IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලුත් වෙනස ගැන රන්ජන් අමනාපෙන්

(නිමල කොඩිතුවක්කු)
   
එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ තනතුරු වෙනසේදී තමන් බලාපොරොත්තු වූ රුඩිකල් වෙනස  සිදු නොවූ බව සමාජ  සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවසීය.

 
තනතුරු ලබාදීමේදි මෙයට වඩා තරුණ අයට අවස්ථාවක් ලබාදීමට ඉඩ තිබූ බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පවා අවධානය යොමු කළ බවත් ඔහු කියා සිටියේය.
 
එමෙන්ම පක්ෂයේ උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත් කිරීමට තමන් විරෝධය පළ කළ බවත්  හෙතෙම සඳහන් කළේය. අනිකුත් තනතුරු සඳහා තම විරෝධයක් නොමැති බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (15)

අලුත් වෙනස ගැන රන්ජන් අමනාපෙන්

Saththaya Thursday, 26 April 2018 01:54 PM

ඔය රැඩිකල් වෙනසට , ලංකාවේ දේශපාලනය කරන්න හොද මහත්වරු ටිකක් හොයාගන්න පුලුවන්ද? ඉන්න මුදලාලිලා ටික අයින් කරලා. (දුෂිතයන්) ඔබලා සමග කී දෙනෙක් ඉන්නවද ගුණයහපත් රටට සමාජ සේවයක් කරන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ මහජන මුදල් ගසා නොකා සහ රටේ මුදල් තමන්ගේ ජොලියට වියදම් නොකරන . දැන් නායක තුමන්ලාට උගන්වන කට්ටියක් තමයි ඉන්නේ , මොකද ඔවුන්ට ඕන විදියට වැඩ නොකොළොත් ගානක් අරගෙන, පැන්න අනික් පැත්තට. එහෙම නේද ? ඔබතුමාට එ්ක නවත්වන්න පුලුවන්ද? ඉරාකය අදටත් ගොඩගන්න බැහැ. මොකද සල්ලි වලට කෑදර කරලයි තියෙන්නේ දේශපාලනය කරපු කට්ටිය . හොදට ඕව කියවල බලන්න. එතකොට තේරෙයි.

:       0       0

සතයපාල Thursday, 26 April 2018 02:11 PM

රනිල් වික්රමසිංහ හැමදාම කලේ පාක්ෂිකයාව ගොනාට අන්දවපු එක විතරයී.ඒ නිසා ඔය කවුරු කොතනට ආවත් එයා සර්ව බළධාරී නායකයා විදියට වැජබෙන අතර අනික් අයට වෙන්නේ යර්ස් සර්, ඕ.කේ. සර් කිය කියා එයාගේ පස්සෙන් යන්න විතරමයි.

:       0       0

Udaya Thursday, 26 April 2018 02:50 PM

94 සිට දැන් අවුරුදු 24ක්. තාම බැරිඋනා ජනාධිපති කෙනෙක් තමුන් ගේ පක්ෂයෙන් පත්කරගන්න. හැබැයි තනි පක්ෂයක් විදියට ප්‍රබලම පක්ෂය. තෙරෙනවා නේද පරණ කට්ටියට කවදාවත් බලය ගන්න බෑ කියල. කරුණාකරල මේ රට තවත් වට්ටන්නේ නැතිව මිනිසුන් අතර ජනාදරයට පත්වූ වැඩ පුළුවන් අයට තැන දීලා යන්නකෝ බල පෙරෙතකම අත හැරලා. ප්‍රබල පක්ෂවල එම පක්ෂතුල බල ලොභය සහ සමගිය නැති වුණාම රටම අගාදයට යන්වා. පේනවානෙද රුපියලට දැන් වෙලා තියන තැන.

:       0       253

anandaSaturday, 28 April 2018 01:16 AM

තනි පක්ෂයක් විදිහට ප්‍රබලම පක්ෂයයි. එ්ක දැන් අවලංගු වෙලා ගොඩක් කල්...

:       0       0

sanath Thursday, 26 April 2018 04:56 PM

දැනට එක්සත් ජාතික පක්ෂෙන් දිනන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ ඒ තමයි කරු ජයසුරිය.

:       105       86

AsokaFriday, 27 April 2018 03:33 AM

ඊලග මැතිවරනයදී මහින්ද හයෙන් පහක ආසන ගණනක් ගන්නවා.

:       0       22

නිකමා Thursday, 26 April 2018 09:44 PM

ඕක අපි හැමෝටම තේරුනාට රනිල්ට තේරෙන්නේ නෑනේ.

