IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අවුකන රජමහා විහාරයේ සංවර්ධනයට චීනයෙන් ලක්ෂ 10 ක්

(කාංචන කුමාර ආරියදාස)

අවුකන රජමහා විහාරස්ථානය මුල් කර ගනිමින් චීන ජාතික භික්ෂුණීන් වහන්සේ නමක් සහ ව්‍යාපාරිකයන් එක්ව අවුකන ප්‍රදේශයේ දහම් පාසල් සිසු සිසුවියන්ට සහ චීන දායකත්වයෙන් පවත්වාගෙන යන  ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා  සිදු කළහ.

ඒ අතර  අවුකන රජ මහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීමද අවුකන පුද බිමේදී එම අවස්ථාවේදී සිදු කෙරිණි.

මීට වසර ගණනාවකට ඉහත දී චීනයේ නැණින්  නගරයේ ජීවත්වන භික්ෂුණි ඩාම් හොං අන් ෆු තෙරණිය  අවුකන රජමහා විහාරය හි පිහිටි  අවුකන පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති  ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් සමග සාකච්ඡා කර පුදබිමේ සහ එම ස්ථානයේ දියුණුකිරීමේ සුවිශාල වූ කාර්යභාරය ඉටු කිරීමට  භික්ෂුණින් වහන්ස  භාරගෙන තිබේ.


ඒ අනුව මේ වන විට එම භික්ෂුණින් වහන්සගේ  සහ චීනයේ නැණින් නගරයේ දායකයන්ගෙන් අවුකන රජ මහා විහාරස්ථ විහාරස්ථානය ආසන්නයේ දේශීය දරුවන් සඳහා ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනු ලබයි. එහි සියලූ වියදම් දරනු ලබන්නේ මෙම  භික්ෂුණින් වහන්සේ  බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් පැවසූහ.


චීනයේ සිට මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස අවුකන රජ මහා විහාරස්ථ දායක සභාව විසින් හරසරින් යුතුව පිළිගෙන ඔවුන් විසින් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසැලේදි දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ට සහතික පත්‍ර  ප්‍රදානය කිරීම චීන බෞද්ධ දූත පිරිස විසින් සිදු කරනු ලැබුහ.


පසුව  බුද්ධ  ප්‍රතිමාව ඉදිරිපිට ප්‍රදේශයේ දහම් පාසල් සිසුන් සඳහා සහ  ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් වෙත පොත්පත් කට්ටල පාසල් පොත් බෑග් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම චීන ජාතික බෞද්ධ දූත පිරිස විසින් සිදු කරනු ලැබූහ.



අදහස් (0)

අවුකන රජමහා විහාරයේ සංවර්ධනයට චීනයෙන් ලක්ෂ 10 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 34 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 180 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 358 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1583 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 240 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 450 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site