IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


අත්අඩංගුවට නොගන්නයි බදියුදීන්ගෙන් ⁣මූලික අයිතිවාසිකම් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පතිරණ , එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,වැඩබලන පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න සහ නීතිපති  ඇතුළු හත්දෙනෙකු නම් කරනු  ලැබ සිටිති.

නීතිඥ නිලංග පෙරේරා මහතා මාර්ග⁣යෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකි.පෙත්සම්කරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දැනට පවතින මෙම තත්ත්වය තුළ කුමන හෝ තත්ත්වයක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනමේ අවදානමක් පවතී.

එබැවින් පෙත්සම්කරුගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (45)

අත්අඩංගුවට නොගන්නයි බදියුදීන්ගෙන් ⁣මූලික අයිතිවාසිකම් පෙත්සමක්

නොකවුට් Wednesday, 29 April 2020 02:25 PM

ඇයි රාජ්‍ය මුදල් අවභාවිත කරන්න ලයිසන් දීලා තියනවද ?

:       85       1444

NishanThursday, 30 April 2020 04:04 AM

එහෙම කළා කියලා තවම ඔප්පු වෙලා නැහැනේ.

:       140       74

LankikayaThursday, 30 April 2020 04:57 AM

මේක මාර වැඩක්නේ. මේ අය හැම ජරා වැඩක්ම කරලා අත්අඩංගුවට ගන්න එපාලු. මුලික අයිතිවාසිකම් කඩ වෙනව. එතකොට බෝම්බෙන් මැරුන අයගේ තුවාල වුන අයගේ මුකුත් කඩ වුනේ නැද්ද ?

:       17       152

SamanThursday, 30 April 2020 08:53 AM

ඔව් ඔව් අප්පුහාමිත් ඕකමනේ කරේ .මිග්‍ යානා ගණුදෙනුවේ.

:       4       37

jayath Wednesday, 29 April 2020 02:50 PM

මොකද අප්පා ඔය තරම් බය?

:       0       212

NishanThursday, 30 April 2020 04:04 AM

ඇයි කෙනෙක් නිකන් අත් අඩංගුවට පත් වෙන්නේ?

:       142       1

Raveendra Wednesday, 29 April 2020 03:03 PM

මගේ මුලික අයිතියක් වන හොරාකාපු සේරම සාධාරණිකරණය කරන්න ඉඩ නොදීම... අනිත් 224 ත් හොරා කෑවා අහිංසක මම ඌරා විතරක් මාට්ටු වුනා.. එතකොට අර යස අගේට ඉන්නේ බැංකු කාපු ඌරෝ ටිකත්, උන්ට කිසි කරදරයක් නැහැනේ. ඔය ඇවිත් පාට පාට කැට ඉදිරියේ ගම ඌරන් විදියට අහිංසකව කතා කරන්නේ.. එනිසා අනිකුත් 224ටම දෙන සහනය මටත් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

:       0       820

NishanThursday, 30 April 2020 04:06 AM

ඌරා හෝ ගවයා හෝ පොලිසියේ අභිමතයට අත් අඩංගුවට ගන්න බැහැ අධිකරණයෙන් නියෝගයක් නැතුව.....

:       119       5

RaveendraThursday, 30 April 2020 07:10 AM

අප "කිසියම් වූ තැනක සදහන් කර තිබේද දැන් හෝ මීට පෙර" පොලිසියේ අභිමතය පරිදි එක එක්කෙනාව අත්අඩංගුවට ගත යුතුයි කියා....???

:       1       32

RaveendraThursday, 30 April 2020 07:29 AM

නිතිය නිසිලෙස " අප රටේ මිට පෙර සිට ක්‍රියාත්මක වුවා නම් දියවන්නාවේ වල් ඌරන් 225ම මේ වනවිටත් ඇතුළේ.

:       1       31

Oshan Wednesday, 29 April 2020 03:06 PM

චන්දෙ කිට්ටුයිනෙ... ටික දවසකට ඇතුලට දාල චන්දෙන් පස්සෙ ආයෙත් එලියට ගන්නවා. අපේ මෝඩ සිංහලයො ආයෙත් රවටනව. ඕක තමයි වෙන්නෙ....

