ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය ගිනි ගැනීමේ අවදානමක් ඇති හෙයින් එය ආරක්ෂාකාරී යැයි තහවුරු කරන තෙක් ගුවන් ගමන් සඳහා ගෙන යාමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම මහජනතාවට දන්වා සිටියි.
අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති බවට එම සමාගම විසින්ම නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
ඇපල් සමාගම විසින් මෙම ඒකකය සීමිත ප්‍රමණයක් නිෂ්පාදනය කර ඇති අතර , මෙලෙස අවදානමට ලක්වූ ඒකක මූලික වශයෙන් අලෙවිකර ඇත්තේ 2015 සැප්තැම්බර් මස සිට 2017 පෙබරවාරි මස දක්වා කාලය තුළ බවද එහි දැක්වේ.
ඒ අනුව තමන් සතුව ඇති MacBook Pro උපාංගය එවැනි බලපෑමක් සිදු වී තිබේදැයි ඇපල් සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ගෙන් ඉල්ලා සිටියි.
ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ගෙන් ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවල දී මෙම උපංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ දී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන බවද ශ්‍රී ලංකා ගුවන් සේවය දන්වා සිටී.
එමෙන්ම එහි ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ නොදෙන බවද සඳහන් කරන ගුවන් සමාගම එම උපාංගයේ ආරක්ෂාකාරී බව තහවුරු කිරීම සඳහා, එහි බැටරිය යළි කැඳවීමට අදාළ පහත සඳහන් වෙබ් පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන ලෙසද දන්වා සිටියි.
https://support.apple.com/en-hk/15-inch-macbook-pro-battery-recall?pub=autodetect
+94117771979 යන දුරකතන අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැය 24 පුරා විවෘත සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් වැඩි විස්තර දැනගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
MacBook Pro බැටරිය ආරක්ෂාකාරී නැත්නම් ගුවන් ගමන් වලට එපා
Sampath Thursday, 12 September 2019 10:54 AM
මොන වික්‍රමයක්ද මේ? මම යනවා පොලීසි..