IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අ‘පුර ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසීයැයි නඩුව ලබන වසරට කල් යයි

(අධිකරණ උපාලි ආනන්ද)
 

රෝගියෙකුට ප‍්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් පැමිණි තමාට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කර එක් ඇසක් අන්ධ කර අනෙක් ඇසට සහ  ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා  පවරා තිබූ නඩුවක්  සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් චමරී දනන්සූරිය මෙනවිය   අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 18වනදා  විභාග කිරීමට  නියෝග  කළාය.
 
නඩුවට අදාළ ලිඛිත දේශන සහ විත්ති පැමිණිලි පාර්ශවයන් විසින්  අධිකරණයට මීට පෙර ගොනු කර ඇත. උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතා ජනාධිපති  නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණ.
මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන මින්නේරිය, හබරන පාර, මෙත්සුව ලිපිනයේ සුසිරි කුමාර වික‍්‍රමසිංහ, හිටපු යුධ හමුදා සෙබලකු වන මින්නේරිය රජඇල, 161/2 ලිපිනයේ ඒ.ඩබ්.ඒ.නුවන් කුමාර සහ මාලූ වෙළෙන්දෙකු වන  වතුරගම, ගලබඩ, අංක 304 ලිපිනයේ කෝෂිත හෂාන් යන තිදෙනාය. 
 
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතා  වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති  නීතිඥ කරුනාරත්න හේරත් මහතා පැවසුවේ 2013.02.22 වන දින හෝ ඊට ආසන්න දිනයකදී ඉහත නම් සදහන් 2 වන සහ 3 වන විත්තිකරුවන් පැමිණිලිකරු පදිංවිව සිටි අනුරාධපුරයේ පිහිටි නිල නිවසට පැමිණ පළාත් ආයුර්වේද කොමාසරිස්වරයාට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කළ බවයි. ඒ රෝගියෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණ බව පවසමිනි.
 
මෙම පැමිණිල්ලේ 2 සහ 3 විත්තිකරුවන්ද, ඔවුන්ව මෙහෙයවූ තැනැත්තා වන 1  විත්තිකරුද අත් අඩංගුවට ගත් බව මෙම ඇසිඩ් ප‍්‍රාහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ අනුරාධපුර පොලිසිය අධිකරණයට කියා සිටියේය. ජනාධිපති නීතිඥවරයා විමර්ශනයේදී හෙළිදරව් වූ සාක්ෂි මත 1, 2 සහ 3 වන විත්තිකරුවන්ට එරෙහිව මේ  වන විට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ එචි.සී 258/ අංක දරන නඩුව යටතේ  අධිචෝදනා ගොනු කර ඇති බවද පොලිසිය පැවසීය.



අදහස් (0)

අ‘පුර ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසීයැයි නඩුව ලබන වසරට කල් යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 130 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 439 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 345 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 265 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 671 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1343 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site