:       859       538

athuraThursday, 30 April 2020 03:41 AM

ඔය කතාව ඇත්ත.අර හොර ආණ්ඩුව හදපු වෙලාවේ එස්.බී කතාකරන කොට දේශප්‍රේමී වුනා නම් මේ කිසි කරදරයක් නැහැනේ.

:       0       3

chandima Wednesday, 29 April 2020 03:14 PM

මාර කෙළියක්නේ.. ජනතා මුදල් වලින් ජෝගි නටල මදිවට එව්වට දඬුවම් දෙන්න තියෙන ආයතනයටම කියනවා එව්වගෙන් ඒ දඬුවම් වලින් මුදවන්න නියෝග දෙන්න කියල. දාන්න තියෙන්නේ හිරේට නොවෙයි කොරෝන කාරයෝ ඉන්න කාමරේකට.

:       0       432

Ruwan R Wednesday, 29 April 2020 03:16 PM

ඔවා අපි කළොත් විතරද අත්අඩංගුවට ගන්න පුළුවන්...? මොනවද මෙ ගොල්ලන්ට විතරක් තියන මූලික අයිතිවාසිකම්?

:       0       332

Prase Wednesday, 29 April 2020 03:20 PM

හරිම විනෝදයි...

:       0       101

nima Wednesday, 29 April 2020 03:34 PM

ගෝඨා අයියාගෙන් උගත් පාඩමකි.

:       18       456

Hafeel Wednesday, 29 April 2020 08:25 PM

හරියට හරි. එයා තමයි මේවා උගැන්නුවේ.

:       2       14

janahitha UAE Wednesday, 29 April 2020 03:37 PM

ඔබ ඉගෙන ගත්තේ මොරටුවේ... ඔබ සිංහල දෙමල මුස්ලිම් සියලුම ජාතින් සමග එතන අද්‍යාපනය ලැබුවේ ඔබ මේවට කිසිසේත්ම සම්බන්ද නොවෙන බව සිසුන් දන්නවා. අත්අඩංගුවට පත් වන්නේ වැරදි කලා නම් පමණි... ඕවා පසෙක දමා දැන් මේ තියෙන ප්‍රශ්නය ජිවිත රැකගන්න මූලිකත්වය ගන්න... මේ සඳහා සංවිධාන ශක්තිය පන්නරය මොරටුවෙන් ඔබට ලැබී ඇති නිසා බැවිනි...

:       724       583

NuwanThursday, 30 April 2020 05:57 AM

මොරටුවේ ඉන්නේ හරක් මස් කන ඌරෝද?

:       17       71

NishanFriday, 01 May 2020 12:39 AM

වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට නොගිය අයට මොරටුව කිව්වම මතක් වෙන්නේ වඩු මඩු විතරයි.

:       0       0

Lebbe Wednesday, 29 April 2020 03:45 PM

අත් අඩංගුවට ගන්න නෙවේ, වහා හිස ගසා මරා දැමිය යුතුයි...

:       128       745

Kumar Wednesday, 29 April 2020 03:50 PM

නඩුව සලකාබලන කාලයතුල තාවකාලිකවත් බොරු ලෙඩක්වත් අරගෙන සිංගප්පුරුවට ගියොත් හොඳ නැද්ද?

:       0       194

BamunuarachchiFriday, 01 May 2020 02:57 AM

හැම දාම සිංගප්පුරුවේ ඉන්න පුළුවන් ...

:       0       0

අනේද kiyyanne Wednesday, 29 April 2020 04:02 PM

අර විල්පත්තු කැලේටත් කතා කරලා කියන්න පුළුවන් නම් මූලික අයිතිවාසිකම් ගැන.... මේ politicco අත ලගින් ඇසුරු කළ පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් අතින් මැරිලා ගිය අහිංසක මිනිසුන්ටත් කතා කරලා කියන්න පුළුවන් නම් මූලික අයිතිවාසිකම් ගැන.... මට නම් මතක් වෙනකොටත් කඳුළු එනවා...