:       0       6

lalithsjm Friday, 27 April 2018 01:07 AM

උප නායක කමින්ම තේරෙනවා පක්ෂෙ යන්නේ කොහාටද කියලා.

:       0       11

Rohana Friday, 27 April 2018 01:17 AM

රට හමුවේ තිබෙන ප්‍රශ්න, අබියෝග ගැන පක්ෂයක දැක්මක් සහ ඊට අනුකුලව පක්ෂයක ප්‍රතිපත්ති සකස් කලයුතුය. පක්ෂයක විනයක් තිබිය යුතුයි. නායකයා ආදර්ශමත් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය දිනෙන්දින මරණය කරා ගමන් කරනවා.

:       0       3

A.Samathasena. Friday, 27 April 2018 02:57 AM

මා සිටින්නේත් රන්ජන්ගේ මතයේ. රවී කරුනායක කර උඩ තියා ගැනීමේ ප්‍රතිපල ඉදිරියේදී පෙනේවි.

:       0       14

jayanath Friday, 27 April 2018 03:21 AM

තනතුරු මාරු කර කර ඉන්න එකට වඩා, රට ආගම ගැන හිතල අවංකව වැඩ කරන්න දැන්වත් පොඩි හරි උත්සහයක් දරුවොත් හොඳයි නේද? නැත්තම් ඔබලාට ඉදිරියට යන එන මන් නැතිවෙයි.......

:       0       2

ලුම්බිණි Friday, 27 April 2018 03:50 AM

රන්ජන්ගේ අමනාපය සාධාරණ එකක්. වෙනත් රටවල දේශපාලනය කරන මිනිස්සු ටික කලකට පසුව අනෙක් අයට තැන දෙන්න පැත්තකට වෙනවා. අපේ රටේ උදවිය මැරෙනකම් දේශපාලනය කරමින් ඉන්නවා. මැරුණට පස්සෙත් පුලුවන්ද කියලත් බලනවා.

:       0       8

de silva berlin Friday, 27 April 2018 08:59 AM

අද බරපතල චෝදනා වලට ලක්වුණු රවී කරුණානායකට එජාපෙ උපනායකකම දීම එදා කරුණා අම්මාන්ට ශ්‍රීලනිපෙ උප නායක කම දීම වැනි වැඩක්... මේකෙන් පෙනෙනවා රනිල්ට අවශ්‍ය පක්ෂය ජයග්‍රහණය කර 2020 දී එජාප ජනාධිපතිවරයෙක් යටතේ එජාප රජයක් පිහිටුවීම නොව, 2020 දී නැවතත් විපක්ෂනායකකම තමසතු කර ගැනීම බව....

:       0       43

de silva Saturday, 28 April 2018 08:40 PM

රෝයල් ගැන්සියට විරුද්ධව කතාකළා කියලා රන්ජන්ට විරුද්ධව විනය පරීක්ෂණ කරන්න ඕනේ කියලා ජෝන්බාස් පත්තරේට කියල තිබුණ, ජෝන්බාස් හදන්නේ මේපාරත් හැමෝටම කලින් ඇදගෙනම නාගන්න වගේ... ඔය පරීක්ෂණය ගෙනාවොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ රන්ජන්ගේ ගොඩට ලබන ඡන්දෙදී පහුගිය ඡන්දෙදි තිබුණට වැඩිය අමතර මනාප 10 -15 දහසක් එකතුවීම සහ ජෝන් බාස්ගේ ආසනයත් පැරදිලා ගෙදර ඉන්න වෙන එක.., රන්ජන් ප්‍රකාශ කලේ එජාපය සහ ලංකාවේ බහුතරයකගේ මතයයි. රන්ජන්ට උතුරු නැගෙනහිර හැර ලංකාවේ ඕනෙම දිස්ත්‍රික්කයකින් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න පුළුවන්... ප්‍රධාන පක්ෂ දෙකෙන් මොන එකෙන් ඉල්ලුවත් රන්ජන්ට මිනිස්සු මනාපේ ගහනවා...

:       1       48

sunil perera Monday, 30 April 2018 01:59 AM

සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂ නායකකම දෙන්න.නැවතත් වර්ෂ 1977 ඡන්ද ප්‍රතිපල ලබා ගන්න පුළුවන් . එසේ උනේ නැත්නම් අන්ත පරාජයකට එජාප ට වැටෙනවා .එහෙම උනේ නැත්නම් පාරම්පරික එජාපට අපිත් ජන්දය දීමෙන් වැළකෙනවා . රනිල් මැතිතුමා මේ ගැන හොඳින් සිතන්න.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 41 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 125 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 197 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1777 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 262 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site