFriday, 18 September 2020 08:53 AM

ඇයි අර කුරුණෑගල රජමාලිගාව කඩපු නගරාධිපති... එයත් ආපහු ඒ වගේ නරක වැඩ කරන්නේ නෑලු. "වැඩිය කඩන නරක නගරාධිපතිලා හෙම නොවේ අපි..."

:       0       421

නන්නාදුනන හාදයා. Friday, 18 September 2020 08:38 AM

නන්නාඳුනන තුවක්කුකරුවාණෙනි, පාලකයින් විසින් කොන්ද කඩා ඇති නීතියට කොකා පෙන්වන මේ නරුමයින්ට ඔබේ කොකා ගස්සන්න. පව් නැහැ. දෙවියෝත් ඔබව රකිවි.

:       2       745

Nihal Friday, 18 September 2020 01:16 PM

හැබැයි රටේ නැති නීති ඔබට ක්‍රියාත්මක වේවි..!!!

:       2       22

මෝ Friday, 18 September 2020 10:11 AM

රටේ විනාශයත් පොහොට්ටුවේ විනාශයත් අත ළඟ. පොහොට්ටුවේ අයට ළඟදීම ලැබෙන්නේ දේව දඬුවම්..

:       125       1598

Nuwan Friday, 18 September 2020 10:31 AM

ඔතන ඉස්සර හිටපු සිංහල රජතුමෙක්ගේ ගොඩනැගිල්ලක් අපේ හාමුදුරුවනේ...

:       2       60

Demuni Uduwara Friday, 18 September 2020 12:19 PM

දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.

:       0       9

[email protected] Friday, 18 September 2020 12:42 PM

කමක් නැහැ. ඩෝසරේ හිරේ යවමු.

:       1       161

Naushi Friday, 18 September 2020 01:30 PM

වියත් මග නිලවශයෙන් ආරම්භ වූ බව සතුටින් දන්වා සිටිමු.

:       1       10

siri Friday, 18 September 2020 01:36 PM

බලාපොරොත්තු වුණු ආකාරයටම සියල්ල සිදුවෙමින් පවතියි.

:       0       365

බද්රානි Friday, 18 September 2020 02:26 PM

අනේ, ඒ උත්තමයින්ට ඇප විතරක් දීලා කොහොමද? එතුමන්ලාට දේශප්‍රේමී රාජ්‍ය සම්මාන ලබෙනකනුයි අපි මේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ...

:       1       2470

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 311 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 865 2

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 308 1

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 387 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 1059 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 332 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2027 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site