:       3       531

NishanThursday, 30 April 2020 04:12 AM

විල්පත්තු කැළේ දැන් එළි කරන අයව අත් අඩංගුවට ගන්න ඕන නැද්ද? විල්පත්තු කැලේ බාර දුන්න අයව අත් අඩංගුවට ගන්න ඕනා නැද්ද එතකොට? පාස්කු බෝම්බ ගහන්න ඉඩ දීලා වගකීම් පැහැර හැරපු නායකයාව අත් අඩංගුවට ගන්න ඕන නැද්ද එතකොට? එයාලා එළියේද ඉන්න ඕනේ?

:       69       130

ධම්ම Wednesday, 29 April 2020 04:02 PM

මෙවන් මුලික අයිතිවාසිකම් සාමාන්‍ය ජනතාවට නැද්ද? මේ අයිතිවාසිකම ඉල්ලන්නේ මැති ඇමතිවරු පමණයි.

:       0       368

BamunuarachchiThursday, 30 April 2020 02:15 AM

තියෙනවා .., නමුත් ඉල්ලන්න ඇති...ඒකයි ප‍්‍රශ්නය...

:       0       1

Bamunuarachchi Wednesday, 29 April 2020 04:33 PM

අපිත් මෙච්චරකල් බලාගෙන හිටියේ ඔයටික වෙනකම්... ඔක නොකෙරුණොත් අපි ඉදලා වැඩක් නැහැ. කොහොමහරි අත්අඩංගුවට පත්වෙන්න ඔනෙ...

:       71       480

RaveendraThursday, 30 April 2020 04:06 AM

කෑවත් හොරා කෑවේ ඔබගේ සල්ලි විතරයිද ? අමතක උනා. ඒ ඔක්කොම මහජන මුදල් නේද .? ගම් ඌරන් ,වල්ඌරන් 225 යහමින් හොරා කෑවානේ. ඔහෙලට පිස්සුද මංවගේ වල් ඌරෙක් පමණක් ගන්නේ.

:       2       81

NishanThursday, 30 April 2020 04:09 AM

එක එක්කෙනාගේ ආසාවල් ඉෂ්ඨ කරන්න නීතිය බැඳිලා නැහැ.

:       1       23

RaveendraThursday, 30 April 2020 07:25 AM

සහතික ඇත්ත. නමුත් පොදුවේ මහජනතාවගේ අභිවෘද්ධිය, යහපත් පැවැත්මට සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් නම් ක්‍රියා කිරීමට නිතිය බැදී තිබෙනවා නොවේද ?

:       1       1

BamunuarachchiFriday, 01 May 2020 02:55 AM

රටක නීති හැදෙන හැටි දන්නවාද? ෂර්යා නීති හැදී තිබෙන හැටි දන්නවාද?

:       0       0

බඳු ස,,,ස,, සමරසිංහThursday, 30 April 2020 05:04 AM

මං හිතුවේ කොරෝනා හැදිලා IDH කියලා. සද්දේ නැති නිසා. දැන් සැපද?

:       0       23

ජනිත් Wednesday, 29 April 2020 11:46 PM

කට්ටි පැන පැන ඉදලා අපිට යන්තම් අවුරුදු ගානක් බලන් ඉදලා ආපු අවස්ථාව. අත්අඩංගුවට ගන්නම ඕන. නැත්නම් කරපු අපරාධ ඔක්කොම යට ගහනවා. "කරන කලට පව් මිහිරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ". මේක ලෝක ධර්මය...!

:       2       24

chinthana Thursday, 30 April 2020 03:56 AM

එතුමා කොච්චර ජාතිවාදය පි‍ටුදකිනවද කියනවානම් මෙච්චර මුස්ලිම් පෙරකදෝරුවෝ ඉන්න රටේ නඩුව බාරදීලා තියෙන්නේ සිංහල පෙරකදෝරුවෙකුටනේ.

