IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අයියාගේ කැති පහරින් මල්ලී මරුට


 
(පාලිත ආරියවංශ )
 
මහියංගණය හද්දත්තාව ගම්මානයේදී  31 හැවිරිදි මල්ලීට  කැත්තකින් පහරදී  ඝාතනය කළැයි සැකපිට 36 හැවිරිදි අයියා අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි .

මරණයට පත්ව ඇත්තේ වත්තේගෙදර සජිත ලක්මාල් නමැත්ති වැලි ව්‍යාපාරිකයෙකි  .

ඒ අවස්ථාවේ මල්ලිගේ බිරිඳටද කැත්තෙන් පහරදී ඇති අතර  ඇය අතක කැපුම් තුවාල සහිතව  මහියංගණය මූලික රෝහලට ඇතුලත් කර තිබේ .

මොවුන් දෙදනාගේ නිවෙස්  එකම වැටකින් වෙන්වන සේ පිහිටා  ඇති අතර මල්ලී  බිරිද හා දරු දෙදනා  සමග හසලක නතරවී  වැලි ව්‍යාපාරයක් පවත්වාගෙන යන  බවත් නිවාඩු දිනයන්හි   බිරිද හා දරු දෙදනා සමග හද්දත්තාවේ නිවසට පැමිණෙන බවත්  විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය .
 
ඊයේ (30) අයියා රැකියාවට ගොස් නිවසට එන විට එම නිවස ආසන්නයේදි මල්ලී , අයියාට බැන වැදී ඇති බවත්  එවිට අයියා නිවසට දිවගොස් කැත්තක් රැගෙන විත් මල්ලිට හා මල්ලීගේ බිරිඳට කැත්තෙන්  පහරදී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය .

දෙදෙනා අතර කලකසිටි පැවති පුද්ගලික ආරවුලක් පිළිබදව බහින් බස් වීමකින් පසු  මෙම ඝාතනය සිදුවී ඇති බවද අනාවරණය වී තිබේ .මහියංගණය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි. 



අදහස් (2)

අයියාගේ කැති පහරින් මල්ලී මරුට

මද්දුම මහත්තයා Saturday, 31 October 2020 01:35 PM

මෙවැනි සිද්ධිවලට දෙමාපියන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු යැයි කියන්නේ ඔවුන් තමතමාට අයත්ව තිබුන දේපලක් තිබුනා නම් දරුවන්ට බෙදානොදීමයි. කුඩාකාලයේම සහෝදර ආදරය කියානොදීමත් තවත් හේතුවක්වෙනවා. නමුත් මටම කියන්න පුළුවන් සමහරක් දෙමාපියන් දරුවන්සේ සලකන්නේ පිරිමින් විතරයි... මම දන්නා එක පියෙක් දියණියන් දෙදෙනෙකුගේ හා පුතුන් තිදෙනෙකුගේ පියෙක් ඔහු අවසාන කාලයේ සියළු දේපල පුතුන් තිදෙනාට නොබෙදා හවුල් අයිතිය තිබෙන ලෙසට ලියා දුන්නා. ගෙදර සිටි පුතාත් ඔහුට වැඩිමහල් පුතාත් අසනීපයෙන් සිට මියගියා. වයසක අමිමාට සලකන්න වුනේ දේපල කිසිත් නොලැබූ දියණියන්ටය. නොබෙදූ ඉඩම් ලැබූ නිවසේ සිටි පුතාගේ බිරිද දැනට සියළු දේපල බුක්ති විදිනවා. මෙම පියා කරපු දෙයින් සිදුවුනේ තමාගේ ලෙයින් ඇතිවූ දියණියන්ට නැතිව පිටතින් පැමිණ කාන්තාවකට සියළුදේ හිමිවුනා. මියගිය පුතෙක් කියකියා සිටියේ පවුලේ දියණියක් විවාහ වුනානම් දෙමාපියන්ගේ සියළු දේපල අහිමි වෙනවා කියලයි. මෙම පවුලේ අයගැන හොද කථා සෑහෙන්න තියෙනවා.

:       0       1

Raveendra Sunday, 01 November 2020 06:30 AM

අප සමාජයේ වැඩිදෙනෙකු කතා කිරීමට අකමැති එහෙත් මේ මොහොතේත් සිදුවෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව ඔබගේ අදහස් අප අගයන්නෙමු. තණ්හාව , පිළිබදව අප අදහන ඒ ඒ ආගම් අනුව "අපට සිතීමට හැකි නම්" මෙවන් ගැටළු කිසිවිට ඉස්මතු නොවෙන බව කිවහැකි නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 73 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 68 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 87 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 747 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 688 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 308 1

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 328 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site