(සිතුම් චතුරංග)
ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක් පවත්වාගෙන යමින් මුලතිව් ප‍්‍රදේශයේ පාසල් සිසුන් වෙත අසභ්‍ය වීඩියෝ දර්ශන අලෙවි කළ බව කියන පුද්ගලයකු අද (23) ඔඞ්ඩුසුඩාන් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.
පාසල් සිසුන් ඉලක්ක කරමින් සිදුකෙරෙන අසභ්‍ය වීඩියෝ බෙදාහැරීමේ ජාවාරමක් පිළිබඳ මුලතිව් කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරු සතුව තිබී මෙරටදී රහසිගතව වීඩියෝ ගතකර ඇති බවට සැකකෙරන සිංහල හා ද්‍රවිඩ ජාතිකයින්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළු වීඩියෝ පට 2000කට ආසන්න සංඛ්‍යාවක් හා එම වීඩියෝ දර්ශන ගබඩාකර තිබූ ලැප්ටොප් පරිඝණකයක් හා ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.
පොලිසිය පැවසූයේ සැකකරු පාසල් සිසුන්ගේ ජංගම දුරකථනයට එක් වීඩියෝවක් ලබාදීම සඳහා රුපියල් 100ක මුදලක් අයකරන අතර තරුණයින් වෙත ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් සඳහා වීඩියෝ ලබා දෙන බවත්ය.
ජංගම දුරකථන අලෙවිකරණ ස්ථානය පොලිසිය වැටලුවහොත් එහි තිබෙන ප‍්‍රධාන පරිඝණක ක‍්‍රියාවිරහිතව පවතින බවට හැගවීම සඳහා සැකකරු භාවිතයට ගැනීමට නොහැකි පරිඝණක වෙළෙඳෙ සලෙහි තබා ඇති බවද පොලිසිය කීය.
අසභ්‍ය වීඩියෝ දර්ශණ සහිත ලැප්ටොප් පරිඝණකයද කොටස් ගලවා තිබෙන බැවින් යම් අවස්ථාවක පාසල් සිසුවකු පැමිණ අසභ්‍ය දර්ශන ඉල්ලා සිටියහොත් ලැප්ටොප් පරිඝණකය එකලස්කොට දර්ශන ලබාදෙන බවටද අනාවරණයවූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අසැබි දර්ශන අලෙවි කළැයි අයෙක් අත්අඩංගුවට