:       0       30

BamunuarachchiFriday, 01 May 2020 02:59 AM

මුස්ලිම් කියා ජාතියක් නොමැත... තිබෙන්නේ ආගමක් පමණයි. එමනිසා මුස්ලිම් ජාතිකයින් කීම වැරදී... මුස්ලිම් ආගමිකයින් කියන්න.

:       0       0

සේන Thursday, 30 April 2020 04:23 AM

පිරිිබාහරන්ටත් තමන්ව අල්ලන්න එපා කියලා පෙත්සමක් දෙන්න තිබ්බා නේද ?

:       0       11

jayath Thursday, 30 April 2020 04:34 AM

අර මොරටුවේ කියලා අන්තවාදීන්ට සුදුහුණු ගාන මහත්තයට මම කියන්න කැමතියි ඒ මහත්තයා විතරක් නෙමෙයි මොරටුවේ ඉන්නේ කියලා. මොකද මොරටුව කියන්නේ චිරාත් කාලයක් සිංහල දෙමළ මුස්ලිම් කතෝලික බෞද්ධ ආදී මෙකී නොකී සියල්ලම සතුටින් සමාදානෙන් ඉන්න සුන්දරතම නගරයක්. මෙයා මොරටුවේ ඉගෙන ගන්න ඇති ( පාසල මොකද්ද ? අපි නම් දන්නේ නැහැ ) නමුත් මොරටු පුතෙක් නම් නෙවේ. මොකද මොරටුව මේ වගේ අය නැහැ මම දන්නා මොරටු ඉතිහාසයේ...

:       5       73

chinthanaFriday, 01 May 2020 06:51 AM

බදුර්දීන් මොර‍ටුව විශ්ව විද්‍යාලයේ එන්.ඩී.ටී ඩිප්ලෝමාධාරියෙක්. ඒ ගැන වෙන්නැති ඔය කියන්නේ.

:       0       0

Keppetipola Thursday, 30 April 2020 04:59 AM

මේ දුෂිත මිනීමරු අන්තවාදියා අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් දෙනකම් රටට ආදරය කරන සියලු ජන වැසියා විමසිල්ලෙන් සිටී.

:       29       54

Nuwan Thursday, 30 April 2020 05:55 AM

ඔහෙටත් තියෙන්නේ අර ගොයියා කරපු හැංගි මුත්තම කරන්න.දැන් කොරෝනා මර්දන සටනේ උපදේශකයෙක් කියලා පත්තර වල තිබුනා. අනේ මෙහෙමත් රටක්!!!

:       1       30

Sadun Thursday, 30 April 2020 06:11 AM

ලාබයි ලාබයි. චන්දෙ ලගයි චන්දෙ ලගයි.

:       1       163

Saman Thursday, 30 April 2020 08:41 AM

හැමෝම දන්නවා කවුද චන්දෙ දිනන්න මේවා සංවිධානය කලේ කියල... අනිත් එක ලංකාවේ මුස්ලිම් සහ කතෝලිකයන් අතර කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ලංකාවේ මුස්ලිම් සහ කතෝලික යන අය සිංහල සහ දෙමල භාෂාව හොදට හසුරුවන්න පුළුවන් අය . මේ ජනතාවගේ බොහෝ අය එකම දේශපාලන අදහස් දරන අය . අනිත් එක මේක කුමන්ත්‍රණය කරපු අයම තමයි තමන්ට රටේ ඔත්තු සේවයෙන් වගේම ඉන්දියාවෙන් ඔත්තු ලැබිලත් ඒ ගැන සද්ද නැතුව හිටියේ... දැන් ඒ ගොල්ලෝ එකම පක්ෂේ... කවුද කියල හැමෝම දන්නවනේ...

:       1       170

Kumar Thursday, 30 April 2020 03:35 PM

ඔය කියන්නේ සිරිසේන හිටපු ජනාධිපතිතුමා ගැනද?

:       0       20

AselaFriday, 01 May 2020 03:46 AM

ඵයාට තාම තුමා කියනවද ....? රට මේ තරම් අගාධයකට ඇද දැම්මෙ ඵයා තමයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 219 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 50 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 37 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 439 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 496 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 775 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site